වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක් නොමැතිව කරන්

ෂාරුක් නොමැතිව කරන්

බොලිවුඩයේ සුපිරි නිර්මාණකරුවෙකු ලෙසින් නමක් දිනා ගත් කරන් ජොහාර්ගේ මිළඟ නිර්මාණය කුමක් වේවිද ? යන්න නොඅසන බොලිවුඩ් රසිකයෙක් හෝ රසිකාවියක් නොවන බව නම් විශ්වාසය. ඔහු නිර්මාණය කළ Brothers මේ වසරේ තිරගත වීමට නියමිතයි. කරන් ඊළඟ චිත්‍රපටය ලෙසින්ද සුන්දර කතාපුවත් රැගත් පවුලේ චිත්‍රපටක් නිර්මාණය කරන්නට සූදානම් වන බව ආරංචියි.

Kuch Kuch Hota hai, Kabhi Kushi Kabhie Gham, Kabhi Alvida Naa Kehena, My Name is Khan  වැනි චිත්‍රපට ලොව පුරා රසික රසිකාවන් ආදරයෙන් වැළඳගත් චිත්‍රපටයන් වේ. මෙම චිත්‍රපට නිර්මාණයේ ගෞරවය කරන්ට හිමි වනවිටදී ඒ සඳහා රංගනයෙන් දායක වූ කිං ඛාන් නෙහොත් ශාරුක් ඛාන්ද තම රංගනය වෙනුවෙන් කා අතරත් කතාබහට ලක් වුණා. පසුගිය 2012 වසරේ කරන් නිර්මාණය කළ Student of the Year චිත්‍රපටයේ සිද්ධාර්ත් මල්හෝත්‍රා, වරුන් ධවාන් සමගින් ආලියා භාත් රංගනයෙන් දායක වූහ.

කරන්ගේ මේ නවතම චිත්‍රපටයට මේ අතරින් සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් ෆාවඩ් ඛාන් රංගනයෙන් එක්වීමට නියමිත බව ආංරචි වෙනවා. කොහොම වුණත් ශකුන් භත්‍රා තවමත් එහි පිටපත රචනා කරමින් සිටින්නේ.