වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




දයාබර බිරියකගෙන්

දයාබර බිරියකගෙන්

ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ අභාවප්‍රාප්ත වී වසර තුනක් පිරීම නිමිත්තෙන් බිරිඳ රංගන ශිල්පිනී කාංචනමාලා මහවිතාන සරසවියට ලියා එවන වගයි.

සිසිල නැත සිසි කැළුම් සරා සඳ දිස් වුවද
හිරු දවයි මගේ කය බුර බුරා නොනැවතීම
සුළං රැලි පොර බදයි සුසුම් රැල් ගෙන මහද
සිහිනයෙන් පෙනේදෝ මගේ හද ඉකිබිඳින

හඬන්නට වාරු නැත ලය පැලී ඇති සේය
අසන්නට රිසි නොහේ ලවන් බිහිරි වූ සේය
දොඩන්නට සිත් නොදේ මුව ගොළුව ඇති සේය
ලෝකයම මට නොවේ මා දවා ඇති සේය