වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




කැපවීම

කැපවීම

ජාතික රූපවාහිනියේ විකාශය වන සඳදිය මංකඩ ටෙලි සිතුවමේ ඩිංගිරිගෙ චරිතය රඟපාන තිළිණි අමල්කා නව පරපුරේ නිළියක් නොකරන අන්දමේ කැප කිරීමක් කළා. ඒ වෙන දෙයක් වෙනුවෙන් නෙවෙයි, සරසවිය පුවත්පත වෙනුවෙන්මයි. ඇය මෙලෙස කැප කිරිමක් කළේ පසුගිය සරසවිය සිනමා දැක්ම රීගල් සිනමා ශාලාවේදී පැවැත්වුණ වේලාවේ. ඒ දින පහේදි පැමිණෙන අමුත්තන් පිළිගැනීමට සහභාගි වුණේ නව පරපුරේ රංග ශිල්පිනියන්. තිලිණිත් ඒකට දිනෙක ආවා. ඇය මේ සඳහා පැමිණියේ හම්බන්තොට සිට. සරසවිය වෙනුවෙන්ම ඇය එහෙ ඉඳලා කොළඹ ආවා. අප කිව්වත් අපි එදිනට වෙන කෙනෙක් හොයා ගන්නම් කියලා, ඒත් ඇය ඇහුවෙම නැහැ. කොහොම හරි ඇය එදින කොළඹ ඇවිත් සරසවිය සිනමා සතියට සහභාගී වෙලා ඒ අවස්ථාව ලස්සන කරගන්න එකතු වුණා.