වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම

රිතික් රෝෂන් සහ සුසෑන්ගේ 17 වසරක විවාහ ජීවිතය පසුගිය 2013 වසරේදී නඩු තීන්දුවකින් කඩා බිඳ දැමුවා. මේ දෙදෙනා දෙපසට වෙන විටදී දෙදෙනාට හිතවත් අය අතරත් තරමක නොහොඳ නෝක්කාඩුකම් ඇති වීම සාමාන්‍ය දෙයක් කියලා හැමෝම හිතුවේ.

මිතුරු තොමෝ දුක සැපහිම ළඟ සිටිති අපේ පැරැන්නන් කිව්වේ නිකමට නෙවෙයි. සුසෑන්ගේ සොයුරු සයිඩ් ඛාන් රිතික්ගේ හොඳම මිතුරෙක්. ඒ මිතුරුකම ගොඩක් පැරණි එකක්. මේ මිතුරුකම කාටවත් බිඳ දමන්න නොහැකි බව සයිඩ් ඛාන් පවසනවා. තම සහෝදරිය රිතික්ගෙන් වෙන්වීමට එයට කෙහෙත්ම හේතුවක් නොවන බව සයිඩ් කියන්ගේ මිතුරුකමේ ශක්තිය පෙන්වා දෙමින්.