වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මෙච්චර ඉඳලා ඉස්සෙල්ලාම

මෙච්චර ඉඳලා ඉස්සෙල්ලාම

සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයකු වෙච්ච චන්ද්‍රන් රත්නම් ජීවිතේ ප්‍රථම වතාවට චිත්‍රපටයක මුහුරත් උලෙළකට ගිහින් තියෙන්නේ ඊයේ පෙරේදා දිනයක කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද. කතාව ඇත්ත. ඒක විශ්වාස කරන්නම වෙනවා.

චන්ද්‍රන් රත්නම් තමන්ගේ එක චිත්‍රපටයකවත් මුහුරත් තියලා නැහැ. ඒ වගේම වෙන කාගෙවත් මුහුරත් උලෙළවල්වලට ආරාධනා ලැබිලත් නැහැ. නමුත් හදිසියේම සේනක විජේසිංහ ඔහුට කතා කරලා. ඒ ඔහුගේ නවතම සිනමාපටය වන ආදරණීය අමන්දා හි මුහුරත් උලෙළට ආරාධනා කරන්න. ඒ ආරාධනාව බොහොම ආදරයෙන් පිළිගෙන සේනකගේ මුහුරත් උලෙළට චන්ද්‍රන් රත්නම් සහභාගි වුණාලු. ඒක තමයි ඔහු ගිය පළමු සිනමා මුහුරත් උලෙළ.