වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 74

සිංහල සිනමා විස්තරය - 74

උන්නත් දාහයි මළත් දාහයි

තිරගත වූ දිනය – 1976 ජූලි 23
ඉදිරිපත් කිරීම - සන්ධ්‍යා චිත්‍රපට
නිෂ්පාදනය – යූ. ඩබ්ලිව්. සුමතිපාල
කැමරාකරණය, කතාව, තිරනාටකය සහ
අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
දෙබස් - ආරියරත්න කහවිට
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
සංස්කරණය – බර්නාඩ් රෙජිනොල්ඩ්
වේශ නිරූපණය - කේ. සුබ්බු
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්
සටන් අධ්‍යක්ෂණය – චන්ද්‍රපාල ෆර්ඩිනන්ස්
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. එස්. සී )
නිෂ්චල ඡායාරූප -සිවසුබ්‍රමනියම්
නිෂ්පාදන කළමනාකරු - කේ. සේන
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත – උන්නත් දාහයි මැරුණත් දාහයි - කේ. සේන ( කරුණාරත්න අබේසේකර )
රන්දුනු හී දරා ලස්සන අසු අරා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක ( කරුණාරත්න අබේසේකර )
නිල්මිණි සැංගී පාවේ චංචල ගංගාවේ – ලතා වල්පොල ( කරුණාරත්න අබේසේකර )
ලස්සන බැල්මට මුහුණ බලා - එච්. ආර්. ජෝතිපාල ( කරුණාරත්න අබේසේකර )
දෑසේ ආශා වෑහේ - කේ. සේන, ලතා වල්පොල ( ජෝර්ජ් ලෙස්ලි රණසිංහ )
මා පෙරදාක නොමැත ලියාලා - ජෝතිපාල, ඇන්ජලින් ( කරුණාරත්න අබේසේකර )
ගීත පොත් - ශාන්ති පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, ස්වර්ණා කහවිට, ශ්‍යාමා අල්ගම, මොරිස් දහනායක, කුසුම් පෙරේරා, එඩී ජයමාන්න, රුක්මණී දේවි, ෆෙ‍්‍රඩී සිල්වා, හියුගෝ ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, බිලියඩ් ශූර මොහොමඩ් ලෆීර්, බොනිෆස් ප්‍රනාන්දු, ඇලෝසියස් අප්පුහාමි.
මංගල දර්ශනය – එන්. ඩබ්ලිව්. මුතලිගේ සහ එම ආර්යාවගේ ප්‍රධානත්වයෙන් අශෝකා සිනමා ශාලාවේ දී.
ප්‍රදර්ශනය – රිට්ස් , අශෝකා, රොක්ෂි අතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී.


හරියට හරි

තිරගත වූ දිනය – 1976 ජූලි 30
ඉදිරිපත් කිරීම – උදය චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – ඩබ්ලිව්. ඩී. පියදාස
කතාව, තිරනාටකය, අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – විලියම්ස් ඔලම්ස්
දෙබස් - හියුගෝ ප්‍රනාන්දු
සංස්කරණය - කොලින් පෙරේරා
වේශ නිරූපණය - බෙනට් ජයතුංග
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සැකසුම – විජය චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාද ශික්ෂණය – මර්වින් බෙන්ස්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය සහ ගී තනු - සුජාතා අත්තනායක
පසුබිම් සංගීතය - සරත් බාලසූරිය
ගීත - මෙතෙක් නෙළූ දුක් කඳුළැලි - සුජාතා අත්තනායක ( ධර්මසිරි ගමගේ )
නිල් නුවන් දිගු දෑලවරින් – වික්ටර් රත්නායක,
සුජාතා අත්තනායක ( අජන්තා රණසිංහ )
ජීවන ආකාසේ - මිල්ටන් මල්ලවආරච්චි, රංජනී පෙරේරා ( කරුණාරත්න අබේසේකර )
කොළොම්පුරේ කොඩිගහයට – මිල්ටන් පෙරේරා
ගීත පොත් – ආනන්ද පොත්හල
නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය, නීටා ප්‍රනාන්දු, හියුගෝ ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, සේනාධීර රූපසිංහ, මේබල් බ්ලයිත්, සෝනියා දිසානායක, රුක්මණී දේවී, ඩොමී ජයවර්ධන, මාක් සමරනායක, එඩී. ජූනියර්, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, ක්‍රිෂාණි චම්පිකා, බර්ට්‍රම් අතුරුලිය, අකිල නාමික උදයංග, තිලක්ෂා වාගිස්ට, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, රිෂානි චම්පික, බී. එස්. පෙරේරා, ශ්‍රියාණි චම්පිකා, මාක් සමරනායක, ක්‍රිස්නා නන්දදේව, ෆර්ල් විසුදේවි, නිමල් රණසිංහ, නවීන් උදයන්ග, ශ්‍රීමතී ෆ්ලෝරි දේවි.
ප්‍රදර්ශනය – ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී.
විශේෂතා - කාන්තාවක් විසින් සංගීතය සපයන ලද ප්‍රථම සිංහල චිත්‍රපටය මෙය වේ.


‘හුලවාලි’

තිරගත වූ දිනය – 1976 අගෝස්තු 26
ඉදිරිපත් කිරීම - සිරිලක් ෆිල්ම්ස්
සම නිෂ්පාදනය – පී. වික්ටර් පෙරේරා / ටියුලින් පනාපිටිය
කැමරාකරණය සහ අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
කතාව සහ දෙබස් - දයා රාජපක්ෂ
තිර නාටකය – ධර්මසිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
සංස්කරණය – ජී. ඩී. කිංස්ලි පෙරේරා,
අශෝක නිශ්ශංක ( සහාය )
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - සෝමපාල මුදුන්කොටුව
නිෂ්චල ඡායාරූප - කේ. ඒ. විජයරත්න
නිෂ්පාදන විධායක - සිරි කුලරත්න
සැකසුම - සරසවි චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර අධිපති - ජෙරල්ඩ් බී. ජයවර්ධන
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක
ගීත – ජයසිරි සෙත සදනා - ලතා වල්පොල ( සුනිල් ආරියරත්න )
කුඩාගමේ මද්දහනේ - සුනිල් එදිරිසිංහ ( ධර්මසිරි ගමගේ )
කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ - බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂමන් විජේසේකර, වින්සන්ට් ප්‍රේමසිරි සහ පිරිස ( සුනිල් ආරියරත්න )
දාහය තාපය නිවා - ලතා වල්පොල ( කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගීත පොත් - ශාන්ති පොත්හල
ගීත තැටි - ජෙම්ටොන්
නාමාවලිය – ජී. ඩී. කිංස්ලි පෙරේරා
නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා ( ධාරා ), සුවිනීතා කෝන්ගහගේ ( සුබා ), ටෝනි රණසිංහ ( බිබිලේ ඇත්තෝ ), ධර්ම ශ්‍රී මුණසිංහ ( ආඬියා ), එඩී ජූනියර් ( බැලයා ), අග්‍රා සජීවනී ( ගිරෝ ), ගාමිණී වික්‍රමසූරිය ( කොහොඹා, රෙක්ෂ් කොඩිප්පිලි ( මහයා ), පර්ල් වාසුදේවි, දෙනවක හාමිනේ, රැල්ප් විජේසේකර, දයාසිරි හෙට්ටිආරච්චි, සොමී රත්නායක, චන්ද්‍රකලා, සරණපාල සූරියආරච්චි, ඒ. මහකුමාරගේ.
ප්‍රදර්ශනය – ලිබර්ටි, එල්ෆීනස්්ටන්, ඕඩියන්ස් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 17 ක දී.


ඔන්න මාමෙ කෙල්ල පැනපි

තිරගත වූ දිනය – 1976 සැප්තැම්බර් 03
ඉදිරිපත් කිරීම - සීමාසහිත සිනමාස් සමාගම
නිෂ්පාදනය - කේ. පී. ත්‍යාගරාජා
තිරනාටකය, කතාව සහ අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
දෙබස් - ආරියරත්න කහවිට
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
සංස්කරණය – ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
වේශ නිරූපණය - කේ. සුබ්බු
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්
නිෂ්චල ඡායාරූප – එස්. පී. සුබ්‍රමනියම්
නිෂ්පාදන කළමනාකරු - එන්. කනපිතිපිල්ලේ
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත - සරිගම පා..පා.. – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
හා..එනු ප්‍රියේ - එච්. ආර්. ජෝතිපාල
රන්..රන්.. රන්වන් රූපේ - ජෝතිපාල, ඇන්ජලින්, ලතා, ධර්මදාස වල්පොල
මේ ලස්සන මල් එකට පිපී – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ඕ මාගේ කෝමලී කෝමලී – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ආදරේ රුවන් සඳ පායලා - ඇන්ජලින් ගුණතිලක
ප්‍රියේ කොහේ යන්නේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
රූරා හැලෙනා ප්‍රේම ඇල්ලේ - එච්. ආර්. ජෝත්පාල, ඇන්ජලින් ගුණතිලක
ගීත පොත් – ආනන්ද පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, නීටා ප්‍රනාන්දු, ස්වර්ණා කහවිට, එඩී. ජයමාන්න, බී. එස්. පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ගීතා කුමාරසිංහ, ඊ. එම්. පී. බණ්ඩාර, බන්දු මුණසිංහ, සම්පත් ශ්‍රී නන්දලෝචන, මොරිස් දහනායක, රුක්මණී දේවී, ශාන්ති ලේඛා, රොනල්ඩ් ෆොන්සේකා, පර්ල් වාසුදේවි, එඩී. ජූනියර්, දයා හෙට්ටිආරච්චි, එඩ්මන්ඩ් සමරනායක, ඇලෝසියස් අප්පුහාමි, ජෝ ලිවේරා.
ප්‍රදර්ශනය – ගාමිණී, සැපයර් ඇතුළු දෙවැනි මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී.
මේ සමඟින් “නොබැඳි සමුළුව“ වාර්තා චිත්‍රපටය පෙන්වන ලදී.