වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඉම්රාන් - භෂ්මි පූජා - ආලියා ඇතුලු භාත් පවුල් ගහ

ඉම්රාන් - භෂ්මි පූජා - ආලියා ඇතුලු භාත් පවුල් ගහ

ඉන්දීය සිනමාවේ විහිදී ඇති පවුල් අතරේ අද හඳුනා ගන්නේ සුප්‍රසිද්ධ භාත් පරම්පරාවයි. භාත් පරම්පරාව ද හින්දි සිනමාවේ විවිධ අංශ රැසක් යටතේ දායක වෙමින් තම අනන්‍යතාව ගොඩ නඟා ගෙන තිබේ. හින්දි සිනමාව තුළ භාත් නාමය සනිටුහන් කළ ආරම්භක සාමාජිකයා වන්නේ නානාභායි භාත්ය.

නානාභායි භාත් බොලිවුඩ් සිනමාවේ මෙන්ම ගුජරාටි සිනමාවට ද එක සේ දායක වූ අධ්‍යක්ෂවරයෙකි. එමෙන්ම ඔහු නිෂ්පාදකවරයෙකු ලෙසත් චිත්‍රපට ගණනාවක් ඉන්දීය සිනමාවට දායාද කළේය. 1942 වසරේදී Muqabala  චිත්‍රපටයෙන් ආරම්භ කළ ඔහුගේ සිනමා දිවියේ Mr. x, Zimbo Comes to Town. Lal Qila  ඇතුළු චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය සේම නිෂ්පාදනය ද කළේය. ඔහුගේ නිෂ්පාදනයක් වූ Kangan චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා ලද චිත්‍රපට අතරට ද එක් විය. නානාභායි උපත ලැබූයේ 1915 වසරේ ජූනි 12 වැනිදා ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේදීය. ඔහුගේ දියණියන් පස් දෙනා සහ පුතුන් සිව් දෙනා අතරින් සිනමාවට වැඩි ලෙංගතුකමක් දැක්වූයේ පුතුන් තිදෙනෙකු පමණි. මහේෂ් භාත්, මුකේෂ් භාත් සහ රොබින් භාත් ඉන්දීය සිනමාවේ භාත් පරම්පරාව ඉදිරියට ගෙන යමින් හින්දි සිනමාවට එක් විය.

Bambai Ki Sethani, Passing Show, State Express Bijla  වැනි චිත්‍රපටයන්හි රංගනයෙන් දායක වූ ෂිරින් මොහොමඩ් අලි නානාභායිගේ දෙවැනි විවාහයේ බිරිඳයි. මහේෂ් භාත් නානාභායි සහ ෂිරින්ගේ පුත්‍රයායි. මහේෂ් භාත් පියාගේ අඩි පාරේ යමින් අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසින් ද සිනමාවට පිවිසියේය. ඔහු නිර්මාණය කළ Arth, Saaransh, Janam, Daddy, Hum Hain Rahi Pyarke වැනි චිත්‍රපට ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසකට හිමිකම් කීවේය. Jaanam, Junoon, Border, Tamanna  වැනි චිත්‍රපටවල රඟමින් අනූව දශකය තුළ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් නිළියක බවට පත් වූ ජූජා භාත් මහේෂ්ගේ පෙර විවාහයේ වැඩිමහල් දියණියයි. 1990 වසරේදී මහේෂ් අධ්‍යක්ෂණය කළ Daddy  චිත්‍රපටයේ පූජාගේ චරිතයට පණ දෙමින් ඇය සිය සිනමා ජීවිතය ආරම්භ කළාය. හින්දි චිත්‍රපටවලට අමතරව දෙමළ සහ තෙළිඟු චිත්‍රපට සඳහා ද සිය රංගන දායකත්වය ලබා දුන් පූජා භාත් පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද යොමු විය. Paap, Holiday, Dhokha ඒ අතරින් කිහිපයකි.

බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත නිළියක මෙන්ම අධ්‍යක්ෂවරියක ද වූ සෝනි රාස්දීන් සමඟින් මහේෂ්ගේ දෙවැනි විවාහය සිදු විය. ඔවුන්ගේ දියණිය ආලියා භාත් ද වර්තමානයේ අතිශය ජනප්‍රිය වූ රංගන තරුවකි. 1999 වසරේදී Sangharsh සිනමාපටයෙන් රංගනයට පිවිසි ඇය Student of the Year, Highway, 2 States චිත්‍රපටවල රංගනය වෙනුවෙන් සම්මානයන්ට ද පාත්‍ර වූවාය. Highway  චිත්‍රපටයේ ‘සෝහා සාහා’ ගීතය ගයමින් ආලියා ඇය සතු වූ පසුබිම් ගායන හැකියාව ද පෙන්නුම් කළාය.

නානාභායිගේ දෙවැනි පුත්‍රයා වූ මුකේෂ් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිෂ්පාදකවරයෙකි. ඔහුගේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය වූයේ මහේෂ් භාත් අධ්‍යක්ෂණය කළ මිනක්ෂි ශේෂාද්‍රි සහ විනෝද් ඛන්නා රංගනයෙන් දායක වූ Jurm චිත්‍රපටයයි. ෆිල්ම් ෆෙයාර් සම්මාන ලැබූ Dil Hai Ki Manta Nahin, Ghulam, Razz  ඇතුළු චිත්‍රපට රැසක් ඔහු විසින් නිෂ්පාදනය කෙරිණි. මුකේෂ්ගේ පුතු විශේෂ් භාත් සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම සාර්ථකත්වයක් ලද අධ්‍යක්ෂවරයෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ Murder 3 බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයකි.

රොබින් භාත් මහේෂ් හා මුකේෂ්ගේ බාල සහෝදරයා වේ. ඔහු බොලිවුඩයේ සාර්ථක තිර රචකයෙකි. හැත්තෑවකට අධික චිත්‍රපට ගණනාවක් සඳහා තිර රචනා නිර්මාණය කළ ඔහුගේ නිර්මාණ ගොන්නට Aashiqui (1990), Juniin, Baazigar, Talaash,chalte Chalte, Koi Mil Gaya, Krrish, Tezz වැනි ජනප්‍රිය චිත්‍රපට ඇතුළත්ය. ජනප්‍රිය ඉන්දීය නිළියක වන පූර්ණිමා දාස් වර්මා ද භාත් පවුලට සම්බන්ධකම් කියන තවත් සාමාජිකාවකි. ඇය මහේෂ්ගේ බිරිඳ ශිරින්ගේ සහෝදරියයි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, තිර රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ද වන භාග්ඛාන් දාස් වර්මා සමඟ ඇය විවාහ වී සිටියි. එම දෙපලගේ පුතු අන්වර් භෂ්මි ද ඉන්දීය චිත්‍රපට නළුවෙකි. ඔහුගේ පුතු ඉම්රාන් භෂ්මි ද වර්තමානයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින රංගන ශිල්පියෙකි.

ඉන්දියාව තුළ සුප්‍රකට නර්තන ශිල්පිනියක වූ අන්ජලි කේර් මහේෂ් භාත්ගේ ලේලියකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන මොහිත් සූරි ද මහේෂ්ගේ බෑණා කෙනෙකි. ඔහු නානා භාත්ගේ බාල දියණියගේ පුත්‍රයා වේ. රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන උදිතා ගොස්වාමි මොහිත්ගේ බිරිඳය. නචචන චිත්‍රපටයෙන් ඇය රංගනයට පිවිසියාය. ස්මයිල් සූරි භාත් පවුලට නෑකම් කියන්නා වූ නර්තන තරුවකි. ඇයි මොහිත්ගේ සහෝදරියයි. ම්චතරචඨ, කඥඩ ර්ඥපච ධ්දඤඪච, ඛ්පධධබ වැනි චිත්‍රපට සඳහා ඇය සිය රංගනයන් ඉදිරිපත් කළාය. ඊඩඥ ච්ඪපබර ර්‍ථඪජබභපඥ, ර්‍ණදජඥ උනධදච බඪථඥ ඪද ර්භථඡචඪ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මිලාන් ලුත්‍රියා, මහේෂ් භාත්ගේ බෑණා කෙනෙකි. අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම තිර රචකයෙකු ලෙස ක්ෂේත්‍රයේ ජනප්‍රිය ධර්මේෂ් ධර්ෂන් මහේෂ් භාත්ගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයා වේ. 1993 වසරේ තිරගත වූ Lootere  ඔහුගේ නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් එළි දුටු සිනමා නිර්මාණ්‍යකි. සුයීල් ධර්ශන් ධර්මේෂ්ගේ බාල පුත්‍රයාය. රාජ කුමාර් කොහිල් අධ්‍යක්ෂණය කළ Inteqam ඔහුගේ ප්‍රථම නිෂ්පාදනයයි. Ajay, Jaanwar, Andaaz . Barsaat ඔහු විසින් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයකි.