වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




හොලිවුඩ් හැඬවූ මව සහ දුව

හොලිවුඩ් හැඬවූ මව සහ දුව

ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ලේයා කුමරියගේ චරිතයට පණ පෙවූ කැරී ෆිෂර් පසුගියදා ජීවත රඟමඬලින් සමු ගත්තාය. පසුගිය දෙසැම්බර් 27 වැනිදා ඇය මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන්. මිය යනවිට ඇයගේ වයස අවුරුදු 60ක් විය.

තිරපිටපත් රචිකාවක්, ගත් කතුවරියක් මෙන්ම නිෂ්පාදිකාවක් වන කැරීShampoo (1975), The Blues Brothers (1980), Hannah and Her Sisters (1986), The ‘Burbs (1989), and When Harry Met Sally... (1989)  වැනි චිත්‍රපටවලද රංගනයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තාය.

ලන්ඩනයේ සිය ලොස්ඇන්ජලීස් දක්වා ගුවන් ගමනකදී කැරී හෘදයාබාධයකට ලක් වූ අතර එහි සිටි වෛද්‍ය සිසුවකු විසින් ඇයට ප්‍රථමාධාර ලබා දී තිබේ. ගුවන් යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව ලොස්ඇන්ජලීස්හි රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව කැරී මරණයට පත් වූවාය. කැරී ෆිෂර් ලන්ඩයට ගොස් තිබුණේ ඇයගේ නවතම කෘතිය The Princess Diarist  හි ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙනි. Postcards from the Edge, Surrender the Pink, Delusions of Grandma  කෘතිද ඇය විසින් රචනාකර තිබේ. කැරී අවසන්වරට දායක වු සිනමා නිර්මාණය වන්නේ, මේ වසරේ තිරගතවීමට නියමිත Star Wars: Episode VIII  චිත්‍රපටය යි.

අමෙරිකානු නළුවකු ගායකයකු වූ එඩී ෆිෂර් කැරීගේ පියා වන අතර ඇයගේ මව ජනප්‍රිය අමෙරිකානු නිළියක මෙන්ම ගායිකාවක වූ ඩෙබී රෙනෝල්ඩ්ස් ය. කැරී සහ මව ඩෙබී පිළිබඳ වන වාර්තාමය චිත්‍රපටයක් Bright Lights: Starring Carrie Fisher and Debbie Reynolds  නමින් 2016 කාන් චිත්‍රපට උලෙළේදී තිරගත කෙරුණි. කැරී මිය ගිය දෙසැම්බර් 27 වැනිදාට පසුදින ඩෙබී ද හෘදයාබාධයක් හේතුවෙන් සිය ජීවිතයෙන් සමු ගත්තාය. දියණියගේ වියෝව අදහාගත නොහැකි වූ ඩෙබී අවසන්වරට පවසා තිබුණේ, තමාද දියණිය ළඟට යා යුතු බවයි. මිය යන විය ඇයගේ වයස අවුරුදු 84ක් විය. ඇයගේ රංගන දිවියට වසර 70කි.

Singin’ in the Rain (1952), The Affairs of Dobie Gillis (1953), Susan Slept Here (1954), Bundle of Joy (1956), The Catered Affair (1956)  ඇය පණ වූ චිත්‍රපට කිහිපයකි.  Tammy and the Bachelor (1957)  චිත්‍රපටයේ ඇය ගැයූ“Tammy”  ගීතයට සති පහක් පුරා සුප්‍රකට බිල්බොඩ් ගීත දර්ශකයේ අංක එක ස්ථානය හිමි විය.