වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අමෙරිකාවෙන් රුසියාවට සම්මාන පිදූ ගෝල්ඩන් ග්ලෝබ්

අමෙරිකාවෙන් රුසියාවට සම්මාන පිදූ ගෝල්ඩන් ග්ලෝබ්

ගෝල්ඩන් ග්ලෝබ් 72 වැනි සම්මාන උළෙල පසුගිය 11 වැනිදා කැලිෆෝනියාවේ බෙවලි හිල් හෝටලයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. පසුගිය 2014 වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට අතුරින් හොඳම වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගන්නා ලද්දේ රිචඩ් ලින්ක්ලේටර් අධ්‍යක්ෂණය කළ Boyhood චිත්‍රපටය යි.

හොඳම සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපටය ලෙසින් සම්මානනීය වූයේ වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ The Grand Budapest Hotel  චිත්‍රපටය යි.

හොඳම නළුවා

එඩී රෙඩ්මෙයන් - The Theory of Everthing

හොඳම නිළිය

ජුලියානේ මුවර් - Still Alice

හොඳම නළුවා (සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපටය)

මයිකල් කීටන් - Birdman

හොඳම නිළිය (සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපටය)

ඇමී ඇඩම්ස් - Big Eyes

හොඳම සහය නළුවා

ජේ. කේ. සීමන්ස් - Whiplash

හොඳම සහය නිළිය

පැට්‍රීෂියා ආක්‍යුටේ - Boyhood

හොඳම අධ්‍යක්ෂණය

රිචඩ් ලින්ක්ලේටර් - Boyhood

හොඳම තිර රචනය

Birdman  - ඇලෙක්සැන්ඩ්‍රෝ ගොන්සාල්වේස්, ඉනාරීට්‍ර, නිකොලස් ජියාකොබෝන්, ආමැන්දෝ බෝ, ඇලෙක්සැන්ඩර් ඩිනෙලාරිස් කණිෂ්ඨ

හොඳම සංගීතය

ජොහාන් ජොහැන්සන් - The Theory of Everything

හොඳම ගීතය

Glory – (John Legend and Common) - Selma

හොඳම විදෙස් චිත්‍රපටය

Leviathan - රුසියාව

හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය

How to Train Your Dragon 2

හොඳම රූපවාහිනි කතා මාලාව

The Affair

හොඳම සංගීතමය රූපවාහිනි කතා මාලාව

Transparent

සම්මාන උළෙලක විචිත්‍රත්වය අතරේ විවිධ මෝස්තර දැකබලා ගත හැකි අවස්ථාවන්ද උදා වේ. මෙහිදී කැපී පෙනෙන අංගයක් බවට පත් වූයේ රංගන ශිල්පිනියන්ගේ ඇඳුම් මෝස්තරයන් ය. එහිදී නයෝමි වොට්ස්, ඇලිසන් විලියම්ස්, කේට් බ්ලාන්ෂේ, කේට් හඩ්සන්, ඩයින් කෘගර් වැනි නිළියන්ගේ ගවුම් මෝස්තර හොඳම ඇඳුම් නිර්මාණ ලෙසින් කතාබහට ලක් විණි.

නළුවන් අතර කැපී පෙනුනේ ජෝර්ජ් ක්ලූනිය. ඔහු පැමිණ සිටියේ තමා දෙවැනි වර විවාහ උත්සවය වෙනුවෙන් නිර්මාණය කළ ඇඳුම් කට්ටලයෙන් සැරසී ගෙන යි. ක්ලූනි සමඟ බිරිඳ අමාල් ක්ලූනිද පැමිණ සිටියාය. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ඔහු සිසිල් බී ඩිමෙල් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

අමෙරිකානු රංගන ශිල්පියෙකු, ගායකයෙකු, ගීත රචකයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වූ ජරෙඩ් ලේටෝ වෙත අවධානය යොමු වූයේ ඔහු සිය කොණ්ඩා මෝස්තරය සකසා තිබූ ආකාරයටයි. ඔහු සිය කොණ්ඩය කොටස් තුනකට බෙදා දිගට ගොතා තිබූ අතර ඔහු එය සියල්ලන්ටම පෙන්වන්ටද අමතක නොකළේය. ලේටෝ ප්‍රධාන වේදිකාවට පැමිණියේ හොඳම සහය නිළිය වෙනුවෙන් වූ සම්මානයට අදාළ නම ප්‍රකාශයට පත් කිරීම සඳහායි.