කරළිය

ජනවාරි 26 වැනිදා

ටෙනිසන් කුරේගේ ‘අයි ඇම් ශ්‍රී ලංකා’ රත්නපුර නගර ශාලවේ

27 වැනිදා

සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ හලාවත සුදසුන ශාලාවේ

ප්‍රියංකර රත්නායකගේ ‘අද වගේ දවසක ඇන්ටිගනී’ ලයනල් වෙන්ඩ්ට්හි

දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා සමඟ ජසයා ලෙන්චිනා පන්නල පුරහලේ

ගාමිණී නානායක්කාරගේ ‘වේයෝ පියාඹති’ මොරටුව බෞද්ධ මන්දිරයේදී

28 වැනිදා

යශෝධරා සරච්චන්ද්‍රගේ හා කුසුම්සිරි ලියනආරච්චිගේ දඟයා හා පුංචි අන්දරේ ගම්පහ සුමේධ රඟහලේ

සංජුල දිවාරත්නගේ කල්පා ලෝ විනාශය කිතුල්ගල කල්්‍යාණී විද්‍යාල රංග ශාලාවේ

29 වැනිදා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ ගම්පහ සුමේධා රඟහලේ

දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා සමඟ ජසයා ලෙන්චිනා මීරිගම යොවුන් රඟහලේ

ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’ ගම්පහ බණ්ඩාරනායක විදුහල් රංග ශාලාවේ

යශෝධරා සරච්චන්ද්‍රගේ හා කුසුම්සිරි ලියනආරච්චිගේ දඟයා සහ පුංචි අන්දරේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් රංග ශාලාවේ

ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ‘රෝමය ගිනි ගනී – 2’ බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ

31 වැනිදා

දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ තංගල්ල නගර ශාලාවේ


ගායනයට නර්තනයට අවස්ථාවක්

ආචාර්ය රුවන් දනන්සූරිය නිර්මාණය කරනු ලබන ශෛලිගත වේදිකා නාට්‍ය දෙකක් සඳහා වයස අවුරුදු 27 ට අඩු ගී ගැයීම් හා නර්තන හැකියාව ඇති ආධුනිකයන් පිරිසක් සොයයි. මේ සම්බන්ධ උනන්දුව දක්වන පිරිස පහත සඳහන් 077593422, 0777238894 යන දුරකතන අංකවලින් විමසන්න.


‘රජ කැපිල්ල’ මංගල දර්ශනය අද සවස 6.30 ට ලුම්බිණි රඟහලේ

කීර්ති බණ්ඩාරගේ ‘රජ කැපිල්ල’ හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අද දින පස්වරු 6.30 ට හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

මානෙල් වානගුරු, රූපා ගෝමස්, දයාසිරි හෙට්ටිආරච්චි, කුමුදු පාලිත, ගාමිණි කුලසේකර, සුගත් මොරගහකුඹුර, පි‍්‍රයන්ති මංගලිකා, අංජලී පෙරේරා, ගයාන් චින්තක, ජයමිණ කාරියප්පෙරුම, පුෂ්පා ජයලත්, ඩිල්ශාන් ගුණසේකර සමඟ කීර්ති බණ්ඩාර යන ශිල්පීහු මෙහි රඟපාති. අංග රචනය රුවිනි කාරියප්පෙරුමයි. වේදිකා පරිපාලනය හා නිර්මාණකරණය තිලකරත්න ලියනගේයි. ශබ්ද පරිපාලනය දයානන්ද මානගේ වන අතර රචනය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කීර්ති බණ්ඩාර ගෙනි.


සිංහල සිනමාවට වසර 65 ක් පිරීම නිමිත්තෙන්

‘සිංහල චිත්‍රපට ගීතයේ ආරම්භය හා විකාශනය’

පෙබරවාරි 02 දා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී

ලාංකේය සිනමාවට වසර 65 ක් පිරීම නිමිත්තෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික සංගීත හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය ‘සිංහල චිත්‍රපට ගීතයේ ආරම්භය හා විකාශනය’ පිළිබඳ දේශන වැඩසටහනක් සංවිධානය කරයි. පෙබරවාරි මස 2 වන දින පෙරවරු 9.30 සිට 1.00 දක්වා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලීය නර්තන හා නාට්‍ය කලා පීඨ නව රඟහලේදී පැවැත්වේ. එදින නිදර්ශන ගායනා, ව්‍යවහාරික සංගිත හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ දෙවන, තෙවන හා සිව්වන වසරයන්හි විද්‍යාර්ථීන් විසින් ඉදිරිපත් කරනු ලැබේ.


‘සිංහල සිනමාවේ හැට වසරක පිය සටහන්’ අද 3 ට ස්වදේශීය සේවයෙන්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන සන්නිවේදන කථිකාව යටතේ ‘සිංහල සිනමාවේ හැට පස් වසරක පිය සටහන්’ මැයෙන් ශාස්ත්‍රීය සාකච්ඡාවක් අද දින (26 වැනිදා) සවස 3.00 ට ප්‍රචාරය වේ.


භාරත චිත්‍රපට ගී ප්‍රසංගය 29 දා ගම්පහ තරුණ බෞද්ධ සමිති ශාලාවේ

භාරත ගීී වින්දන සංසදය ඉදිරිපත් කරන පැරැණි භාරත චිත්‍රපට ගී ප්‍රසංගය මෙම මස 29 වැනිදා පස්වරු 5.00 ට ගම්පහ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පැවැත්වේ.

මොහම්මද් රෆි, පාලිත ලියනගේ, අජිත් ප්‍රනාන්දු, අජිත් ජයරත්න, සාදිකීන් සහ මංජුලා බණ්ඩාර යන ශිල්පීහු ගීත ගයනු ලබති. බීට්ස් සංගීත කණ්ඩායම සංගීතය සපයන අතර සංගීතය මෙහෙයවීම සරත් වික්‍රමගෙනි.


පාසල් නාට්‍ය තරගයේ අවසාන වටය අද දින ටවර් රඟහලේදී

20 වැනි වරටත් පැවැත් වෙන සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය 2011 අවසාන වටය අද දින මරදාන ටවර් රඟහලේදී ඇරැඹෙන අතර පෙබරවාරි මස 01 වැනිදා දක්වා වේදිකා ගතවේ.


ජෝන් ද සිල්වා ශූරීන්ගේ 90 වැනි ගුණ සැමරුම 28 දා සව්සිරිපාය ශ්‍රවණාගාරයේ

ලාංකේය නාට්‍ය කලාවේ සුවිශේෂී නාට්‍යවේදියකු මෙන්ම නූර්ති රැසක් නිර්මාණය කළ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ 90 වැනි ගුණ සැමරුම් උත්සවය මෙම මස 28 වැනිදා පස්වරු 3.00 ට විජේරාම මාවතේ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට ඇරැයුමක්

29 දා පස්වරු 2.30 ට සුදර්ශියට එන්න

ශ්‍රී ලංකාවේ කලා කෙතට විශාල සේවයක් කළ ආචාර්ය සාලමන් ෆොන්සේකා අප අතරින් වෙන්ව ගොස් ජූනි 17 වැනිදාට වර්ෂ දොළහක් සපිරෙයි.

ඔහු කළ සේවය ඇගයීම සඳහා උළෙලක් සංවිධානය කිරීමට එතුමාගේ ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් මුල පුරමින් සිටිති. මේ කටයුත්ත සාර්ථකව කර ගැනීමට තම දායකත්වය ලබා දිය හැකි රට පුරා විසිරී සිටින එතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම මස 29 වැනිදා පස්වරු 2.30 ට කොළඹ 07 සිංහල සංස්කෘතික ආයතනයට (සුදර්ශියට) පැමිණෙන්නැයි ඔවුහු ආරාධනා කරති. වැඩි විස්තර 0773056426, 0729130502 යන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.


තිලක කුඩාහෙට්ටි ලියූ ‘අටංපහුර’ 31 දා දොරට වඩී

‘රාග විරාග‘ ‘අකාල මේඝය’ ‘දුර්ග තරණය’ ‘නීල දෑස පුරා’ ආදී නවකතා සහ පරිවර්තන කෘති රචනා කළ තිලක කුඩාහෙට්ටි ලියූ ‘අටං පහුර’ නවකතාව මෙම මස 31 වැනි අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදානේ ජයවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.


සුසරවිය සංගීත ප්‍රසංගය හෙට කුලරත්න ශාලාවේදී

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ආනන්දීය සංගීත කවය සංවිධානය කරන ‘සුසරවිය’ සංගීත ප්‍රසංගය හෙට දින (27 වැනිදා) පස්වරු 5.30 ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

අනන්දයෙන් බිහිවුණු අද සංගීත ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම ගොස් ඇති ගායකයන් රැසක් ‘සුසරවිය’ ප්‍රසංගයේ ගී ගැයීමට නියමිතය. ඒ ශිල්පීන් අතර කසුන් කල්හාර, භාතිය ජයකොඩි, ජනනාත් වරකාගොඩ, සහන්රන්වල, අකලංක පාතේගම, හේෂාන් ගමගේ, හර්ෂණ දිසානායක මෙන්ම කිත්සිරි ජයසේකර,ජගත් වික්‍රමසිංහ, මධුමාධව අරවින්ද යන ශිල්පීන් ද එයට සහභාගි වන බව එහි ලේකම් ධනුක ලක්ෂාන් කුමාරසිංහ පවසයි. ආදී ආනන්දීය සංගීත කවය සංගීතවත් කරන ‘සුසරවිය’ හි සංගීත අධ්‍යක්ෂණය යසස් ධනංජය සහ සමුදිත ඉත්තෑපාන ගෙනි.


‘ලියාරා රිදම් නයිට්’ අනිද්දා පිළියන්දල දී

පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ‘පාසල නඟා සිටුවීමේ අරමුදලට’ ආධාර පිණිස ‘ලියාරා රිදම් නයිට්’ සංගීත ප්‍රසංගය මෙම 28 වැනිදා රාත්‍රී පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

ප්‍රියා සූරියසේන, සුරේන්ද්‍ර පෙරේරා, දමිත් අසංක, ශානිකා වනිගසේකර, සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුල, නෙල්සන් වාස්, හිමාෂ මනුප්‍රිය ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගී ගයනමෙය ජාතික රූපවාහිනී සංස්ථාවේ සුබ සාධක සංගමයේ ඉදිරිපත් කිරීමකි.


රුක්මණී, බෙග්, මිල්ටන් උපහාර ප්‍රසංගය අනිද්දා

ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදු කළ හෙළ ගී රැජන රුක්මණී දේවී, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, අල්හාජ් මොහිදින් බෙග් යන කලා කරුවන් සමරා උපහාර පිදීමේ ගී ප්‍රසංගය මෙම 28 වැනිදා සවස 2.00 ට නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ රංග ශාලාවේදී


ගී රඟ වින්දන නර්තන ප්‍රසංගය

28 දා මාකොළ ඥානමෝලි පාසල් ශාලාවේදී

අර්ජුන ලියනගේ ගේ නිර්මාණයක් වූ ‘ගී රඟ වින්දන’ මාකොළ ඥානමෝලී මාවතේ පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.


චම්පා දේවිකා දේවරාජගේ

සිතුවම් දැක්ම 23 දා ලයනල් වෙන්ඩ්ට් හි

චම්පා දේවිකා දේවරාජ ගේ දාහත්වන සිතුවම් දැක්ම ‘මණ්ඩල’ නමින් හෙට දින (27 වැනිදා) සවස 6.30ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී එළි දකී.

සංස්කෘතිත කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය නව ආරකින් යුතුව ඉදිරිපත් කිරීමට චිත්‍ර ශිල්පිනිය අදහස් කරන්නීය. මෙම නෙළුම්මල් සිතුවම් දැක්මේ සෑම නෙළුම් මලක්ම ජය පිිරිතෙන් සිද්ධි කර තිබීම විශේෂත්වයකි.


කවරයේ කතාව

මෙවර සරසවිය කවරය හැඩ කරන්නේ ප්‍රවීණ නිළිමාලිනී වීරමුණි

අයිරාංගනී සේරසිංහ, හෙළ සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකා, සමඟ යශෝධා විමලධර්මයි.

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන නාලන් මෙන්ඩිස් ගේ ‘දූවරු’ ටෙලි සින්තමෙන් ඉතිහාසයේ ප්‍රථම වරට මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියන්ගේ රංගන ප්‍රතිභාවන් එකම කලා නිර්මාණයකින් ඔබට දැක ගන්නට හැකිවීම විශේෂත්වයකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව