වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය ඇරැඹෙයි

රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය ඇරැඹෙයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශන මණ්ඩලය මලින් සංවිධානය කරන 2017 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළ 15 වැනිදා මරදාන ටවර් රඟහලේ දී ආරම්භ විණ.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට දිගු නාට්‍ය 10ක්, හා කෙටි නාට්‍ය 14ක් තේරී ඇති අතර 15 වැනිදා සිට 28 වැනිදා දක්වා කෙටි නාට්‍ය පස්වරු 5.30ටත්, දිගු වේදිකා නාට්‍ය පස්වරු6.30ටත් වේදිකා ගතවෙයි.

ඒ අනුව 16 වැනිදා - අඛිල සපුමල්ගේ 'ගිරිකූඨ කාශ්‍යප', 17 වැනිදා - රාජිත දිසානායකගේ 'නැතිව බැරි මිනිහෙක්', 18 වැනිදා - සමන් සොයිසාගේ 'මීඩියා', 19 වැනිදා - ලෙ.ප. සරත් රණතුංගගේ 'මා ඝාතෝ', 20 වැනිදා - එස්. අයි. සමරක්කොඩිගේ 'ලව් ඇන්ඩ් ලයිෆ්', 21 වැනිදා - ප්‍රියංකර රත්නායකගේ 'ප්‍රේමවන්ත කුමාරයෝ', 22 වැනිදා - විජිත් නුවන්ගේ 'සිල්ගත් බිල්ලෝ', 23 වැනිදා - අනුර විතානාච්චිගේ 'මාරහොරු', 24 වැනිදා - එම්.සුරින් චාමර මෙන්ඩිස්, නිෂාදි පලන්සූරියගේ ර්ප.ඹ හෙවත් අත්නායකගේ අවසන් දවස්' යන දිගු නාට්‍යත්, ‍

25 වැනිදා මතු වික්‍රමසිංහගේ 'අධිශිතකරණ', ඒ. ප්‍රසාන්ත්ගේ 'ආර්ත්නම්', නිමේස්පතිරණගේ 'මිඩ්නයිට් ඩ්‍රීම්', ඩබ්. විමල් පෙරේරාගේ 'එම්බාම්', 26 වැනිදා - සමන්ත පරණලියනගේගේ 'කිරි අම්මාඅවතාරය', එම් කාලිදාසගේ 'තෝලන්', ප්‍රදීප් සම්පත්ගේ 'ආණ්ඩුවේ රස්සාව', 27 වැනිදා - සචිත්‍ර රාහුබද්ධගේ 'සිංහ සේයා', ජේ. ඒ. ඩොමින් රෙජි නෝල්ඩ්ගේ 'තව්පින් තේඩාල්', ආර්. සුදර්ශන ක්‍රිශාන්තගේ 'ස්වර්ණ භූමි', 28 වැනිදා - ආනන්ද චන්ද්‍ර කුමාරගේ 'ලද ලබ', එස්. කර්තිකේසුගේ 'කලාරියන්දු කරුවාරෙයි', දේවින්ද වික්‍රමසිංහ‍ලේ 'මම අඩකුඹයි', එම්. කේතීස්වරන්ගේ 'මැජික් බොක්ස්' යන කෙටි නාට්‍ය ද වේදිකා ගතවෙයි.


විමල් ජේ. සාගර මියයයි

ගායන ශිල්පී විමල් ජේ. සාගර අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න සහ තබ්ලා වාදක, ගායක විමල් ජේ. ශ්‍රියාරත්නගේ සොහොයුරා වූ ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු ද විය. බලා උන්න දෑසේ, කුඳුළැලි පිරිලා, මාමේ මූ මීමා, මේ කොතනින් ගෙනා ගොනා, තරහා අවසර ගන්න එපා, අහසේ තරු ගනින්න වෙයි ද (බඩුත් එක්ක හොරු) මා මිණි මාමිණිමා දෙයියා (හිතක පිපුණ මල්) සක්වල ලෝකයක් කළා (සිහින හතක්) විමල් ජේ. සාගර ගැයූ ගීත අතර වේ. 1933 අප්‍රේල් මස 27 උපන් ඔහු මියයන තුරුම පිටකොටුව සාගර ටේලර්ස් නමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය.


සිරි කුලරත්න මියගොස් තෙමසයි

ප්‍රවීණ සිනමාවේදී සිරි කුලරත්න අභාවප්‍රාප්ත වී තෙමසක් ගතවීම නිමිත්තෙන් තෙමස් පින්කමක් අද (16) කුරුණෑගල නිවසේදී පැවැත්වෙයි. ඔහුට ආදරය කරන සියලු දෙනාට එහි පිවිසෙන්නැයි පවුලේ සැම ආරාධනා කරති.


කේරළ සිනමාකරු අනිලා හමුවන්න

මලයාලම් චිත්‍රපටයක් වන Orazhcha (A Week) පෙබරවාරි 22 වැනිදා පස්වරු 6.00ට ICC ශ්‍රවනාගාරයේදී තිරගත කෙරේ. එහිදී ර්‍ණපචලඩජඩච අධ්‍යක්ෂිකා එස්. කේ අනිලා සමඟින් හමුවක්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානර කර ඇත. මෙම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සහිතව විනාඩි 93ක් පුරා දිවෙයි.

Orazhcha අනිලාගේ කුලුඳුල් සිනමා කෘතිය වන අතර පසුගිය වසරේ යාපනය සිනමා උලෙළේදී එහි මංගල දර්ශනය පැවැත්විණි. කේරළයේ ජීවත්වන මධ්‍යම පාන්තික යුවළක් සතියක් පුරා තම ජීවිතය ගත කරන ආකාරය Orazhcha ඔස්සේ දිගහැරේ.

සොඳුර රාත්‍රිය ගී ප්‍රසංගය ගම්පහදී

ආදරය තේමාකර ගනිමින් පනහ, හැට, හැත්තෑව, අසූව දශකවල මතකයේ රැඳුණු සුභාවිත ගීත රැසක් ගයන ‘සොඳුර රාත්‍රිය’ ගී ප්‍රසංගය මේ මස 18 වැනිදා පස්වරු 6.00ට ගම්පහ බණ්ඩාරනායක විදුහල් රංග ශාලාවේදී පැවැත්වෙයි. සොඳුරු ගීත රැසක් දායද කළ අතුල සෝමසිරි, ලාලනි සෝමසිරි ප්‍රවීණ ගායක යුවළ විශේෂ ඇගයීමට ලක්කරන මේ ප්‍රසංගය සිව්වැනි වරටත් සංවිධානය කරන්නේ දිවිසෙත ආයතනයයි.


දානය නිර්වාණාවබෝධය පිණිස ද එළිදකියි

මතුගම, බෝපිටිය සිරිඉන්ද්‍රසභා පිරිවෙණෙහි පරිවේණාධිපති මගුරේ සුමේධ හිමියන් සම්පාදනය කරන ‘දානය නිර්වාණාවබෝධය පිණිස ද අලුත් ම බෞද්ධ ග්‍රන්ථය මේ මස 21 වැනිදා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි.


යශෝමන්දිර ගුවන්විදුලි නාට්‍ය එෆ්. එම් දෙරණින්

‘යශෝමන්දිර‘ ගුවන්විදුලි නාට්‍ය සෑම ඉරිදාවකම රාත්‍රි 7.00 සිට 9.00 දක්වා එෆ්. එම් දෙරණ නාලිකාවෙන් විකාශය කෙරේ. සුනන්ද සිල්වා රචනා කරන එය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක ආනන්ද පුංචිහේවා විසිනි. කමල් දේශප්‍රිය, සන්ධ්‍ය රඹුක්කනගේ, කුසුම් පීරිස්, නයනා ජයතිලක, හිලේරියන් පෙරේරා, බුද්ධික රොෂාන්, බුද්ධික බන්ධුජීව, ගීතානන්ද සිරිවර්ධන, චාතුර්යා සංජානි, සුභාෂි නදීකා, චන්දන ඉරුගල්බණ්ඩාර සහ ඉන්දික ජයසිංහ ‘යශෝමන්දිර‘ ගුවන්විදුලි නාට්‍ය වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙති. ‘යශෝමන්දිර‘ හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ ඉදිරිපත් කිරීමකි.


මන සුවයට ‘රිද්මාංජලී-සත්සර මියැසිය‘ ළමා ගී ප්‍රසංගය

කුලියාපිටිය මූලික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ ‘මන සුව සවිය ‘ සංසදයට ආධාර පිණිස ‘රිද්මාංජලී - සත්සර මියැසිය‘ ළමා ගී ප්‍රසංගය පෙබරවාරි 21 වැනිදා කුලියාපිටිය නගර ශාලාවේදී පැවැත්වේ.