වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




S.M.S.

S.M.S.

එන්න එන්නම රූපවාහිනි නාලිකා වැඩි වෙනවා. නමුත් බලන්න තරම් වැදගත් දේවල් ඇත්තේ ජාතික නාලිකාවේ පමණයි.

දුමින්ද

බෙලිහුල්ඔය.

_

මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙවු මැදුරෙම වැනි ගීත ගැයූ ෂෙල්ටන් මුතුනමගේ නිහඬව නොඉනු මැනවි.

ශාන්ත

කිරිවත්තුඩුව.

_

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාට

ඔබ හැරෙද්දී පවා අපිට සිනහ පහළ වූයේ ඉබේමය. ගැයූ ගීත ද විකට වුව ද ඒවායේ අර්ථය ගැඹුරුය. විරළ ගණයේ මෙවන් ශිල්පීන් රැක ගැනීම සැමගේ යුතුකමකි.

ප්‍රනීත් - ගන්දර.

_

පනස් වසරක කලා දිවිය වෙනුවෙන් උපහාර ලද සැන්ටින් ගුණවර්ධන කලාකරුවාණෙනි, ඔබ රඟපෑ වේදිකා නාට්‍ය අපට මැවී පෙනේ. ඔබට නීරෝගි දිවියක් පතමි.

කළුබෝවිල

මිහිරි විශාඛා ඇතුළු පිරිස

_

ගලන ගගුලක් සේ නිරවුල් ඔහුගේ ගී රාවය පිපී පීදුණ මල් පොකුරක් සේම සුවඳැතිය. ඈත ගවු ගණන් දුරින් පැමිණ ආදර නිල් දෑසක් ඇති ඔබට මුලු හදින් අප ආදරය කරමු. නාරද දිසාසේකරයාණෙනි මේ ඔබව සිහිපත් කිරීමකි.

වෙන්නප්පුව පල්ලිය පාරේ

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන්

ගම්පහ නාරද සිරිගුණරත්න

_

මතකයේ රැඳුණු චරිත බොහොමයක් සිනමාවෙත්, පුංචි තිරයෙත් නිරූපණය කළ යශෝධා විමලධර්ම හිටි හැටියේම ඉන් අතුරුදන් වීම ගැටලුවකි.

කරු මන්දාවල

නාත්තන්ඩිය.

_

සියලු කලාකරුවන්, රසිකයන් එකතු වී සුමින්ද සිරිසේන නම් ජ්‍යෙෂ්ඨ රංගනවේදියාට ගෞරව උපහාර පිදිය යුතු කාලයයි මේ. මේ වන විට ඔහු දරුණු රෝගාබාධයකින් පෙළෙන බව ආරංචි වෙයි. දශක ගණනක් මුලුල්ලේ අප හදවත් සැනසූ ඔබ නැවත පුරුදු පරිදි අප නෙත් සිත් පිනවීමට පුංචි තිරය හරහා ආලින්දයට පැමිණිය හැකි වේවා.

නිමල් කුලසේකර - මොරටුව.

රාජ් දුෂ්මන්ත ප්‍රනාන්දු- හලාවත.

_

බාල මහලු කොයි කා අතරෙත් කලක් ජනප්‍රිය වැඩසටහනක් වූ ඩේන්ට් රස පැන නැවත විකාශය කිරීම පිළිබඳ අපගේ ප්‍රසාදය පිරිනමමි. ඒ වගේම මධු රසාංග, චිත්‍ර ගීත වැනි සංගීතමය වැඩ සටහන් ද නැවත පෙන්වනවා නම් ඉතා අගය කොට සලකමි.

ජාඇල, කළඑළිය පාතිමා මාවතේ

සරත් සේනාධීර

_

ජෝති ගී සුරේන්ද්‍රගේ හඬින් අහන්න අපි කැමැති නැහැ.

අමා

කෑගල්ල.

_

කවුරු මොනවා කිව්වත් ශෙහාන් හොඳ ගායකයෙක්. රීමික්ස් කළ ගීත වුව ද ඔහු ඉහළ අන්දමින් ගයා තිබෙනවා. ඒ ගීතවලින් රසිකයන්ගේ සිත් පිනවන බව නොරහසකි.

සංජු - ගම්පහ.

_

දවසේ සමබර පුවත් විකාශය ලයිට් @ 8 සමඟින් අප හමුවන්නට යැයි හරේන්ද්‍ර ජයලාල් අයියාට මම ඇරැයුම් කරමි.

ප්‍රියා - කලවාන.

_

අමිල අබේසේකර සිහිනය දිගේ එන්න චිත්‍රපටයේ ලස්සනට රඟපානවා.

ශෂිකා එරන්දි

බොරලැස්ගමුව.