වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය 215

තිරගත වූ දිනය - 1992 සැප්තැම්බර් 25

ඉදිරිපත් කිරීම - සකුචාරා චිත්‍රපට

නිෂ්පාදනය - කුසුම් අබේසේකර, සරත් අබේතිස්ස

අධ්‍යක්ෂණය - මු. අරුක්ගොඩ (අවසාන චිත්‍රපට අධ්‍යක්ෂණය)

කතාව - 'ඉන්සාප් කාතරාසු' හින්දි චිත්‍රපටයේ අනුකරණයකි

කතාව, දෙබස්, සහාය අධ්‍යක්ෂණය - ලයනල් පඬුවාවල

තිර නාටකය - අමිත් ප්‍රියදර්ශන

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

සංස්කරණය - කාලිංග ද සිල්වා (අවසාන චිත්‍රපට සංස්කරණය)

සංස්කරණ සහාය - චන්ද්‍රසේන රූබසිංහ

සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රනියම්, ජෝර්ජ් මනතුංග

රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු

සැකසුම - විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය - අර්නස්ට් සොයිසා

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, බන්ඩාර කේ. විජයතුංග

ගීත - දෙවියන් නොදුටුව අපේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල

පායන තුරා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල

අවිචාරය මුළු සක්වල - එච්. ආර්. ජෝතිපාල නුරා නුවන් බැල්ම - එච්. ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා දෙවියන් නොදුටුව - එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් - සනත් ගුණතිලක (අශෝක), මාලිනී ෆොන්සේකා (කාංචනා), මොරීන් චාරුනී (නීතා), ජීවන් කුමාරතුංග (ජගත්), සුමනා අමරසිංහ (අධිනීතිඥ), සොමී රත්නායක (අධිනීතිඥ රණරාජ), ෆ්‍රෙඩී සිල්වා, රෙක්ස් කොඩිප්පිලි' බන්දු මුණසිංහ, කුසුම් අබේතිස්ස, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සරත් අබේතිස්ස, දයානන්ද සිල්වා

ප්‍රදර්ශනය - රිට්ස් - බොරැල්ල, විජිත - රත්මලාන, අනූෂා - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ජයන්තා - ගම්පහ, ජයලත් - කටුනායක, සෙයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, ඡායා - කෑගල්ල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, රුවන් - මත්තුමගල


කුලගෙය

තිරගත වූ දිනය - 1992 ඔක්තෝම්බර් 12

ඉදිරිපත් කිරීම - සීමාසහිත සී. ටී. චිත්‍රපට සමාගම

නිෂ්පාදනය - සීමාසහිත සිලෝන් තියටර්ස්

අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න

කතා තේමාව - බෙනඩික් දොඩම්පේගම

කතාව, දෙබස්, තිර රචනය - තිස්ස අබේසේකර

සහාය අධ්‍යක්ෂණය - එල්. එස්. චන්ද්‍රසේකර, ඉන්දික අබේරත්න

කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ

කැමරා සහාය - ජී. නන්දසේන, ඇම්. අනුර, ඩබ්ලිව්. පියසේන, මාටින්, ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, සරත් වීරසිංහ

සංස්කරණය - එල්මෝ හැලිඩේ

සහාය - ෂෙල්ටන් පෙරේරා

අංග රචනය - රංජිත් මතඟවීර

සහාය - ඉමල් ශානක පීරිස්

කලා අධ්‍යක්ෂණය - ධර්මසේන ආටිගල

සහාය - චන්දන නිශාන්ත

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, ඩබ්ලිව්. ඩී. පොඩිරත්න, රංජිත් පෙරේරා

සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. ස්ටුඩියෝ

නිෂ්පාදන සම්බන්ධිකරණය සහ නිෂ්පාදන කළමනාකරණය - ආතර් යූ.අමරසේන

සහාය - ලක්ෂ්මන් සමරසිංහ

ගීත සහ පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය

කොණ්ඩා සැරසිලි - සෑම් සී. පෙරේරා

නිෂ්පාදන අංශයේ සහාය - යූ. කේ. මහින්ද, සුනිල් බමුණුආරච්චි, වසන්ත ද අල්විස්

කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට, සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස්

සංස්කරණ අංශය - ටී. කේ. ස්ටුඩියෝ

නිශ්චල ඡායාරූප - සිරි අබේගුණසේකර

නාමාවලිය - වජිර ලියනගේ

ධාවන කාලය - පැය 2 විනාඩි 10, දිග අඩි 12000

පිටපත් ප්‍රමාණය - 13

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල, සමන්ත හේරත්

ගීත

සරාගි අඩවියේ දස දහස් මලින් - මාලිනී බුලත්සිංහල

සඳ පිර පුන් වෙලා - අයිවෝ ඩෙනිස්, ලතා වල්පොල

නළු නිළියන් - ශ්‍රියානි අමරසේන, ලකී ඩයස්, ටෝනි රණසිංහ, වසන්ති චතුරාණි, ඩග්ලස් සිරිවර්ධන, එච්. ඒ. පෙරේරා, දිල්හානි ඒකනායක, නවනන්දන විජේසිංහ, වීණා ජයකොඩි, මානෙල් වානගුරු, සමන්ති ලැනරෝල්, ඇග්නස් සිරිසේන, සඳුන් විජේසිරි, සිරිල් වික්‍රමගේ, ඥානාංග ගුණවර්ධන, ආතර් කපුරු බණ්ඩාර, සුනිල් හෙට්ටිආරච්චි, ගීතාල් පෙරේරා, එල්සන් දිවිතුරගම, ඉග්නේෂන් පෙරේරා, සෝමසිරි කොළඹගේ, කපිල සිගේරා, ලාල් පීරිස්, උපතිස්ස බාලසූරිය, යූ. එල්. ප්‍රේමදාස, පියසේන ජස්වන්ත්, ෂෙල්ටන් රණතුංග, ගුණපාල කරුණාපතිරණ, උපාලි, භාග්‍යා කස්තුරිආරච්චි, සුජානි මේනකා දහනායක, මනාජා අංජලී වික්‍රමනායක

මංගල දර්ශනය - ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ. ජේ. රණසිංහ මහතාගේ මූලිකත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය - ලිඩෝ, මෙට්රෝ ප්‍රමුඛ පස්වන මණ්ඩලයේ සිනමා ශාලා13 ක ප්‍රදර්ශනය විය.


තිරගත වූ දිනය - 1992 ඔක්තෝම්බර් 02

ඉදිරිපත් කිරීම - එම්. ජේ. ඒ. ප්‍රඩක්ෂන්

නිෂ්පාදනය - එම්. ජේ. ආබ්දීන්

සම අධ්‍යක්ෂණය - වී. සිවදාසන්, තිලක් වේහැල්ල

කතාව, දෙබස්, තිර නාටකය - 'සින්නපුවේමෙල්ල ජේසු' - දමිළ චිත්‍රපටයේ අනුකරණයකි - වී. සිවදාසන්

සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කලමනාකරණය - බර්නාඩ් ජයතුංග

කැමරා අධ්‍යක්ෂණය - එම්. වී. සිවසුබ්‍රමනියම්

කැමරා සහාය - සංස්කරණය - සේනක නවරත්න

අංග රචනය - ජී. ඩී. නන්දසේන

සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මෝහන් කුමාර්

ශබ්ද පරිපාලනය - කේ. සුබ්‍රමනියම්

රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු, වී. සිවදාසන්

සැකසුම - විජය චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප - තිලක් වේහැල්ල

නාමාවලිය - ඒ. ඩී. රංජිත් කුමාර

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - තිලක් වේහැල්ල, බර්නාඩ් ජයතුංග

ගීත - පාවේ පැතුම් මාළිගා - ලතා වල්පොල, විල්බට් ඇන්තනි නිල් මානෙල් මල් - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - ජීවන් කුමාරතුංග (ජගත්), නදීකා ගුණසේකර (වසන්ති සහ සමන්ති), ශෂි විජේන්ද්‍ර (සමන්), තිස්ස විජේසුරේන්ද්‍ර (වීරබාහු), සෝනියා දිසානායක (වීරබාහු මහත්මිය), මැණික් කුරුකුලසූරිය (යසෝධරා), මාක් සැම්සන් (ෂර්ලි), නිහාල් සිල්වා (චාලි), තලතා ගුණසේකර, විල්සන් කරුණාරත්න, සරත් සිල්වා, දොන් බොස්කෝ, සනත් ඉඹුලමුරේ

ප්‍රදර්ශනය - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඕඩියන් - ගල්කිස්ස, කුවින්ලන් - නුගේගොඩ , රත්නාවලී - ජාඇල, පබ්ලික් හෝල් - ගම්පහ, ජෝති - රත්නපුරය, ජයමිණි - පානදුර, වේල්ස් - මහනුවර, ප්‍රිස්කා - කළුතර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ෂැම්රොක් - වෙන්නප්පුව, එස්. කේ. සිනමා - මාතර, මංගලා - කොස්වත්ත, රුවනි - කඩවත


තිරගත වූ දිනය - 1992 ඔක්තෝම්බර් 09

ඉදිරිපත් කිරීම - වයි. එන්. චිත්‍රපට

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - යසපාලිත නානායක්කාර

කතාව, දෙබස්, තිර නාටකය - සිරි කහවල

සහාය අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් ප්‍රියදේව

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

කැමරා සහාය - නිමල් නාකන්දල, ඇන්තනි සිල්වා, එම්. ඇරෆින්, ඩබ්ලිව්. ඒ. කොස්තා, පද්මසිරි පීරිස්, එම්. ආරියරත්න පෙරේරා, පත්මසිරි පීරිස්, ඊ. එම්. ලක්ෂ්මන් ස්ටැන්ලි

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ලක්ෂ්මන් සිල්වා (මහතුන්)

නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති

ගීත පටිගත කිරීම, දෙබස් සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - අල්විස් අබේසිංහ, සරත් සිරිබද්දන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, යූ. එස්. එස්. හමීඩ්

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

රසායනාගාර සම්බන්ධීකරණය - ඩිල්මන් ජයරත්න

සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය

කාර්මික උපකරණ සැපයුම - සිනෙක්යුප් සර්විසස්, ෆිල්ම් ලොකේෂන් සර්විස්, සම්පත් ෆිල්ම්ස්, රන්ජිත් දිසානායක

නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල

නාමාවලිය - ලාල් ඩී. ආටිගල

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, සුනිල් ගුණවර්ධන

ගීත - දුක් වින්දේ මුං හින්දා - ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද, මර්වින් පෙරේරා, රංජීව නානායක්කාර සැංගි සැංගි මල්මද බැල්මේ - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද යෞවන රඟමඬලේ - ඉන්ද්‍රාණි පෙරේරා හුරතලුන් මුව පුරා හිරිමල් මේ හිනා - ග්‍රේෂන් ආනන්ද තටු සලා ඉගිලිලා - ලතා වල්පොල

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, දිල්හානි අසෝකමාලා, ප්‍රියංකර පෙරේරා, නිල්මිණි තෙන්නකෝන්, රෝයි ද සිල්වා, මර්වින් ජයතුංග, වින්සන් වාස්, සමන්ති ලැනරෝල්, ආනන්ද වික්‍රමගේ, විල්සන් කරුණාරත්න, රෝහිත මාන්නගේ, මාක් සැම්සන්, සරත් සිල්වා, රජිත රුද්‍රිගු, ෂර්ලි දන්දෙනිය, ප්‍රියන්ත විජේකෝන්, චිරන්ජය නානායක්කර, රජීව නානායක්කාර, ජයන්ත, සුනිල් ප්‍රේමකුමාර, විජය අබේගොඩ, ලාල් පීරිස්, ලෙස්ලි පෙරේරා, මනෝජ් රූපසිංහ, ජයන්ත සිල්වා, ලාල් කුමාර්, සිසිර කුමාරතුංග, දයා රත්නායක, ජයතිලක අතපත්තු, අනිල්, නන්දසිරි, පාලි, කපිල සිගේරා, ලක්ෂ්මන්, වයි. පීටර්, හේමන්ත වර්ණකුල, තුවන් අමාන්, රංජිත් පීරිස්

ධාවන කාලය - පැය 2 විනාඩි 20, දිග අඩි 14000

ප්‍රදර්ශනය - ක්‍රවුන්, ඉම්පාලා, ලැවීනියා ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 13 කදී.