වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




වයසට නොයන රේඛා

වයසට නොයන රේඛා

70, 80 දශකයන්හි නමගිය තරුවක් වූ රේඛා පසුගිය දා සිය 61 වන උපන් දිනය සැමරුවා. බොහෝ දෙනා කියන්නේ ඇය වයසට නොයන නිළියක් බවයි. රේඛා වඩාත්ම ප්‍රසිද්ධියක් දිනා ගත්තේ මුඛාධර් කා සිඛාධර්, කූබ්සූරත් සින්සිලා, කූන් භාරි මාන් වැනි චිත්‍රපට වලින්. ඉන්දීය සිවිල් පුරවැසියෙකුට පිරිනමන සිවුවැනි ඉහළතම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ඇය පුදනු ලැබූයේ 2010 වසරේ දීයි.

1954 ඔක්තෝබර් 10 වැනිදා රේඛා උපත ලැබු ඇයගේ මව්පියන් වූයේ දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු ජෙමිනි ගනේෂන් හා තෙලිඟු නිලි පුෂ්පාවලි දෙපළයි. ඇය උපත ලබන විට දෙමාපියන් විවාහ වී නොසිටි බැවින් ජෙමිනි ගනේෂන් විසින් ඇයගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කළ බවද කියවෙනවා.

ෆිල්ම්ෆෙයාර් සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියන රේඛා දැනට චිත්‍රපට 180 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායකවෙලා තියෙනවා.