වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

චන්නගේ උත්සාහයට තුති

සිංහල සිනමාවේ දක්ෂ නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ චන්න පෙරේරා විසින් විදෙස් සිනමා නිළියන් සිංහල සිනමාවට සම්බන්ධ කරගෙන ඔවුන් ජනප්‍රිය කරවීම සහ සිනමා ප්‍රේක්ෂකයා නැවතත් සිංහල සිනමාවේ රඳවා තබා ගැනීමට ගන්නා උත්සාහයට අප ඔහුට ස්තුතිවන්ත විය යුතුයි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

මතක ආවර්ජනය

රිදී තිරය ඔප කළ පැහැබර දිවිය
මැකී නොයන සිනමා අඹරේ සවිය
කලක් ගිය ද තවමත් මතකයේ රුවය
මලක් විලස සුවඳය සක්විති සුවය
 

සමන් ගාල්ලගේ

කැටපළ

තිස්ස නාගොඩවිතානට,

රුක්මණීගේ සිනමාවෙන් බිඳක් යනුවෙන් පැය දෙකක් පුරා ඔබ සැකසූ වැඩසටහන ඉතාමත් චමත්කාරජනකය. එතුළ රුක්මණී දේවියගේ ගීත ගැයූ වෙනත් අය රුක්මණීගේ හඬට කිට්ටු වන්නට නොහැකි බවත් ඇගේ කටහඬ ඇයටම පමණක් උරුම වූ බවත් ඔබ අපට කියාදීමට ඉදිරිපත් වීම සතුටට කරුණකි.
 

සිල්වෙස්ටර් විජයකුලසූරිය පියතුමා

හාල්දඬුවන

දංකොටුව

දසුන් රඟන බිනර හොඳයි

එදා සූරිය අරණ, සමනල තටු වැනි චිත්‍රපටවල රඟපෑ ළමා නළු දසුන් මධුසංක දැන් ටෙලි නාට්‍ය තුළින් අප ආලින්දයට පැමිණෙනවා. ඔහු සිත් අහස ටෙලි සිතුවමේ බිනර ලෙස කරන රංගනය හොඳයි.
 

සරත් සේනාධීර

ජාඇල

මහේෂ් ආයෙත් සිනමාවට එන්න

සිංහල සිනමාවේ හාස්‍යොත්පාදක නළුවකු වන මහේෂ් ජයසිංහ චිත්‍රපට රාශියක රඟපෑ ඇතිමුත් වර්තමානයේ රංගනයෙන් ඈත්ව සිටියි. යළිත් ඔහු සිංහල සිනමාවට එකතු වන්නේ නම් ඉතා සතුටු වෙමු.
 

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

කපිලට වෙනත් චරිත කළ හැකියි

සටන් නළුවකු ලෙස ඇප කැප වී සිටි කපිල සිගේරා දිගු කලකට පසුව තමන්ට වෙනත් චරිත රඟපෑ හැකි බව මුතුකැට සිහිනයේ කළු ජේ්මිස් තුළින් පෙන්වා දී තිබෙනවා. කලහකාරී චරිතයක් වුවත් එතුළින් නරඹන්නාව ඔහු කුල්මත් කරනවා.
 

සුසිලා පතිරාජ

පුබුදුගම

S.M.S.

ජාතික රූපවාහිනියේ විකාශය වූ සරත් ධර්මසිරිගේ මුරුගසං වරුසාව ටෙලි සිතුවමේ රඟපෑ ළමා නිළිය සහ ළමා නළුවා ගැන තොරතුරක් දැනගන්නට ලැබුණේ නැහැ. ඔවුන් කෝ?


සනේෂ්

නුවර

දෙරණ රූපවාහිනයේ විකාශය වන ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයේ විශ්ව ලංකා රඟපාන පොලිස් නිලධාරි චරිතය ඔහු තාත්ත්විකව පණ පොවනවා.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

අප රට තුළ ක්‍රියාත්මක වන ඇතැම් සම්මාන උළෙලයන් හි විනිශ්චය කටයුතු පිළිබඳ සෑහීමකට පත් විය නොහැක. නුසුදුස්සාට සම්මාන ලැබී සුදුස්සා පසෙක බලා හිඳියි. මෙම තත්ත්වය කවදා නිමා වේවිද?
 

හසන්ත

කුළුගමුව

වර්තමාන ටෙලි නාට්‍ය නරඹද්දී අශෝක හඳගම නිර්මාණය කළ සිත්තටික් සිහින, දිය කැට පහන ආදී නාට්‍ය මතක් වුණා. එහි තුළ තිබුණ අමුතුම රිද්මය අද නාට්‍යවල නැහැ. එවන් වූ නිර්මාණකරුවන් දක්නටත් නැහැ.
 

වතීෂ

නවගමුව

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම තව චිරාත් කාලයක් වැජඹේවා.
 

නිමල්

මහවැව

මිල්ටන් මල්ලවාරච්චි නැති අඩුව පුරවන්න කාහට හැකිද. ඔහුගේ කටහඬෙ හි තිබුණු විරහභාවය කාට නම් ගත හැකිද? රියැලිටි තරඟවලට පවා ඔහුගේ ගී යොදා ගන්නේ නැත්තේ මිල්ටන්ගේ ගීත කාටවත් ලෙහෙසියෙන් අනුකරණය කරන්නට බැරි හෙයිනි.
 

ලක්මාලි

වරකපොල

සමහර අය නළු නිළියො වුණාට වැඩක් නැහැ. හරියට බුලත් විටක්වත් කන්න දන්නේ නැහැ. මා දැක්කා එක්තරා නළුවකු බුලත් විට කනවා හරියට චුවිංගම් කනවා වගෙයි.
 

සුදර්ශනී

හපුගොඩ

අනේ හරූන් ලන්ත්‍රාට ආයෙ ගීත කියන්න පුළුවන් වෙනවා නම්. එතකොට ඔහුගේ හඬින් අලුත් ගීයක් අහන්න පුළුවන් වේවි.
 

සුනිල් විජේතිලක

අම්පාර

තුෂාරි වේහැල්ල අක්කේ,

ඔයාට රඟපෑමේ හැකියාව රූප සොභාව වගේම, නිහතමානී හදවතකුත් තියෙනවා කියලා අපට දැනුණා. ඒ ඔයා මේ දිනවල රඟපාන ද ලොජ් නාට්‍යයේ රූපගත කිරීමක් සඳහා අප ප්‍රදේශයට ආව වෙලාවේදියි ඔබේ නිහතමානීකම දුුටුවේ. ඔබ අපිත් සමඟ කතාබහ කළේ අපව කාලෙක පටන් දන්න කියන අයවලුන් පරිද්දෙනි. එමෙන්ම ඔබ ඒ කෙටි කාලයේදි අපට ළෙන්ගතු මිතුරියක් ද වුණා. එවන් වූ හදවතක් තියෙන ඔබේ ඉදිරි වැඩ කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක වන්න ඕනෑ.
 

මධුශිකා සඳරුවනි

කඩුවෙල

හිරු නාළිකාවේ විකාශය වන කොපි චැට් වැඩසටහනට සීදූව සකුරා සංගීත කණ්ඩායමේ ජූඩ් රොගෑන්ස් අයියාවත් ගෙන්වන්නකෝ, ප්ලීස්.
 

අසංගිකා ප්‍රියදර්ශනී

කුරුණෑගල

දෙරණ ටීවී එකේ දවල්ට යන ෆිල්ම් එක බලන්න බැරි තරමට ඇඩ්වර්ටීස්මන්ට්වලින් පිරිලා. සවස විකාශය වන රෙකෝඩ් බාර් වැඩසටහන ද එලෙසමයි.
 

චන්න

දඹුල්ල

දමිත් අසංක, ප්‍රදීප් රංගන, ධනුක දිල්ශාන්, අමිලා නදීශානි, ආශා එදරිසිංහ යන අයට හැර මම අනෙක් කිසිදු කලාකරුවකුට ආදරේ නැහැ.
 

අසංගිකා

කුරුණෑගල

බඹරු නම දැරූ විසිතුරු සිනමා රූ

මලට නොඑන බඹරු, බඹර ගීතය, බඹර කලාපය, බඹර පහස, බඹර පැටික්කි, වන බඹරා.
 

ලියා එව්වේ

නිකවැරටිය

හර්ෂනාථ බණ්ඩාර

සිනමා ලොවේ දැවැන්තයා අන් කවුරුවත් නොව සුනිල් ටී. ප්‍රනාන්දුය. ඔහු හෙළ සිනමාවේ රජුය.
 

ලෙස්ලි

කොච්චිකඩේ

මේ ආදරයයි නාට්‍යයේ රුහිට හඬ කවන නංගා ගොඩක් හොඳට ඒ වගකීම ඉටු කරනවා. ඒ නිසා කතාව බලන්න ආසයි රුහීත් ගොඩක් ලස්සනයි. සිරසට මං තුති පුදනවා මෙවන් වූ නාට්‍යයක් විකාශය කිරීම පිළිබඳව.
 

තමාලි

අලව්වත්ත

ලොව හොඳම නළුවා වූ ජගත් චමිලව කාලෙකින් සැලකිය යුතු චරිතයකින් අප දුටවේ නැහැ. ඇයි ඔබ නිහඬ.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

බලන්න බලන්න ආස හිතෙන එකම නාට්‍යය මේ ආදරයයි.
 

හේමා

වල්පොළ

පුංචි තිරයේ අවිහිංසකාවිය වූ ආශා එදිරිසිංහ අක්කේ, ඇයි දැන් ඔයා ටෙලි ඩ්‍රාමාවල පේන්න නැත්තේ. රංගනයෙන් ඈත් වෙලාද. අනේ එහෙම කරන්න එපා.
 

කමනි

අලව්ව

ජින්ජර් අක්කිට,

මගේ ජීවිතයේ හමු වූ හොඳම මිතුරිය ජින්ජර් අක්කියි. සංවේදීකම විවාතභාවය ආදී හොඳ ගතිගුණ මං දැක්කේ ඇයගෙනි. මගේ ජීවිතයේ හොඳ නරක පවා කියා දුන්නේ ද ඔබයි. අපේ සංගීත ලෝකයේ චිරාත් කාලයක් වැජඹීමට ඔබට සුබ පතමි.
 

මම ඔයාගේ චූටි නංගි

නිලූ

දෙහිවලා

සිංහල සිනමාවට චන්න පෙරේරා හඳුන්වා දුන් නිළියන් අතරින් දක්ෂතම මෙන්ම රූමත්ම නිළිය පූජා උමා ශංකර්ය.
 

පී. ඩී. විරාජ්

මාකඳුර

කවුරු කෙසේ මොන කතා කිව්වත් මගේ ප්‍රියතම ගායකයා වික්ටර් රත්නායකයි. මහා සංගිතවේදියාණෙනි සංගීත දිවියේ පනහ දශකය සැමරුවා සේම හැත්තෑ පස් වැනි සමරුව ද සමරන්නට හැකි වේවා.
 

ඉෂාන්

පානදුර

ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 අංකයට. තැපැල්පත් සටහන් පත් නම්

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

ඔබ ප්‍රතිචාර කුමන මාධ්‍යකින් එව්ව ද ඒවාහි අග ඔබේ නම සහ ප්‍රදේශය සනිටුහන් කරන්නත් මතක තබාගන්න.