වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගේ තවත් කැමැත්තක්

අර්ජුන්ගේ තවත් කැමැත්තක්

අර්ජුන් කපූර් වර්තමානයේ ජනප්‍රියත්වයක් දිනා ගනිමින් සිටින යොවුන් බොලිවුඩ් රංගන ශිල්පියෙක්. පසුගිය වසරේ ඉහළ අදායමක් වාර්තා කළ 2 States චිත්‍රපටය හරහා ඔහුට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වුණා. මේ දවස්වල ඔහු කාර්ය බහුල වෙලා සිටින්නේ ඔහු දායක වූ Taver චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්.

විසිනව හැවිරිදි අර්ජුන්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇති වෙලා. ඒ ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවයෙක් සමග කටයුතු කිරීමයි. ඔහු අධ්‍යක්ෂවරයෙකු පමණක් නොව නිෂ්පාදකවරයෙක්, තිරකතා රචකයෙක් වගේම පසුබිම් ගායකයෙකු ලෙසද තම ප්‍රතිභාව පෑ ෆර්හාන් අක්තාර්.

Bhaag Milka Bhaag චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු පසුගිය 2013 වසරේදී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. අර්ජුන් බලා සිටින්නේ ෆර්හාන් සමග චිත්‍රපටයකට දායක වීමටයි. ඉදිරියේදි ෆර්හාන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක අර්ජුන් රඟපාවීද නැත්නම් මේ දෙදෙනා එකට චිත්‍රපටයක රඟපාවීද කියල අපි බලමු.