වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




නව වසරේ මංගල සීනු

නව වසරේ මංගල සීනු

මේ වසරේ බොලිවුඩයේ මංගල සීනු හැඬවෙන්නේ කාටද ? දැන් කවුරුත් බලා සිටින්නේ ඒ දෙසයි. ආදර සබඳතා ඇති වෙන නැති වෙන අතරේ විවාහයක් දක්වා ආදර සම්බන්ධයක් ගෙන යන අය බොලිවුඩයේත් දැන් දුලබයි.

ආදර බැඳිම් ඇති වූ බොලිවුඩ් තරු අතරේ තරු කිහිපයක් වෙත මේ දිනවල ලොකු අවධානයක් යොමු වෙලා. මොන තරම් වසන් කරන්න තැත් කළත් ආදරයයි කැස්සයි හංඟන්න බැහැ කියනවානේ. ඒවගේ තමයි මේ අයත් එයාලාගේ ආදර කතා හංඟන්න හැදුවට හංඟාගෙන ඉන්න නම් බැරි වෙලා. රන්බීර් – කත්‍රිනා ආදර කතාව වගේම අනුෂ්කා ෂර්මා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමග වන ආදර කතාවත් දැන් ජනප්‍රියයි. මොන තරම් නෑ කිව්වත් අනුෂ්කා ෂර්මා විරාත් කෝලි සමගින් දැන් ප්‍රසිද්ධියේ ගමන් බිමන්වල නිරත වෙනවා.

රන්බීර් සහ කත්‍රිනා නම් පසුගිය දෙසැම්බරයේ නත්තල වෙනුවෙන් එකිනෙකාගේ නිවෙස්වලට පවා ගිහින් තියෙනවා. දෙදෙනමෙ බොම්බායේ නිවසකුත් මිලදී ගෙන ඇති බව ආරංචියි. ඉතින් බොලිවුඩ් රසික රසිකාවන් බලා සිටින්නේ උදා වූ 2015 වසර මේ සියලු දෙනාට මංගල සීනු හැඬවෙන වසරක් වේවි කියලයි.