වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සෝනම් ක්‍රියාදාම චිත්‍රපටයක

සෝනම් ක්‍රියාදාම චිත්‍රපටයක

අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් ඉතාමත් කෙටි කාලයකදී බොලිවුඩයේ දීප්තිමත් වූ කාරකාවක්. සන්ජේ ලීලා බන්සාලිගේ Saawariya චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළ ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසින් නාමයෝජනා වුණේ පසුගිය වසරේ Raanjhanaa චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

උදා වුණු අලුත් අවුරුද්ද කාටත් අලුත් වෙනවා වගේම සෝනම්ට එය ඊටත් වඩා සුවිශේෂ අවුරුද්දක්. 2015 වසරේදී ඇය රංගනයෙන් දායක වෙන චිත්‍රපට දෙකක්ම තිරගත වෙන්න නියමිතයි. ඒ අතරේ Dolly Ki Doli චිත්‍රපටයේ ඇයගේ රංගනය මීට පෙර කළ රංගනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූවක්.

සාමාන්‍ය තරුණියකගේ චරිතයෙන් බැහැරව ක්‍රියාශීලි චරිතයකය ඇය මෙහිදී පණ පොවන්නේ. ඒ වෙනුවෙන් ඇයට ජීප් රථයක් ධාවනය කිරිමට අමතරට මෝටර් බයික් එකකුත් ධාවනය කරන්න සිදු වෙලා. මේ චිත්‍රපටයේ සෝනම් හාර්ලි ඩේවිසන් වර්ගයේ බයික් එකක් ධාවනයේ යෙදෙන දර්ශන කිහිපයක්ම ඇතුළත් වෙනවා. අභිෂේක් දෝග්රා අධ්‍යක්ෂණය කළ Dolly Ki Doli චිත්‍රපටය ලබන 23 වැනිදා සිට ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට හැකි වෙනු ඇත.