වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන් අවුල

සල්මන් අවුල

ඛාන්ලා හැමෝම තමන්ගේ වයසට වඩා අඩු වයසක් පෙන්වන චරිත රඟපාන බව බොහෝ අය කියනවා. නමුත් දන්ගාල් චිත්‍රපටයේ අමීර් තමන්ගේ වයසට වඩා වැඩි වයසක් තමයි පෙන්නුම් කරන්නේ. රායිස් චිත්‍රපටයේ ශාරුක් රඟපාන්නේ තම සැබෑ වයසට සරිලන චරිතයක්. සුල්තාන් චිත්‍රපටය ගැන කතා කළොත් එහි සල්මන් ගේ රංගනයත් මෙවැන්නක්.

මේ දිනවල ඔහු ඒ වෙනුවෙන් මල්ලවපොර ක්‍රීඩාව ප්‍රගුණ කරන බව ආරංචියි. මල්ලවපොර ක්‍රීඩාවට මනසත් කයත් යන දෙකම තියුණු විය යුතුයි. මෑතකදී මාධ්‍ය ඔස්සේ නිකුත් වූ සල්මන්ගේ ඡායාරූපයක් ඔහු මේ අවශ්‍යතාව සපුරා ඇති බව පෙන්නුම් කරනවා.

ඩබාන් සහ ප්‍රේම රතන් ධ්‍යාන් යන චිත්‍රපටයන්හි සල්මන් උඩු රැවුල වවා තිබුණත් මේ චිත්‍රපටයේ ඔහු වවා ඇති උඩු රැවුල නම් විශේෂිත එකක්. එය පරියානා ප්‍රාන්තයේ වයසක ගැමියෙකුගේ රැවුල වගේ කියලයි හැමෝම කියන්නේ.