වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




උපන් දින සුබපැතුම් ගෙනෙන සිරි කහවලට 75 යි

උපන් දින සුබපැතුම් ගෙනෙන සිරි කහවලට 75 යි

සිරි කහවල කියන්නේ කවුද කියලා නම් කලා ක්ෂේත්‍රයේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ නම වගේම පුද්ගලයත් කලාකරුවන් සමඟ පුදුම සම්බන්ධයක් තියෙන්නේ. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම අද ඊයේ කලා ක්ෂේත්‍රයට ආපු නවකයන් ඉන්නේ කොහේද ඔවුන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලත් හොඳ හැටි දන්න එකම පුද්ගලයා සිරි කහවල කිව්වත් වැරැදි නැති තරම්. අපි කවුරුත් ආදරයට කියන සිරි අයියාට තියෙන්නේ අපූරු විනෝදාංශයක්. කාට කාටත් තමන්ටම කියලා විනෝදාංශ තිබුණත් අපේ සිරි අයියට නම් තියෙන්නේ කලාකරුවන් හා බැඳුණු විනෝදාංශයක්.

කිසියම් හෝ කලාකරුවෙක්ගේ සුවිශේෂී අවස්්ථාවන් ගැන අපිට මුලින්ම තොරතුරක් දී තහවුරු කරන්නෙත් සිරි අයියාමයි. කලාකරුවෙක් මිය ගියත්, රෝගී වුණත්, විවාහ වුණත් ඒ හැම කෙනෙක්ගේම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන සිරි අයියා හැම කලාකරුවෙක්ගේම උපන් දිනයට පාන්දරින්ම කුකුළත් අරගෙන උපන් දින සුබපැතුම් එක් කරලන්නේ ඔහු හෝ ඇය විමතියට පත් කරමින්. ඉතින් හැමදාකම හිමිදිරි පාන්දරින් කලා ක්ෂේත්‍රයේ කාට කාටත් ඒ ඒ අයගේ උපන් දින සැමරුමට සුබපතන සිරි අයියාගේ උපන් දිනය යෙදී තියෙන්නේ පෙබරවාරි මස 16 වැනිදාට කියලා නම් ඔහු කාටවත් කියලත් නැහැ, කියන්නෙත් නැහැ. තමන්ගේ උපන් දිනය හෙළි නොකරමින් අන් අයට උපන් දින ආසිරි ගේන සිරි අයියාගේ අපූරු විනෝදාංශයට කලා ක්ෂේත්‍රයේ හැමෝටම ප්‍රති උපකාර කරන්නත් එක්කම අපි ඔන්න සිරි අයියාගේ උපන් දිනය අද මුලු රටටම දැනගන්න එක්ක මේ අයුරින් සටහන් කොට තබනවා.

කලාකරුවන්ට සදා අනුස්මරණීය පුද්ගලයෙක් වූ සිරි කහවලයන්ට ඔන්න ඉතින් කුකුලත් අතේ අරන් හිමිදිරියේම උපන් දින ආසිරි ගේන්න මෙන්න ඔහුගේ දුරකථන අංකය වගේම ලිපිනයත්. 0714454251 - නො, 101, සූරියමල් මාවත, සිරිමල් උයන, රත්මලාන.

මතක ඇතිව කවුරු කවුරුත් දැන් ඉතින් පෙබරවාරි 16 වැනිදාට හැම වසරකදීම සිරි කහවලයන්ට උපන් දින සුබපැතුම් ගේන්න නම් අමතක කරන්න එපා. කලාකරුවන්, දේශපාලනඥයන් වගේම සමාජයේ විවිධ තානාන්තර දරන්නන් හා කුලුපඟව ඔවුනගේ තොරතුරු එක් රැස් කරමින් දීර්ඝ කාලයක් සරසවිය පුවත්පත හා අත්වැල් බැඳගෙන සිටින සිරි අයියාට අපි සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු!