වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




දේදුනු ආකාසේ හද මැවුණේ ආදරය කරන්නයි

දේදුනු ආකාසේ හද මැවුණේ ආදරය කරන්නයි

දේදුනු පායා පාට වැටෙනුයේ ආකාස තලයේයි සොඳුරු යෞවනයේ දේදුන්න ද එහෙමය. සමුද්‍ර සහ විහඟි උසස් අධ්‍යාපන ආයතනයක එකට ඉගෙනුම ලබන දෙදෙනකි. සමුද්‍ර ධනවත් යුවළකගේ බාලම පුතුය. ඔහු වංශවත්ය. ඔහු ඉතාමත් දඟකාරය. විහඟි සම්ප්‍රදායක නැටුම් ගුරුවරයෙකුගේ දියණියකි. හැදෙන්නේ තම පියාණන්ගේ සෙවණේය. තාත්තාගේ මුළු ජීවිතයම වන්නේ ඇයයි. ඇගේ මව මිය යාමත් සමඟ ඔහුගේ ජීවිතය ඇය වෙනුවෙන්ම කැප කරන නිසාවෙනි. විහඟියි සමුද්‍රයි නැටුම් සහ කලා විෂයන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන් දෙදෙනකු වන අතර දෙදෙනාම බටහිර සහ සාම්ප්‍රදායික නැටුම් කලාව මනාව ප්‍රගුණ කරමින් සිටින දීප්තිමත් ශිෂ්‍යයන් දෙදෙනෙකි. ඔවුන්ගේ සරසවි ජීවිතයේ අන්තිම සති කිහිපය ගතවන්නේ අන්තර් උසස් අධ්‍යාපන ආයතන රංගන තරගාවලිය සඳහායි.

එහිදී විහඟිගේ නර්තනයේ සාමාජිකාවක් පුහුණුවකදී තුවාල ලබන අතර, ඇයට මාස කිහිපයකටම නර්තනය තහනම් වේ. ඔවුන් මැදි වන්නේ විශාල ගැටලුවකටයි. ඒ අතර විහඟිට තම නවාතැන් මිතුරිය ලෙස හමුවන පවනි ඉතාමත් දක්ෂ නර්තනයක යෙදෙනවා අහම්බෙන් දක්නට ලැබේ. ඇයව විහඟි තම නැති වූ සාමාජිකාවගේ අඩුව පිරවීමට තම කණ්ඩායමට හඳුන්වා දෙයි. ඇය එක් වසරකින් බාල වුවත් ඔවුන්ගේ ගුරුවරයා ඇයව කණ්ඩායමට බඳවා ගනී. එයට සමුද්‍ර විරුද්ධ වන්නේ තම වසරේ අයට එය අසාධාරණයක් බව පවසමින්ය. එහෙත් විහඟිගේ මැදිහත්වීමෙන් ඇය අවසානයේ තෝරාගනු ලබයි.

විහඟි තම හදවතින්ම ආදරය කරන්නේ සමුද්‍රටයි. සමුද්‍ර, විහඟිගේ හොඳම මිතුරා ද වේ. සමුද්‍රට, විහඟි හොඳම මිතුරිය වන නමුත් ඔහු විහඟිට ආදරය ප්‍රකාශ නොකරයි. මන්ද ඔහු තම පවුලට මෙය නොගැළපෙන සම්බන්ධයක් ලෙස දෙමව්පියන් සලකන බව දන්නා බැවිනි. එහෙත් විහඟිට සමුද්‍ර ගැන ඇරෙන්න වෙන කෙනෙකුට ආදරයක් නොසිතේ. නමුත් සමුද්‍ර පවනිට කැමති වන්නේ විහඟිගේ ආදරය ඔහු වටහාගෙන නොමැති නිසයි. විහඟිත් සමුද්‍රත් උසස් අධ්‍යාපන ආයතනයෙන් සමුගෙන ගියත් විහඟිගේ ජීවිතය සමුද්‍රගේ ආදරයත් සමඟ ගෙවා දැමීමට ඇය තීරණය කරයි. ඔවුන් අවුරුදු 8 කට පසුව යළි හමුවන්නේ සියලු දෙනාගේ ජීවිතවලට විශාල බලපෑම් ද ඇති කරමිනි.

තිදෙනෙකුගේ ආදරය හරහා ගොඩ නැඟෙන අති සංවේදී ආදර කථාවක් ඔස්සේ දෙදුනු අකාසේ කතාව විකාශනය වේ.

     

කාර්මික ශිල්පීන්  

අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කොළඹගේ

නිෂ්පාදනය - ස්වරණවාහිනී / ඊ ඒ පී මාධ්‍ය ජාලය

තිර රචනය - තාරක හේරත් දමුනුමුල්ල / ප්‍රියන්ත කොළඹගේ

කැමරා අධ්‍යක්ෂණය - රංග එස්. බණ්ඩාර

සංස්කරණය - මේඝ කාවින්ද කොළඹගේ / ඉන්දික තුෂාර සුරවීර

පසුබිම් සංගීතය - චිත්‍රාල් සෝමපාල

පසුබිම් ගීත - චිත්‍රාල් සෝමපාල / උදාර සමරවීර

ශබ්ද සැලසුම්කරණය - සසික රුවන් මාරසිංහ

දෙබස් පටිගත කිරීම සහ ග්‍රැෆික් නිර්මාණය - ඩිරාන් විජයසිංහ

සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

කලා අධ්‍යක්ෂණය - මංගල ප්‍රනාන්දු

අංග රචනය - නලින් ප්‍රේමතිලක

නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න

නිශ්චල ඡායාරූප - මේඝ කාවින්ද කොළඹගේ

කලර් ග්‍රේඩින් - මේඝ කාවින්ද කොළඹගේ

ගීත රචනය - උපුල් ශාන්ත සන්නස්ගල / නන්දන වික්‍රමගේ / ප්‍රියන්ත කොළඹගේ

ඇඳුම් නිර්මාණය - ජානක උල්ලඳුපිටිය

රේඛීය නිෂ්පාදන - පාලිත තෙන්නකෝන් / රුවින් මාලදෙනිය

රංගන ශිල්පීන් - හේමාල් රණසිංහ

ශනෙල් ප්‍රනාන්දු

චුලක්ෂි රණතුංග

සහෙළි සඳිත්මා

ජයලත් මමෝරත්න

ශ්‍රියානි අමරසේන

ප්‍රියන්කර රත්නායක

මයික් ප්‍රනාන්දු

කුමාර ජයකාන්ත

දසුන් ද සිල්වා