වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




රන් වළසා ඉරානයට

රන් වළසා ඉරානයට

ලොව විශිෂ්ටතම සිනමා උළෙලයන් ගෙන එකක් වන බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල පසුගිය පෙබවාරි 05 වැනිදා සිට 15 වැනිදා දක්වා ජර්මනියේ බර්ලින් හිදී පැවැත්විණි. මෙවර පැවැත්වූයේ 65 වැනි සිනමා උළෙලයි. එහි ජූරියේ සභාපතීත්වය් ජර්මානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඩැරෙන් අර්නොෆ්ස්කි විසින් දරනු ලැබීය. ආරම්භක සිනමා පටය වූයේ, Noboddy Wants the Night චිත්‍රපටය යි.

කර්ලොට් රැම්ප්ලින්ග් සහ ටොම් කොර්ටෙන්

එහිදී හොඳම චිත්‍රපටයට හිමි රන් වළසා සම්මානය ජෆාර් පනාහි අධ්‍යක්ෂණය කළ Taxi  නම් ඉරාන චිත්‍රපටයයි. ජෆාර් පනාහිහට මෙම අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව නොලැබුණු හෙයින් රන් වළසා සම්මානය ජර්මනියේ වෙසෙන ඔහුගේ ඥාති ලේලියක වන හනා සෙයිදි විසින් ලබා ගත්තාය. ජූරියේ විශේෂ සම්මානය රිදී වළහා සම්මානය පැබ්ලෝ ලාරෝන් අධ්‍යක්ෂණය කළ The Club  චිත්‍රපටයට හිමි විය. ඇල්ෆඩ් බවර් සම්මානය ජායිරෝ අධ්‍යක්ෂණය කළ Ixcanul Volcano චිත්‍රපටයට හිමිවිය.

හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ රිදී වළහා සම්මානය Aferim  චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් රාදු ජුඩේ සහ Body අධ්‍යක්ෂණය කළ මාල්ගොසාටා සුමොව්ස්කා හට පිරිනැමිණි.

හොඳම නිළිය - කර්ලොට් රැම්ප්ලින්ග් - 45 Years

හොඳම නළුවා - ටොම් කොර්ටෙන් - 45 Years

හොඳම තිර රචනය - පැට්‍රීෂියෝ ගුස්මන් -- The Pearl Button

හොඳම කමරාකරණය - ස්ටූර්ලා බර්නදෙත් - Victoria සහ සර්ජේ මිකාල්චුක් සහ එව්ගෙනි ප්‍රිවීන් - Under Electronic Clouds

හොඳම ප්‍රථම සිනමා නිර්මාණය - ගේබ්‍රියල් රිපස්ටින් - 60 Miles

පැනොරාමා ප්‍රේක්ෂක සම්මාන - ඇනාමුයෙලාර්ට් - The Second Mother

ජිම් චුචූ - Stories of Our Lives

රෝසා වොන් ප්‍රැන්හෙයිම් - Tough Love

ටෙඩී සම්මානය - සෙබස්තියන් සිල්වා -Natsy Baby

රාදු ජුඩේ

Victoria

Ixcanul Volcano

ජෆාර් පනාහිගේ ඥාති ලේලිය රන් වළසා සමානය සමඟින්

45 Years

Taxi