වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන් ජයතිලකගේ ‘තිනුලි’ ජනපති සුරතට

රන්ජන් ජයතිලකගේ ‘තිනුලි’ ජනපති සුරතට

ප්‍රවීණ ගායක රන්ජන් ජයතිලක මහතාගේ ගීත ත්‍රිත්වයකට අඩසියවසක් පිරීම නිමිත්තෙන් නිර්මාණය වුණු ‘තිනුලි’ සංගත තැටිය ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ උත්සව අවස්ථාවක දී පසුගියදා රන්ජයතිලක මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වන ලදී.

අඩසියවසක් පිරෙන ලද්දේ රන්ජන් ජයතිලක මහතාගේ ‘රුවන් නිදන හෙළ බිමයි’- (වික්ටර් රත්නායකයන් සමඟ), ‘සිතක පෙම්බර සිතුවිලි’- (හැංගි හොරා චිත්‍රපටය), ‘වෙලේ මඬේ’- (සුජාතා අත්නායක සමඟ) යන ගීතවලට ය. රන්ජන් ජයතිලක පොල්කට්ටට වතුර අරන්, කුඹුකේ ළිඳේ, සිතක පෙම්බර, අරලිය සමන්මල් ඇතුළු ගීත රැසක් ගයා ජනහද දිනූ ගායකයෙකි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ රන්ජන් ජයතිලක මහතා සිය ‘තිනුලි’ සංගත තැටිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වන අයුරුයි.