වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඓශ්ට පුස්සක්

ඓශ්ට පුස්සක්

අවුරුදු පහක් සිනමාවෙන් ඈත් වෙලා හිටිය ඓශ්වර්යා රායි බච්චන් පසුගියදා නැවතත් බොලිවුඩයට පැමිණියේ ජෙස්බා චිත්‍රපටය සමඟින්. පුංචි ආරාධ්‍යා වෙනුවෙන් සිය කාලය කැප කළ ඇයගේ නැවත පැමිණීම හැමෝගෙම ප්‍රාර්ථනාවක් වුණා. එත් ඇයගේ පුනරාගමනය සනිටුහන් කළ ජෙස්බා පළමු දවසෙම පුස්සක් වෙලා තියෙන බවයි කියවෙන්නේ. ඒ මොකද ජෙස්බා පළමු දවසේ (ඔක්තෝබර් 9) වාර්තා කරපු ආදායම ඉන්දීය රුපියල් කෝටි 3.75ක් පමණයි. ජෙස්බා චිත්‍රපටයේ පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 35ක්.

හැමෝගෙම බලාපොරොත්තුව වුනේ ඓයිෂ්ගේ පැමිණීමත් එක්ක ජෙස්බා චිත්‍රපටය මංගල දවසේ සාර්ථක ආදායමක් ලබාවි කියලයි. කොහොම උනත් මේ වසරේ තිරගත වුණු චිත්‍රපට අතරින් පළමු දවසේ අඩුම ආදායමක් වාර්තා කරලා තියෙන්නේ ජෙස්බා. ත්‍රාසජනක අත්දැකීම් පිරි චිත්‍රපටයක් වන ජෙස්බාහි ඓයිෂ් අපරාධ පිළිබඳ නීතිඥවරියකගේ චරිතයට පණ පොවනවා.

මේ චිත්‍රපටය කෙසේ වෙතත්, බජ්රන්ගී භයිජාන් සහ සිං ඉස් බ්ලින්ග් පළමු දවසේ කෝටි 20 කට වැඩි ආදායමක් වාර්තා කරලා තිබුණා. 2010 වසරේ ඓයිෂ් අන්තිමට රඟපෑ ගුසාරිෂ් පළමු දවසේ වාර්තා කළ ආදායම වුණේ ඉන්දීය රුපියල් කෝටි හතරක්. අයිෂ්ගේ වෘත්තීය ජීවිතයේ පළමු දවසේ ඉහලම ආදායමක් වාර්තා කළේ ධූම්-2 චිත්‍රපටයයි. එය ඉන්දීය රුපියල් කෝටි 5.85 ක්. මේ සමඟ බලන විට විචාරකයන්ගේ අදහස නම් ජෙස්බා දර්ශනයෙන් ඉවත් වන විට ඉන්දීය රුපියල් කෝටි තිහක පමණ ආදායමක් ලබනු ඇති බවයි.