වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




බන්දු ත්‍රිත්ව චරිතය මයි නේම් ඊස් බන්දු 30 දා

බන්දු ත්‍රිත්ව චරිතය මයි නේම් ඊස් බන්දු 30 දා

රජ හොරු සිනමාවට ගෙනා සුරංග ද අල්විස්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන මයි නේම් ඉස් බන්දුු මෙම මස 30 වැනිදා සිට එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩල ඒකාබද්ධ සිනමා ශාලා තිහකදී ප්‍රදර්ශනය ඇරැඹෙනු ඇත. බන්දු සමරසිංහ ත්‍රිත්ව චරිත මවන මෙහි ඔහු සමඟ රෝයි ද සිල්වා, රොඩ්නි වර්ණකුල, අනුෂා දමයන්ති, රොනී ලීච්, මාක් සැම්සන්, ප්‍රේමදාස විතානගේ, දෙනුවන සේනාධි, ආරියසේන ගමගේ, විශ්ව ලංකා, ඩී. බීි. ගංගොඩතැන්න ආදීහු රංගනයෙන් දායක වෙති.

මයි නේම් ඉස් බන්දු සංගීතා චිත්‍රපට ඉදිරිපත් කිරීමකි.

අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. සමන් පද්ම කුමාර කලා අධ්‍යක්ෂණයෙන් ද, චාමර නිරෝෂන් අංග රචනයෙන් ද, දර්ශන ජයන්ත දිසානායක සහ ප්‍රසාද් සුරේඛ නිෂ්පාදන කළමනාකරණයෙන් ද දායකව සිටිති. සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂණයකි. චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගීත රචකයෝය. උරේෂා රවිහාරි, රුක්මන් අසිත සහ බුද්ධික උෂාන් ගායනයෙන් දායකව ඇත. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය. විශේෂ ප්‍රයෝග සහ සහාය සංස්කරණය රුවන් වීරසිංහගෙනි. ගිහාන් කාලිංග පෙරේරා ශබ්ද පරිපාලකවරයා වේ.