වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

ආදරයයි කරුණාවයි
ගලන දොළේ පෙණ බුබුළයි ආදරේ
මිලින මලේ පැණි කඳුළයි ආදරේ

මහ ගල් කුළු ඉහළ බලා
සුළං රොඳීන් සුසුම් හෙළා
ඈත සිහින් වලාකුළින්
රහස අසයි ආදරේ

නිල් කඳු වැටි පීරා - පායන සඳ රේඛා
එබී බලා නිහඬ රැයෙක
රහස කියයි ආදරේ

මහ ගස් අතු ඉහළ නගා - කුරුලු හඬින් ගීත ගයා
වෙළෙන වැලේ පිපෙන මලෙන්
රහස අසයි ආදරේ

පද රචනය - මහගම සේකර
සංගීතය – පණඩිත් ඩබ්. ඩී. අමරදේව
ගායනය - අමිතා වැදිසිංහ
අධ්‍යක්ෂණය - ආනන්ද ජයරත්න