වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




බඩ තිබුණත් රිලැක්ස්

බඩ තිබුණත් රිලැක්ස්

ගිහාන් ප්‍රනාන්දුව හඳුනනවා නේද. නැහැ කියන්න බැහැ. අන්න හරි ලොකු බඩක් තියෙන නළුවා තමයි. බඩ කොච්චර ලොකු වුණත් ගිහාන්ට මොළෙත් තියෙනවා. හැකියාවත් එමටයි. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගිහාන්ට තියෙන කාර් එක ගැන. ඔහුට තියෙන්නේ ඇල්ටො වර්ගයට අයත් කුඩා කාර් එකක්. ඉතින් ගිහාන්ගේ යාළුවන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ අච්චර බඩකුත් තියාගෙන පුංචි කාර් එකක කොහොම යනවද කියන එක. සමහර අය නම් කියන්නේ ගිහාන් ඩ්‍රයිවිං සීට් එකේ යද්දී බඩ අනෙක් සීට් එකේ වාඩි වෙලා යනවා කියලා. එහෙම කියන්නේ ගිහාන්ගේ බඩට ඊර්ෂ්‍යා කරන අය. කෙසේ වෙතත් කොච්චර බඩ තිබුණත් ගිහාන් ප්‍රනාන්දු කියන්නෙ හරිම රිලැක්ස් නළුවෙක් කියන කාරණාවත් කියන්න ඕනෑ.