වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සන්ජේ නීති කඩලා දඬුවම් වැඩි වෙයි

සන්ජේ නීති කඩලා දඬුවම් වැඩි වෙයි

සන්ජේ දත්ට මේ දවස්වල අලුත් ප්‍රශ්නයක්. බන්ධනාගාර ගතව සිටියද ඔහු එහි නීතී කඩකළ බවට මහාරාෂ්ට්‍ර බන්ධනාගාර දෙපාර්තමේන්තුව චෝදනා කරනවා. බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට ලැබෙන දින ගණනට වඩා වැඩි දින ගණනක් ගත කිරීම නිසා සන්ජේ දත්හට මෙලෙස චෝදනා එල්ල වෙලා.

ඔහු දින දොළහක නිවාඩුවක් ගත කර අවසනායේදී සෞඛ්‍ය හේතු නිසා තවත් දින 14ක නිවාඩුවක් ඉල්ලා තිබූ නමුත් පූනේ බන්ධනාගාරය එම දිනයන් ඔහුට බන්ධනාගාරයෙන් පිටත සිටීමට අනුමත කර නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් සන්ජේ දත් යළි බන්ධනාගාරයට වාර්තා කළ යුතු වෙනවා. නීති කඩන අයට නීති තවත් තදයි. ඒ නිසාම නීති කැඩු සන්ජේටත් තවත් දඬුවමක් ලැබෙන්න නියමිතයි. ඒ ඉදිරියට ඔහුට ලැබෙන්නට තිබූ ඉන්දීය නීතියට අනුට සිරකරුවෙකුට ලැබෙන සහන නිවාඩු දිනවලින් නිවාඩු දහයක් අඩු කිරන්න බන්ධානාගාරය තීරණය කරලා. සන්ජේහට බන්ධාගාර ගත වීමට සිදුවුණේ නීති විරෝධි ලෙසින් ආයුධ ළඟ තබා ගැනීමේ වරදටයි.