වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක් පෙම් කතාවක්ද?

ෂාරුක් පෙම් කතාවක්ද?

ආලියා භාත් ගෙ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ ශාරුක් ඛාන් බව හැමෝම දන්නා දෙයක්. ඒ නිසා ආලියා ඉන්නේ තරමක චකිතයකින් කියලත් ආරංචියි. යොවුන් රංගන ශිල්පිනී ආලියා ක්ෂේත්‍රයේ උනන්දුවෙන් වැඩ කරන ශිල්පිනියක ලෙසත් ප්‍රසිද්ධයි. අත්දැකීම් අඩු නිළියක් වන තමා අත්දැකීම් වැඩි නළුවෙන් වන ශාරුක් සමඟ රංගනයේ යෙදීම මේ චකිතයට හේතුව බව ඇය පවසනවා. නමුත් ඒ අභියෝගය භාර ගන්න ආලියා සූදානම්.

ළඟදීම තිරගත වීමට නියමිත 'ශාන්දාර්' හි ඇය රඟපාන්නේ ශාහිඩ් කපූර් සමඟින්. එහිදීත් ඇය තිගැස්මට ලක් වූ බවත් රංගනයේදී එය මඟහැරී තිබුණු බවත් ආලියා පවසා තිබුණා.

ශාරුක් සමඟින් ආලියා රංගනයට දායක වන්නට නියමිත චිත්‍රපටය නිෂ්පාදනය කෙරෙන්නේ කරන් ජොහාර් විසිනි. ගෞරී ශින්ධ් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය තවමත් නිර්නාමිකයි. මේ චිත්‍රපටයේ ශාරුක්ගේ වගේම ආලියාගේ චරිතත් තවම ප්‍රසිද්ධ වෙලා නැහැ. ඒ නිසා සිය දිවි මගේ 50 වෙනි කඩඉමේ සිටින ශාරුක් සහ 22 හැවිරිදි ආලියා ගේ චරිත අතර සම්බන්ධය ප්‍රේමණීය ද නැතිද යන්න තවමත් රහසක්.