වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

කරළිය

අගෝස්තු 02 වැනිදා

* මංගල සේනානායකගේ ‘මඟුල් කෑම’ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේ.

04 වැනිදා

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ කෑගල්ල නගර ශාලාවේ.

05 වැනිදා

* දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑනා සමඟ ජසයා හා ලෙන්චිනා’ පන්නල නගර ශාලාවේ.

* අනුර චන්ද්‍රසිරිගේ ‘දෙයියෝ සාක්කි’ මොරටුව සර්වෝදය රඟහලේ

* ධනුෂිකා නයනා කුමාරිගේ ‘ජනේලයෙන් පනින්නද’ ජෝන් ද සිල්වා රඟහලේ

නාලකගෙන් වැඩ මුළුවක්

දරුවන් උදෙසා ප්‍රසංග කලා සහ නායකත්ව වැඩ මුලුවක් අගෝස්තු පාසල් නිවාඩුව අළලා ඇරැඹීමට නාට්‍ය අධ්‍යක්ෂ මාධ්‍යවේදී නාලක ස්වර්ණතිලක අදහස් කරයි.

වයස අවුරුදු 8 – 15 ත් අතර ළමුන්ට නොමිලයේ සහභාගි වීමට හැකි මෙය නාට්‍ය, නර්තන, ගායන යන ප්‍රසංග කලා විෂයන්ගෙන් සමන්විතය.

මේ පිළිබඳ වැඩි විස්තර කොළඹ නුගේගොඩ, විජේරාම ප්‍රදේශයේ ගුණවර්ධන මාවතේ අංක 485/16 දරන ලිපිනයෙන් ලබාගත හැකිය.

දඟමල්ල, ඈන්, මම වෙනම මලක් වැනි වේදිකා සහ ටෙලි නාට්‍ය ඔස්සේ දරුවන්ට රසවත් සහ හරවත් නිර්මාණ දායාද කළ නාලක දරුවන් උදෙසා කළ නිර්මාණ සහ දරුවන්ගේ කුසලතා වර්ධනය අගයමින් ඉකුත්දා ජපානයේ බුන්කා සම්මානයෙන් ද, ඉන්දියාවේ අරියබතා අන්තර් ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබීය.

‘ආදරයට විලංගුවක්’ 4 දා ලුම්බිණියේදී

අජිත් හේමසිරිගේ ‘ආදරයට විලංගුවක්’ වේදිකා නාට්‍යයේ විසි පස් වැනි වර්ෂ පූර්ණ දැක්ම මෙම මස 04 වැනිදා සෙනසුරාදා හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

දයාසිරි හෙට්ටිආරච්චි, කුමුදුනී අධිකාරි, ඩීමන් හෙට්ටිආරච්චි,නදීශා වික්‍රමරත්න, හර්ෂ සිරිමාන්න, එල්මෝ ප්‍රසන්න, ජගත් කරුණාසේන, ඩික්සන් ජෙරාඩ්, ඩැනී සමරවීර, විජේසිරි මෙන්ඩිස්, ලලිතා රංජනී, මානෙල් ගුරුගේ, අජිත් හේමසිරි යන රංග ශිල්පීහු රංගනයෙන් දායක වෙති. ‘ආදරයට විලංගුවක්’ හි ගී රචනා කරන ලද්දේ හිමාලි මංගලිකා පතිරණ වන අතර සංගීතය අසිත කුමාර ගෙනි. අංග රචනය අජිත් හේමසිරිගෙනි.