වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මා නැතත් . . . ?

මා නැතත් . . . ?

ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් දැන් කාර්යබහුල බොලිවුඩ් නිළියක්. 2006 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජන තරඟයට සහභාගි වූ ඇය බොලිවුඩ් සිනමාවට එක් වූයේ 2009 වසරේදීයි. ඒ සුජෝයි ගෝෂ් අධ්‍යක්ෂණය කළ  Aladin  චිත්‍රපටයෙනි. පසුගිය වසරේ ජැකලීන් රංගන දායක වූ Kick චිත්‍රපටය ඉහළ සාර්ථකත්වයක් ලබා ගත්තා.
එම සාර්ථකත්වය නිසාම එහි දෙවැනි චිත්‍රපටයත් නිර්මාණය වේවි යැයි බොහෝ දෙනා අදහස් පළ කරනවා. ඒ වුණත් ඒ සඳහා දායක වෙන්න ජැකලීන්ට නම් අදහසක් නැති බව ඇය කියනවා. ‘ඒ වුණත් Kick චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටයක් නිර්මාණය වේවි යැයි මමත් හිතනවා’ ජැකලීන් ප්‍රකාශ කරනවා.