වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




විජය කුමාරතුංග 70 ජන්ම දින සැමරුම දා

විජය කුමාරතුංග 70 ජන්ම දින සැමරුම දා

විජය කුමාරතුංගයන්ගේ 70 වන ජන්ම දින සැමරුම පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. පූජ්‍ය පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විජය කුමාරතුංගයන් සමඟ දේශපාලනයේ සමකාලීනයන් වූ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රමුඛ මැති ඇමතිවරු, සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විජය කුමාරතුංගයන්ගේ පවුලේ ඥාතීහු, හිතවත්හු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


ඔබ ඇවිත් පිරෙන්න

2 0 1 5 කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ හමුව

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ දෙවැනි වරටත් නොවැම්බර් මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර පසුගිය වසරටත් වඩා පුළුල්වත්, විධිමත්වත් මෙවර උලෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මේ අවස්ථාවට සහභාගි වූ චිත්‍රපට උලෙළේ සංවිධායක මණ්ඩලය කියා සිටියහ.