වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඓශ්චර්යා ආයෙමත්

ඓශ්චර්යා ආයෙමත්

ලබන ඔක්තෝබර් 09 වැනිදා මේ වසරේ තමන්ට සුවිශේෂම දිනය වන බව බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ගුප්තා පවසනවා. සන්ජේහට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට ඒ දවස ගොඩක් විශේෂ දිනයක් වෙන්න පුළුවන්. මේ විශේෂත්වය පැමිණෙන්නේ Jazba  චිත්‍රපටය සමගින්.

Jazba  චිත්‍රපටය 2013 වසරේදී සන්ජේ අධ්‍යක්ෂණය කළ Shootout at Wadala  චිත්‍රපටයට පසුව කෙරෙන නිර්මාණය යි.

වසර පහකට පසු බොලිවුඩයේ මෙන්ම ලෝකයේම ආකර්ශනය දිනා ගත් තාරකාවිය ඓශ්වර්යා රායි බච්චන් වසර පහක නිහැඬියාවකින් පසු යළි සිනමාගමනය සිදු කරන චිත්‍රපටය වන්නේත් Jazba  චිත්‍රපටය යි. ලොව පුරා වෙසෙන ඓශ් හට ආදරය කරන රසික රසිකාවන්ටත් ඒ නිසාම ලබන ඔක්තෝබර් 09 වැනිදා සුවිශේෂ දිනයක් වන බව පුදුමයක් නොවෙයි. ත්‍රාසජනක කතාපුවතක් ගෙන එන Jazba චිත්‍රපටයේ ඓශ් නීතිඥවරියකගේ චරිතයක් නිරූපණය කරනවා. ඉර්ෆාන් ඛාන්, ජෝන් ඒබ්‍රහම්, අනූපම් කේරි, අතුල් කුල්කර්නි ද මෙහි චරිත නිරූපනයට එක්වී තිබෙනවා.