වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිකුරා එක්ක වටේ

සිකුරා එක්ක වටේ

සිකුරා නමැති වේදිකා නාට්‍යයක් රැගෙන සරත් දික්කුඹුර කලකට ඉහතදී රට වටා ගියා ඔබට මතක ඇති. අභාග්‍යයකට එහි රඟපෑ ඇන්ටන් ජූඩ් මිය ගියා. ඉන් පසුව සිකුරා හි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ රෙබෙකා නිර්මලී ද අප අතරින් වියෝ වුණා. මේ හේතුවෙන් සරත්ට සිකුරා නවත්වා දමන්න සිදු වුණා. සිතකින් නොවෙයි සරත් එලෙස සිදු කළේ. මේ ළඟදි දවසක සරත්ගේ මිත්‍රයෙක් ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙරටට ආවා. ඔහු සිකුරා නරඹපු රසිකයෙක්. ඒ යහළුවා යෝජනා කරලා සිකුරා යළි අරඹන්න. ඒ වගේම සිකුරා හි දෙවැනි ගමන පටන් ගන්න මිත්‍රයා මඟ විවර කරලා දීලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එළඹෙන ජූනි මාසයේ මුල් සතියේ සිකුරා යළි අරඹනවා. මේ ගමනට සරත් සමඟ ජයලාල් රෝහණ, උදයන්ති කුලතුංග, සුසිලා කෝට්ටගේ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ කුමාර වඳුරැස්ස සහභාගි වෙනවා. ඕස්ට්‍රේලියාවේ පෙන්නලා සිකුරාව රැගෙන යළිත් රට වටා යන්නයි සරත් අපේක්ෂා කරන්නේ.