වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

අපේ කාලයේ පටාචාරා

තිරගත වූ දිනය - 2016 දෙසැම්බර් 02 ඉදිරිපත් කිරීම - හෙළවුඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් නිෂ්පාදනය - ජගත් විශ්වකුමාර මතියගේ තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුගත් සමරකෝන් සහාය අධ්‍යක්ෂණය - හර්ෂණ වික්‍රමසිංහ, සමන්ත වීරකෝන්, නලින් ගුරුගේ, තුසිත අල්විස් කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත කැමරාකරණ සහය - හර්ෂණ කරුණාතිලක, රුවන් බුලත්සිංහල සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය - සෑම් පෙරේරා සහය - චතුරංග කාවින්ද කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි නර්තන නිර්මාණය - නිලාන් මලිගැස්ප ඇඳුම් නිර්මාණය - ප්‍රියාන් අනුර ශ්‍රී සහය - ඩිල්කි හපුආරච්චි, ඉරේෂ් එරංග නිෂ්පාදන කළමනාකරණය - රෝහණ විපුල කුමාර සහය - අජිත් ප්‍රියන්ත නිශ්චල ඡායාරූප - සංජය සමරකෝන් මාධ්‍ය සම්බන්ධිකරණය - උපුල් නිශාන්ත ත්‍රිමාණ සජීවිකරණය - ලංකා ලීලානන්ද නාමාවලි සජිවීකරණය - ශාන් අල්විස් වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර පූර්ව ප්‍රචාරක පට සංස්කරණය - අනුර බණ්ඩාර ට්‍රැක් ඩොලි ක්‍රියාකරු - අනුෂ්ක බී. අධිකාරි කාර්යාලීය කටයුතු - කල්පනී මධුවන්ති සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගී පද රචනය - අමිල තේනුවර ගීත සහ ගායන ශිල්පීන් - මදුර සරා සඳ - උරේෂා රවිහාරි, මොහාන් දර්ශන තේරී ගී ගායනය - ඉරංගා සමින්දනී වීරක්කොඩි නළු නිළියන් - දුලානි අනුරාධා (පටාචාරා / කුමාරි), සාරංග දිසාසේකර (ජීවන්ත), ක්ලීටස් මෙන්ඩිස් (සිටුතුමා), වීනු උදානි සිරිවර්ධන /මයංගා බණ්ඩාර (කන්‍යා සොයුරියෝ),අනූෂා දිසානායක (මෙහෙනින් වහන්සේ) සමන්ත වීරකෝන් (භානුක), අනුෂා ජයසූරිය (සිටු දේවිය), සරත් දික්කුඹුර / රංග බුද්ධ සිටු මණමාලයෝ), සංජය සමරකෝන් (මිත්‍ර බන්දු), සහීෂ සුපහන් දිවාකර (ළමා) (වැඩිමල් දුව), සමන් ශ්‍රී වෙදගේ (දර මඩුවේ මාමා), අතුල වී සමරවීර (පොලිස් නිලධාරි), උපුල් ගුණවර්ධන (රත්තරන් බඩු හොරා), නන්දන වීරකෝන් (වෛද්‍යවරයා), සේන ගුණවර්ධන / සුනිල් ජයලත් (දොරටු පාලයා), මෝබට් පෙරේරා (ජීවන්තගේ පියා), රෝහණ විපුල කුමාර (නැකැත්කරු), ප්‍රියාන් අනුර ශ්‍රී (සුනීත), ධම්මික හේවාදුවත්ත (දරමඩුවේ කොල්ලා), ෆිලීෂියන් පෙරේරා (නැටුම් ගුරුවරයා), චන්දිම ගෝවින්න / අජිත් හේන්පිට / ප්‍රියන්ත කහපලආරච්චි / සුනේත්‍රා ලක්ෂ්මී (මානසික රෝහලේ වෛද්‍යවරු), චන්දු ඉඹුලාන / නිලුකා වික්‍රමආරච්චි, සිනිති ශර්මිලා (සාත්තු සේවකයෝ), සුරංග චන්ද්‍රසිරි (පණිවිඩකරු), පියසීලි සෝමලතා සුරවීර (ජීවන්තගේ මව), හෙලනි ශිරන්ත බණ්ඩාර (සුගලා), අංජු නර්මදා (ශාන්තිණි), නිලක්ෂිකා සිල්වා (කේෂකී), ඉරේෂා සේනාධිපති (මන්දානි), ප්‍රියා විතානඅරච්චි (විශාකා), බුද්ධික ගයාන්, දිනුක සමරසිංහ, ලයනල් සම්පත්, රූපිකා නරේන්ද්‍රසිංහ, ලලිතා චන්ද්‍රානි, මාලිනි පතිරගේ, ශාන්ත සමරතුංග, දිලුකා සමරසිංහ, බර්ටි පෙරේරා, රංජිත් විතාරණ, නිලුකා වික්‍රමආරච්චි, දිනිති ශර්මිලා, මහේෂ් රන්දෙනිය, උදාන රණසිංහ, රාජු සුන්දරරාජ්, නදිරා ගයන්ති, දිල්හානි සමුද්‍රා, ජීීවානන්ද රූපසිංහ, නදීරා ප්‍රේමසිරි, ශ්‍රිනාත් ප්‍රනාන්දු, සරණ සුරංජන්, වත්සලා මධුෂානි, අචිංකි ප්‍රියසාද්, ප්‍රිමාලි පතිරණ, ඇසිලින් ජයවර්ධන, කුසුමලතා පෙරේරා, උපාලි සෙනරත්, සුනේත්‍රා වික්‍රමසිංහ, අරුණ ශාන්ති, සංජීව චතුරංග, පාලිත වීරසිංහ, අරුණ ප්‍රියංගික, ශමින් ද සිල්වා, සරත් කුමාර, පද්මා අබේගෙදර, යූ,ධනවංශ, කැළුම් දිසානායක, රවිඳු ප්‍රභාත්, ෂෙල්ටන් ප්‍රනාන්දු, ඒකලා උදයංගනී, උදය කුමාර, සිතුමිණ සංජය, අශාන් සමීර, සයුරි දෙව්මිණි, අසංක ජානක, චමින්ද රත්න, මහින්ද ප්‍රසාද්, සඳුන් සංජය, සුමුදු ජයවර්ධන, හසිත සුරේන්, ජගත් තරංග, කේ. පී. සුනේත්‍රා, රසිකා නිල්මිණි, අජිත් බෝගොඩ, ප්‍රියන්තා රංජනී, ගෞරි මධුෂිකා, පියුමන්ත අප්පුහාමි


සිත් අහස 8 දා

විශාරද සංගීත ශිල්පිනී දේවිකා චතුරාණිගේ ගීත ඇතුළත් 'සිත් අහසට' සංයුක්ත තැටිය එළිදැක්වීම සහ ගී ප්‍රසංගය මේ මස 08 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සවස 6.00ට එළිදැක්වෙයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ සහ කැලුම් ගීගනගේ යන මහත්වරුන්ගෙනි. ප්‍රසංගය මෙහෙය වනු ලබන්නේ ඉන්ද්‍රසිරි සුරවීර සහ ප්‍රසන්න චන්දන බණ්ඩාර යන මහත්වරුන් ය. මේ වනවිට දේවිකා චතුරාණි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායිකාවකි.


සුජිත්ගේ ඒක පුද්ගල ප්‍රසංගය 7 දා

නවක ගායන ශිල්පී සුජිත් ප්‍රශාන්තගේ 'තාරකාවක් වුණා ඔබ මට' ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 07 වැනිදා සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ. මෙයට සමගාමීව ඔහුගේ නවතම ගීත හයක් ඇතුළත් සංයුක්ත තැටිය ද එළි දැක්වනු ඇත. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුනිල් කිත්සිරිගෙනි. සුසන්ත ප්‍රියදර්ශන මෙම අවස්ථාව මෙහෙයවනු ලබයි. ප්‍රසංගය අතරතුරදී සුජිත්ගේ 'තාරකාවක් වුණා ඔබ මට' ගීතයේ රූප රචනාව ද මාධ්‍යයට නිකුත් කරනු ලබයි. සුජිත් කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබයි.


නිශා සේයා හෙට

නිමල් කේ. පතිරණ විසින් පවත්වන ඒක පුද්ගල ගී ප්‍රසංගය 'නිශා සේයා' හෙට (ජනවාරි 06) නැගෙනහිර හෝකන්දර හොරහේනහිදී පැවැත්වේ.
අබ්බෝව කණිෂ්ඨ විද්‍යාලය හා කෑගල්ල කොට්ටපොල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නිමල් කේ. පතිරණ 'නිශා සේයා' නමින් සිය ප්‍රථම සංයුක්ත තැටිය නිකුත් කළේ 2015 වසරේදීය. එහි ඔහු විසින් රචිත ගීත ද ඇතුළත් විය. ආචාර්ය රුවන් පතිරණ හා විමලසිරි ගමගේ විසින් අනෙකුත් ගී රචනා කර ඇති අතර ප්‍රියනාත් රත්නායක එහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත.