වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගාන්ධර්වයන්ට 75යි

සනත්-වික්ටර් ගාන්ධර්වයන්ට 75යි

“මම කිසිම දිනයක උපන් දිනයක් ගැන තැකීමක් කරන්නේ නැහැ. දන්න කියන අය පැමිණ සුබ ප්‍රාර්ථනා කරනවා. උපන් දිනයක් උදාවීම සමහර අයට සතුටට කාරණාවක් වුණත්, මා ඒ දෙපැත්ත ගැන ම කල්පනා කරනවා. එකක් උපන්දිනයට සුබ පැතීම සතුටට කාරණයක්. ඒ වගේ ම උපන්දිනය ලබනවා කියන්නේ එක්තරා විදියට වයස ගෙවීයෑමක්. එන්න එන්න ම අප මරණයට ළං වීම කියන්නේ සතුටු විය යුතු කාරණයක් නොවෙයි.

එදත් හරියට ම මීට වසර හැත්තෑවකට පෙර ඊයේ වගේ දවසක්. ඒ කියන්නේ නවම් මාසයේ 15 වැනිදා. සුපුරුදු විදියට සනත් නැඟිටලා නිදි ගැට කැඩුවා. නිවෙසේ වෙනදා නැති කලබලයක්. ඒත් එක්කම වගේ ආව කිරිබත් ඉඳෙන සුවඳ. ඒ සුවඳ ඔහුව අරගෙන ගියේ මුළුතැන්ගෙයට. සනත්ගේ අම්මා දෝන අමලින් ගජරාමෙට වැඩ. මේසේ උඩ තබාගෙන කෙසෙල් කොළෙන් තවමින් කිරිබත් කපනවා. සුදුවන් පැහැයෙන් බබළන කිරිබත් දකින විට සනත්ගේ කටට කෙළ උනන්නේ ඉබේට ම.

“ආ ..... පුතා නැඟිට්ටද?”

දෝන අමලින් කිරිබත් දිහාම බලාගෙන ඉන්න සනත් පුතාව දැක්කේ ඒ වෙලාවේ.

“ඔයාගේ උපන්දිනයට මම ඔයා ආසම කිරිබත් ඉව්වා. මූණ හෝදගෙන එන්න.”

අම්මා කිව්වේ උපන්දින බබාට. සනත් දිව්වේ ඉක්මනට අනෙක් හැමෝටම ඉස්සෙල්ලා උදේ කෑමට වාඩි වෙන්න මුහුණ සෝදගන්න හිතාගෙන. ඒ වගේ ම අලුත් ඇඳුමක්. ඉහවහා ගිය සතුටෙන් අලුත් ඇඳුම ඇඟලා ගත්ත මේ කොලු පැටියා හදිස්සියෙන් වගේ දිව්වේ කෑම මේසයට. අද කෑම මේසය බොහොම සරුයි. පිඟානක තිබුණු කොණ්ඩ කැවුම් ගෙඩියක් සනත්ට ඔච්චම් කළා. කහඅත්තක් පොරවාගත්ත වගේ ඉන්න කෙසෙල් ඇවරිය ඔහුත් එක්ක සිනා සුණා. ඒ වුණාට සනත්ගේ අත නැවතුණේ සුඳට සුදේ දිදුලමින් ලස්සනට කොටු කොටු කෑලි කපලා තිබෙන කිරිබත් පිඟාන අසල.

“මම මේ කිරිබත් හැදුවේ සනත් ආසා නිසාමයි”

දෙදහස් දාහත වසරේ හැත්තෑපහ ලබන දවසේ මේ නවම් මාසයේ 15 වැනිදා ඒ විදියට පැවසුවේ සනත්ගේ ආදරණීය බිරිය මල්කාන්ති. එදා වගේ ම සනත්ගේ මුවඟ නැඟුණු සිනාව කට දෙකොණට ම විහිඳුණේ අතීතය මතක් වෙලා වගේ.

“මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි”

ඔබ බෙහෙවින් ආදරය කරන මේ සොඳුරු කෝකිලයාණන්ගේ හැත්තෑ පස්වැනි උපන්දිනය යෙදුණේ ඊයේ. ඒ වෙනුවෙනුයි ඔහුගේ ආදරණීය බිරිය මල්කාන්ති නන්දසිරි මේ තරමට මහන්සි වුණේ.

“ඔබගේ මේ ලබන හැත්තෑ වැනි උපන්දිනය ඒ අතීතය මතකයට නඟනවද?”

“අපේ පවුලේ පස්දෙනෙක්. අපේ පස්දෙනාගේ ම උපන්දිනවලට අම්මා හැමදාමත් බොහොම ලස්සනට කෑම මේසයක් සූදානම් කරනවා. අපි හැමෝටම අලුත් ඇඳුම් මහනවා. මම කිරිබත්වලට කැමති නිසා අනිවාර්යයෙන් ම මගේ උපන්දිනය දවසට අම්මා කිරිබත් හදනවා ම තමයි. ඒක බොහොම රස කිරිබතක්. මේ කිරිබත් සුවඳ එන විට මගේ මතකයට එන්නේ අම්මාගේ අතින් හදන සුවඳ හමන කිරිබතයි.”

එහෙම පවසා සනත් නන්දසිරි නම් මහා ගාන්ධර්වයා නුගේගොඩ ඇඹුල්දෙණියේ පිහිටි ඔහුගේ නිවෙසේ සුවපහසු අසුනක හරිබරි ගැසුණා. ඒත් සමඟ ම අප අතර පැවතුණේ නිහඬතාවක්. ඒ නිහඬතාව මට කිව්වේ ඔහුගේ සිත අතීතය දෙසට සක්මන් කළ බවක්.

ගොතටුව ගම් ප්‍රදේශයේ ඉපදුණු සනත් නන්දසිරි කුඩාවියේ පටන් ම ඉගෙන ගන්න වගේ ම සංගීතයටත් බොහොම හපනෙක්. ගායකයකු වනවාටත් වඩා ඔහුට උවමනා වුණේ තබ්ලා වාදකයකු වන්න. ඒ නිසයි ඔහු ඩී. ආර්. පීරිස් යටතේ තබ්ලා වාදනය හදාරන්නේ. සංගීතයට බෙහෙවින් ප්‍රිය කළ සනත්ගේ පියා ඔහුව ඉන්දියාවට යවන්නේ වැඩිදුර සංගීතය ඉගෙන ගන්න. එහි අධ්‍යාපනය අවසන් කරන ඔහු තමන්ගේ මව් රටට එන්නේ 1965 වසරේ. ඒ තබ්ලා හා ගායන විශාරද උපාධියත් දිනාගෙන. තමන්ට ලැබෙන සංගීත උපදේශක තනතුරත් සමඟ උහන මහා විද්‍යාලයට යන සනත් නැවතත් කොළොම්පුරවරයට පිවිසෙන්නේ රජයේ සංගීත විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරට. එතැනින් ආරම්භ කළ ඔහුගේ ගුරු භූමිකාවේ සනත් අද ඉන්නේ ඉහළ ම ස්ථානයේ. ඒ කියන්නේ ඔහු අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති. එහෙම වුණත් ඔහු අදටත් සුපුරුදු ලෙස අපට මුණ ගැහුණු සංගීත් නිපුන් සනත් නන්දසිරි නම් නිහතමානී මිනිසා.

“ජීවිතේ ගැන මොන වගේ හැඟීමක් ද ඔබට දැනෙන්නේ?”

“මම කිසිම දිනයක උපන් දිනයක් ගැන තැකීමක් කරන්නේ නැහැ. දන්න කියන අය පැමිණ සුබ ප්‍රාර්ථනා කරනවා. උපන් දිනයක් උදාවීම සමහර අයට සතුටට කාරණාවක් වුණත්, මා ඒ දෙපැත්ත ගැන ම කල්පනා කරනවා. එකක් උපන්දිනයට සුබ පැතීම සතුටට කාරණයක්. ඒ වගේ ම උපන්දිනය ලබනවා කියන්නේ එක්තරා විදියට වයස ගෙවීයෑමක්. එන්න එන්න ම අප මරණයට ළං වීම කියන්නේ සතුටු විය යුතු කාරණයක් නොවෙයි. උපන්දිනයට මෙතෙක් ගත කළ ජීවිතය සතුටු දායක ද? සාර්ථක ද? මගේ අතින් සමාජයට, රටට වැඩක් සිදු වුණා ද? කිසියම් සේවාවක් සිදු වුණා ද? කියලා සිතලා මට සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතයේදි අධ්‍යාපනය ලබා උගන්වන්න වුණු කාලයේ සංගීත ක්ෂේත්‍රයට කළ සේවයට අමතරව මේ රටට කරන්න තවත් දේවල් තිබෙනවා. ඒ ටික සම්පූර්ණ කරන්න තිබෙනවා කියලා දැනෙන විට මට තව තවත් ජීවත් වෙන්න ඕන කියලා හිතෙනවා.”

මේ වනවිට ඔහු ලැබිය යුතු බොහෝ දේවල් ලබන්නට තරම් පින්වන්තයෙක්. රජයේ සෞන්දර්ය විද්‍යාලයෙන් ආරම්භ කළ ගමන සංගීත් නිපුන් තත්ත්වයේ පටන් කථිකාචාර්යවරයකු, මහාචාර්යවරයකු, අංශාධිපති, පීඨාධිපති, මහාචාර්යවරයකු, කුලපති යන ගමන දක්වා පැමිණියෙක්. මේ ක්ෂේත්‍රයේ ඒ සා දුරක් ඒ විදියට ආව එක ම කෙනා වන්නෙත් සනත් නන්දසිරිමයි. ඒත් ඔහු තවමත් සිතන්නේ තමන්ගෙන් රටට, සංගීත ක්ෂේත්‍රයට සිදු විය යුත්තේ කුමක්දැයි යන්න. ඒ සඳහා ශක්තිය තවමත් ඔහු අසල තිබෙන බවකුයි ඔහු සිතන්නේ.

“ඉදිරියේදී තවත් මොන වගේ දේවල් ද ඔබට කිරීමට ඉතිරිව ඇත්තේ?”

“කුලපති විදියට, මගේ විෂය ක්ෂේත්‍රයට විෂය ධාරාවට තවත් බොහෝ දේ කළ යුතුයි. ඊට අමතරව මේ දවස්වල මා පොතක් ලියනවා. ඒ ඉන්දියාවේ ගාන්ධාර උපාධිය ඉගෙන ගෙන අපේ රටට ආවට පස්සේ ජීවිතය ගැනයි. ඒ අතර මගේ ජීවිත කතාවත් ලියැවෙනවා. එය ලියන්නේ යාපා බණ්ඩාර සෙනෙවිරත්නයි. මේ සෑම දෙයකට වෙනස් වූ මා ලියන අනෙක් පොත වන්නේ මා ඇසූ හා දුටු විකට කතා එකතුවක්. මේ සෑම දෙයකට ම අමතරව දරුවන් පිරිසකට තවමත් මා උගන්වනවා. තවමත් මා ප්‍රසංග වේදිකාවේ ගී ගයනවා. ඒ මට ආදරය කරන රසිකයන් වෙනුවෙන්.”

තවමත් රසිකයන්ට බොහෝ ආදරය කරන සනත් නන්දසිරි නම් සොඳුරු කෝකිලයාගේ උපන්දිනය දවසේ සිදු වුණේ නොසිතුව දෙයක්. ඔහු එදා බලාගෙන සිටියේ ජානකී හිල් කියන සිය ගෝලයාගේ දරුවන් වෙස් බඳීන වෙස් මංගල්ලයේ ආරාධිත අමුත්තා විදියට සහභාගි වෙන්න හිතාගෙන. මෙන්න ඒ ස්ථානයට ගිය විටයි වෙනස් ම දෙයක් සිදු වන බව වැටහුණේ.

“ඇත්තට ම මොකක් ද සිදු වුණේ?”

“මගෙන් ඉගෙන ගන්න ළමයිනුයි, දුවගේ පන්තියේ ළමයිනුයි එකතු වෙලා මා වෙනුවෙන් සැමරුමක් සූදානම් කරලා. ඔවුන් වේදිකාවේ ගී ගැයුවේ මා වෙනුවෙන්. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ තිබුණු මේ සැමරුම් උත්සවයට ඒ ළමයින් වගේ ම ඒ අයගේ මවුපියන් හා දන්න කියන කිහිපදෙනෙකුත් ඇවිත් සිටියා. ඇත්තට ම මා ඒ සිදු වුණු දේ ගැන පුදුමයට පත් වුණා. ඊට කලින් මමවත්, මල්කාන්තිවත් ඒ ගැන දැනගෙන සිටියේ නැහැ.”

ඔවුන් මහාචාර්ය සනත් නන්දසිරිව පුදුමයට පත් කළේ ඒ විදියට. ඒ උත්සවය ගැන දැන ගත්ත කෙනෙකුත් ඒ පවුලේ සිටියා ඒ දූ අනුරාධා.

“ඒ සැමරුම් උත්සවය ගැන තාත්තා එතැනට යනතුරු දැනගෙන සිටියේ නැහැ. ඒ ළමයින්ට උවමනා වුණේ කිසිමදෙයක් නොදන්වා තාත්තාව පුදුමයට පත් කිරීමටයි. ඒ දේ සිදු වුණා.”

අනුරාධා කියන්නේ සිනහ පිරුණු දෙනෙතින්. ඒ සිනහව අතරින් මතු වුණේ තේ බන්දේසියක් අතින් ගත්ත මල්කාන්ති අක්කා. කවදත් ආගන්තුක සත්කාරයට බොහොම ප්‍රිය ඈට අද වගකීම් රැසක් පැවරිලා. ඒ අද උදේ ඉඳලා නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න.

“මම ඉතිං මෙතෙක් කල් කැපවුණේ සනත් හා දුව වෙනුවෙන්. ඒ කටයුතු ඉදිරියටත් එහෙමමයි. මම නැති වුණත් ඒ ගැන මට බයක් නැහැ. ඒ තැන ගන්න අනුරාධා දූ ඉන්නවා. වගකීමෙන් ඈ ඒ කටයුතු කරන්න දන්නවා.”

කවදත් මස්සිනාගේ උපන්දිනය නොවරද්දන නෙරංජලා හා සකුන්තලා ඇතුළු පවුලේ හැමෝම අදත් සුපුරුදු විදියට ආවා. ඒ සනත් මස්සිනාට සුබ පතන්න. ඒ කතාබහට ඉඩ තබමින් අපි මේ සොඳුරු සැදැල්ලෙන් සමුගත්තා. සනත් නන්දසිරි නම් සොඳුරු ගාන්ධර්වයාට දීර්ඝායුෂ පතමින්.

ඕනෑ ම නිර්මාණකරුවකු ම තමන්ට පෙර නිර්මාණ ලෝකයේ සිටි ප්‍රවීණයන් දෙස බැලිය යුතුයි. ඒ ගුණය අපට තිබුණා. සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, පණ්ඩිත් අමරදේවයන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතඥයන්, ගායකයන් විසින් කරන ලද නිර්මාණ පිළිබඳ විමර්ශනය, ඒ නිර්මාණ පිළිබඳ ගවේෂණයක් අප සිදු කළා. ඒ එකක් වත් නැතිව නිර්මාණ කරන්න පෙලඹවීමක් ඇති වුණොත් හිතන්න වෙන්නේ මගේ මේ ගමන පටන් ගන්නේ මොන විදියට ද? යන්නයි. මට ආත්මීය වශයෙන් තිබෙන්න ඕනෑ මගේ ම කියන ශෛලියක්. මගේ ම කියන ගායන විධික්‍රමයක්.

ප්‍රවීණ ගායන ශිල්පියකු ලෙස රසිකයන්ගේ ආදරය දිනූ වික්ටර් රත්නායකයන්ගේ හැත්තෑපස් වැනි උපන්දිනය යෙදී ඇත්තේ මේ මස 18 වැනිදාට ය. ඒ උපන්දිනය නිමිති කර ගනිමින් පැවැත්වෙන ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගය සැන්දෑවේ 7.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. මේ ලිපිය පෙළ ගැසෙන්නේ ඒ නිමිති කර ගනිමිනි.

මේ ප්‍රසංගය ‘වජ්‍ර ප්‍රභා’ නමින් නම් කරන්න විශේෂ වූ හේතුව කුමක් ද?

ප්‍රසංගයට ‘වජ්‍ර ප්‍රභා’ කියන නම තැබුවේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින්. මේ නම යොදලා තිබෙන්නේ බොහොම අර්ථවත් අදහසක් ඇතිවයි. ඉංග්‍රීසියෙන් උපන්දින සාද පවත්වද්දි ඔවුන් එය නම් කරන්නේ සිල්වර් ජුබිලි, ගෝල්ඩන් ජුබිලි ආදි වශයෙන්. ඔවුන් හැත්තෑ පස්වැනි උපන්දින සැමරුම නම් කරන්නේ ඩයමන්ඩ් ජුබිලි යන නාමයෙන්. සිංහලෙන් මෙහි තේරුම දෙන්නේ දියමන්ති යන්නයි. මේක සංස්කෘත භාෂාවෙන් ‘වජ්‍ර’ වෙනවා. හැත්තෑ පහේදී තිබෙන දිස්නය සහ ඒ හැකියාව, ප්‍රභාව පිළිබඳයි මේ නම යොදලා තිබෙන්නේ. එවිට ‘වජ්‍ර ප්‍රභා’ කියා පවසන්නේ ‘දියමන්ති දිස්නය’ කියන තේරුමයි. මෙහිදී අප බලාපොරොත්තු වන්නේ හැත්තෑපස්වැනි වියට පත්වීමෙන් පස්සේ ගායකයකු, සංගීතඥයකු, නිර්මාණකරුවකු විදියට ජනතාවට දෙන්න පුළුවන් දෙයක් තිබෙනවා නම්, කලාකරුවකු විදියට අපේ නිර්මාණ ජනතාකරණය කිරීමයි.

‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයේදී සිදු වන විශේෂ කාර්යයන් මොනවා ද?

එදිනට මගේ සංගීත දිවිය හා බැඳුණු නිර්මාණවල විමසුමක් කරන්නේ සිසිර දිසානායක නම් ඕස්ට්‍රේලියාවේ දැනට පදිංචි ගේයපද රචකයෙක්. එතුමා මාධ්‍යවේදියෙක්. රැකියාව වශයෙන් ඔහු ඉංජිනේරුවෙක් විදියටයි කටයුතු කරන්නේ. මේ දවස්වල සිය මවුරටට පැමිණිලා සිටින ඔහුයි ‘වික්ටර් ගී විමංසා’ නම් මගේ පොත ලිව්වේ. ඒ පොත එදින ප්‍රසංගය දිනයේ අතරවාරයේදී එළිදැක්වීමට නියමිතයි. ඒ වගේ ම ‘ඔබේ සිනා හැමතැනකම’ නමින් මගේ ගීත දහඅටක් රැගත් සී.ඩී. පටයක් ද එදිනට එළිදැක්වෙනවා. ඊට අමතරව ඹඹඹ.මඪජබධපපචබඩදචරචඬඥ.තඬ යන මගේ නමින් වෙබ් අඩවියක් ද විවෘත වෙනවා.

‘වජ්‍ර ප්‍රභා’ පැවැත්වෙන්නේ ඒක පුද්ගල ප්‍රසංගයක් විදියට ද?

ඒක පුද්ගල ප්‍රසංගයක් විදියට කෙරෙන මේ ප්‍රසංගයේදී මගේ ගී රැසක් එදිනට ගැයෙනවා. එහිදි මට යුග ගායනයෙන් සහය වන්නේ විශාරද නීලා වික්‍රමසිංහ හා උරේෂා රවිහාරියි. මෙහි සංගීතය මෙහෙය වන්නේ මගේ වැඩිමහල් පුතු ජයන්ත රත්නායකයි. එදිනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. ප්‍රවේශ පත්‍ර අලෙවියක් තිබුණත් බහුතරය ආරාධිත මගේ හිතමිත්‍ර ආදීන්ට හා රසිකයන්ටයි ආරාධනා කර තිබෙන්නේ. මෙහි පූර්ණ දායකත්වය දක්වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බවත් මා විශේෂයෙන් ම පැවසිය යුතු කාරණයක්.

ගෙවුණු හැත්තෑපස් වසර දෙස ආපසු හැරිලා බලද්දී මොන වගේ හැඟීමක් ද ඔබගේ සිතේ උපදින්නේ?

වසර හැත්තෑපහක් වන මගේ ජීවිත කාලය දෙස බලද්දි නිර්මාණ දිවියට ප්‍රවිෂ්ට වී මා වසර පනස් තුනක්. මා පළමු වැනි ගුවන්විදුලි වැඩසටහන කරලා තිබෙන්නේ මගේ නිර්මාණවලින්. 1964 වසරේ පටන් මේ දක්වා කාලය ගත්තට පස්සේ මගේ ශිල්පීය දිවියට පනස් තුනක්. මෙතැනදි මේ ශිල්පීය ජීවිතය දෙස ආපසු හැරිලා බලද්දි මට විශාල සතුටක් දැනෙනවා. ඒ සතුට ගැන මා මෙහෙම කියන්නම්. ඒ මේ ගීත සංගීතවත් කරගෙන, ගායනය කරගෙන, ඒවා ජනප්‍රියත්වයට පත් වුණාට පස්සේ, එහෙමත් නැත්නම් ඒවා ජනතාකරණය වුණාට පස්සේ මට ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. එහෙත් ඉන් පමණක් මා සතුටට පත් වුණේ නැහැ. ඊට වඩා යමක් කළ යුතුය කියන මතයේ මා නිතරම සිටියා. ඒ ඔස්සේ ක්‍රියා කිරීම නිසයි මා අද මෙලෙස බොහෝ සතුටක් බුක්ති විඳීන්නේ.

ඒ සතුට බුක්ති විඳීමේදී හැඟෙන අනෙකුත් කාරණා මොනවා ද?

මොකද ගායන ක්ෂේත්‍රයේ සිටින ශිල්පීන් දෙස බලද්දි රුක්මණී දේවිගේ පටන් මොහිදින් බෙග්, පණ්ඩිත් අමරදේව, සුජාතා අත්තනායක, ලතා වල්පොල ආදී නිර්මාණකරුවන් රැසක් ඉන්නවා. ඒ වගේ ම ප්‍රෙඩී සිල්වා, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, අබේවර්ධන බාලසූරිය, නෙරංජලා සරෝජනී, නිර්මලා රණතුංග ආදි ශිල්පීන් දක්වාත් මෑත කාලයේ සිටින උරේෂා රවිහාරි යන නව පරපුරේ ගායන ශිල්පිනියක් දක්වාත් මගේ නිර්මාණ දානය කරලා තිබෙන බව මා පවසන්නේ බොහොම සතුටින්. ඒ ඔස්සේ මා මගේ නිර්මාණවලින් මා පමණක් ජනප්‍රිය වී මගේ දිස්නය, කීර්තිය නිර්මාණය කරගත් කෙනෙක් නොවෙයි. ඊට වඩා මා සතුටු වන්නේ මා සංගීතය නිර්මාණය කළා වූ තනුවක් හෝ නිර්මාණය කළා වූ ගීතයක් අනෙක් නිර්මාණකරුවන් ගයද්දියි. උදාහරණයක් විදියට මා පණ්ඩිත් අමරදේවයන්ට සංගීතවත් කළ ‘කුමරියක පා සලඹ සැලුණා...’ වැනි ගීතයක් එතුමා ගුවනින් හෝ ප්‍රසංගයකදි ගයනවා ඇසුණාට පස්සේ මා කොතරම් භාග්‍යවන්තයෙක් ද කියලා සිතෙනවා. ඒ එතුමාගේ හඬින් එය නැවත අසන්නට ලැබීම නිසා. එවැනි කාරණා ඔස්සේ මා බොහොම සතුටට පත්වුණු ගායකයකු හෝ සංගීතඥයකු හෝ කලාකරුවකු විදියටයි ආපසු හැරී බලා මා සතුටට පත්වන තත්ත්වය ගැන මට මතක් කළ හැක්කේ.

සංගීතයට පිවිසීමේ මඟ නිර්මාණය වන්නේ කඩුගන්නාවේ මහගෙදරදී. ඒ අතීතය මඳක් සිහිපත් කොළොත්?

සංගීතයට ඇතිවන නැඹුරුව පිළිබඳ කතා කරද්දි මගේ අම්මා හා තාත්තා කියන්නේ සුවිශේෂ චරිතයි. ඔවුන්ව මා ගෞරවයෙන් මතක් කළ යුතුයි. මා අවුරුදු දහයක් වයස කාලයේදියි මට තාත්තා හාමෝනියම් එකක් අරගෙන දුන්නේ. මම හිතන්නේ ඊට බලපාන්න ඇත්තේ මා නිදි පැදුරේ ඉඳගෙන ගයන ලද ගීත වෙන්න ඇතැයි මා සිතනවා. අපේ නිවස අසල තිබෙන කඩුගන්නාව නගර සභා පිටියේයි චිත්‍රපට පෙන්වන කූඩාරම් ඉදිකරන්නේ. එහි තිරගත කරවන චිත්‍රපටවල ගීත වගේ ම දෙබස් පවා අපේ නිවසට හොඳට ඇසෙනවා. මා ඒ ගීත පාඩම් කරගත් බව මට හොඳට මතකයි. ගායනයට යොමුවීමට ඒ කාරණය බෙහෙවින් මට බලපෑවා. ඒ වගේ ම එකල අම්මා සමඟ මා පොළට යන්නෙත් අන්ධ පුද්ගලයකු මැඩ්ලින් එක වයමින් ගයන ගීත අහන්නයි. කාලයකදි සිරිල් පෙරේරා සංගීතවේදියා යටතේ සංගීතය හදාරන්නවා. පසුව මා රජයේ සෞන්දර්ය විද්‍යාලයට පිවිසින්නේ වැඩිදුර සංගීතය හැදෑරීමේ අදහසින්. ඉන්පසුවයි මට ගුරුවරයකු ලෙස පත්වීමක් ලැබෙන්නේ. ඒ වගේ ම ගුවන්විදුලියටත් සම්බන්ධ වීමට අවස්ථාව හිමිවෙනවා. මෙහිදි ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ, බණ්ඩාර කේ. විජේතුංග වැනි ගීත රචකයන්ගේ හමුවීම මා ගායකයකු බවට පත්කරනවා. ඊට පෙර වයලින් වාදකයකු ලෙස ගත කළ ජීවිතයත් මගේ නොමැකෙන මතකයක්. ඒ විදියටයි මගේ අද දක්වා පැමිණි ගමන නිර්මාණය වන්නේ.

මේ වනවිට ඔබ බොහොම විවේකීව සැදෑ සුවය විඳීමින් ද කාලය ගත කරන්නේ?

තාරුණ්‍යයේදී වගේ වැඩි මහන්සියක් වී දුව පැන ඇවිදිමින් දැන් නිර්මාණකරණයේ යෙදෙන්නේ නැහැ. කවුරු හෝ නිර්මාණයක් කරලා දෙන්න කියලා පැවසුවොත් පමණක් ඒ කටයුත්ත කරලා දෙන්න වෙහෙසෙනවා. නැතිනම් බොහොම විවේකීව ඉඳීමින් සැදෑ සුවය විඳීනවා කිව්වොත් නිවැරැදියි.

‘ස’ ප්‍රසංගයෙන් පස්සේ ඔබ ප්‍රසංග අමතක කර දැම්මා ද?

ගීත ඕනෑතරම් ගයනවා. ඒත් මේ වනවිට මා ඒක පුද්ගල ප්‍රසංග කලාවෙන් ඉවත් වෙලයි ඉන්නේ. උපන්දිනය වෙනුවෙන් මේ ප්‍රසංගය විශේෂ ප්‍රසංගයක් ලෙසයි මා කරන්නේ. විවෘත වේදිකාවල මා කොහොමත් ගී ගයන්නේ නැහැ. ලැබෙන ආරාධනා අනුව මා අනෙක් ශිල්පීන් ගයන ප්‍රසංගවල ගයනවා. එහෙත් ඒ ගෘහස්ථ ප්‍රසංගයකදි පමණයි. ඒ ගයන්න යන්නෙත් මට ගැළපෙන, මා හා සැසඳෙන, නාමික වශයෙන් ශිල්පීය ක්ෂේත්‍රයේ සිටින අය සමඟ පමණයි.

ඔබ ඔබට ම ආවේණික ශෛලියක් ඔබගේ නිර්මාණ හරහා ගොඩනඟා ගත්තා?

ඕනෑ ම නිර්මාණකරුවකු ම තමන්ට පෙර නිර්මාණ ලෝකයේ සිටි ප්‍රවීණයන් දෙස බැලිය යුතුයි. ඒ ගුණය අපට තිබුණා. සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, පණ්ඩිත් අමරදේවයන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතඥයන්, ගායකයන් විසින් කරන ලද නිර්මාණ පිළිබඳ විමර්ශනය, ඒ නිර්මාණ පිළිබඳ ගවේෂණයක් අප සිදු කළා. ඒ එකක් වත් නැතිව නිර්මාණ කරන්න පෙලඹවීමක් ඇති වුණොත් හිතන්න වෙන්නේ මගේ මේ ගමන පටන් ගන්නේ මොන විදියට ද? යන්නයි. මට ආත්මීය වශයෙන් තිබෙන්න ඕනෑ මගේ ම කියන ශෛලියක්. මගේ ම කියන ගායන විධික්‍රමයක්. මගේ ම කියන හඬක්. මගේ ම කියන නිර්මාණ ගුණයක්. ඒ නිර්මාණවල ලක්ෂණ මට ආවේණික විය යුතුයි කියන තැනට පැමිණිය යුතුයි. ඒ නිසයි මා මගේ ම නිර්මාණයකින් කටහඬ පරීක්ෂණයට භාජනය වුණේ. ඉන්පසුව ශ්‍රේණිගත වී මගේ ම නිර්මාණ ගැයුවේ.

එහෙත් අද තරුණ පරපුරේ සමහරු ගයන්නේ අනෙක් ප්‍රවීණ ශිල්පීන්ගේ ගීතයි?

තරුණ අය අද මේ පැරැණි ශිල්පීන් ගැයූ ගීත ගයා තමන්ගේ ජනප්‍රියත්වය හදා ගන්න පුරුදු වී සිටිනවා. ඒක බොහොම වැරැද්දක්. ඒ මොකද? එහෙම වුණාට පස්සේ අපේ සංගීත කලාවට ඒ අයගෙන් ලැබෙන ප්‍රවර්ධනයක්, ආලෝකයක් ඇත්තේ නැහැ. මේක බොහොම දුක්ඛ දායක තත්ත්වයක් මේ කාරණය ගැන වැඩිය කතා කරන්න ගියාට පස්සේ බහුතරයක් හිතන්නේ මා තාරුණ්‍යට දොස් කියන බවයි. ඒ වගේ ම මා මෙලෙස කතා කරන්නේ තාරුණ්‍ය සමඟ ඊර්ෂ්‍යාවෙන් බවයි. ඔවුන්ට ඊර්ෂ්‍යා කරන්න මට උවමනාවක් නැහැ. මා පළමු පරීක්ෂණයෙදිත් ගැයුවේ මගේ ගීතයක් නම් ඔවුන් ඇයි අනුන්ගේ ගීත ගයන්නේ. ඇයි තමාටම දෙයක් කර ගැනීමට නොහැක්කේ. ඉන් පෙනෙන්නේ ඔවුන් ඒ කුසලතාව දියුණු කරගෙන නොමැති බවයි. මේ විෂය පිළිබඳ හැදෑරීමටකට ගොස් නොමැති බවයි. පොතපත පරිශීලනය නොකරන බවයි. ඒනිසා ඔවුන් අනුන්ගේ දෙයක් ඔස්සේ තමාගේ දිස්නය ලබා ගැනීමට උත්සාහ කරනවා. මේ නිසයි මා තරුණ පරපුරට දොස් කියන්නේ. අප ඉගෙන ගත යුත්තේ තමා විසින් නිර්මාණය කරගත් දෙයක් ගැයීමටයි. එවිටයි ශිල්පියා බවට පත්වන්නේ. එහෙම නැතිනම් අනුන්ගේ නිර්මාණ ගයනා තාක් ආධුනිකයන් බව ඔවුන් තේරුම් ගත යුතු කාරණයක්. එයයි ඔවුන් පැහැදිලිව තේරුම් ගත යුත්තේ. මේ උදා වී තිබෙන්නේ තරුණ ශිල්පීන් පෙරට වඩා බුද්ධිමත් විය යුතු කාලයක්.