වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට චරිත කතා

සිනමාවට චරිත කතා

බොලිවුඩයේ ජනප්‍රිය සටන් නළුවෙක් වූ සුනිල් ශෙට්ටිගේ අදහස නම් ජීවිත කතා ඇසුරු කරගත් චිත්‍රපට තව තවත් නිර්මාණය විය යුතු බවයි. නිවැරදිවම කියනවා නම් ඔහු කියන්නේ ඕමාන් කුමාර් ගේ 'මේරි කොම්' වැනි චිත්‍රපට බිහිවීම කාලීන අවශ්‍යතාවයක් කියලයි. මේ පිළිබඳ කතාබහ ඇති වෙලා තියෙන්නේ ඕමාන් කුමාර්ගේ උපන්දින සාදයේදීයි.

මේ දිනවල ඉන්දීය සිනමාවේ එක පැතිකඩක් විදිහට ක්‍රීඩා අංශයේ දීප්තිමත් චරිත ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සුපිරි බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් වගේම කෙටි දුර ධාවන ශූර මීකා සිං, මලල ක්‍රීඩක පාණී සිං වැනි අයගේ ජීවිත කතා ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය වුනා. ඒ වගේම ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි සහ හොකී ක්‍රීඩක ධ්‍යාන් චන්ධ් යන අයගේ ජීවිත කතා ඇසුරෙන්ද චිත්‍රපට නිර්මාණය වෙමින් පවතිනවා.

ඔමාර්ගේ මීළඟ චිත්‍රපටයත් චරිත කතාවක් ඇසුරින් නිර්මාණය වෙනවා. ඒ පාකිස්තාන සිරගෙදරකදී මියගිය සරබ් ජීත් සිං ගේ ජීවිත කතාව ඇසුරින්. එහි සරබ් ගේ චරිතය නිරූපණය කරන්නේ රන්දීව් හුදා විසින්.