ෆුල් හවුස් හරහා ඔබට සමීප වූ කොරියානු යුවතිය

සෝන්ග් හේ ක්යො

සිනමා අඹරේ දිදුලන තරුවක් වූ ලී යොන්ග් ජේට පෙම් බැඳි හැන් ජී ඉයුන් හා සෙනෙහස, සහෝ්දරත්වය ඉදිරියේ හඬා වැළපෙන යුන් ඉයුන් සෝ ඔබට බෙහෙවින්ම සමීපය. සොඳුරු රුවැත්තියක් වූ ඇය කවුද? ඇය සෝන්ග් හේ ක්යෝ නම් වන්නීය.

මෙරට සුවහසක් සිත් බැඳතබා ගත් සෝන්ග් ඔබට හමු වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘ෆුල් හවුස්’ නම් වූ කොරියන් කතා මාලාව හරහාය.

කොරියානු පොප් ගායක Rain ලී යොන්ග් ජේ ලෙසත්, සෝන්ග් හේ ක්යෝ හැන් ජී එයුන් ලෙසත් රඟන ‘ෆුල් හවුස්’ දුක, සතුට, සෙනෙහස මිශ්‍ර වූ සොඳුරු කතා පෙළකි.

සෝන්ග් , ඉයුන් සෝ ලෙස ඔබට හමුවන්නේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සතියේ දිනවල සෙනසුරාදා සවස 5.00 ට විකාශය වන Autumn In My Heart  (මහද සරා සඳ) කතා මාලාව හරහාය.

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන වීඩියෝ තැටි අතර ද මෙම කතා මාලාවන් ඉදිරියෙන් සිටී. 1981 නොවැම්බර් 22 වැනිදා දකුණු කොරියාවේ ච්චඥඨභහිදී උපන් සෝන්ග් පවුලේ එකම දරුවාය.

උපදින විට නිරෝගී දැරියක නොවූ ඇය මාස ගණනාවක්ම පසු වූයේ ජීවිතයත් මරණයත් අතරය.

ප්‍රාතිහාර්යයකට මෙන් තවදුරටත් ජීවත් වන්නට වාසනාව ලද මේ සිඟිත්තිය 15 වැනි වියට එළැඹෙන විට සිත් වසඟ කරන රුවැත්තියක් බවට පත් වූවාය.

1996 වසරේදී පැවැති M T M මෝස්තර නිරූපණ තරගයේ ජයග්‍රාහිකාව වීමත් සමඟ වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය ඇය වෙත ගලා ආවේය.

අද ඇය ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවකි, නිළියකි. කොරියාවේ පමණක් නොව ආසියාවේම තරුණ තරුණියන් අතර තරුවක් වන්නට ඇයට වැඩි කලක් ගියේ නැත

අද වන විට යුරෝපයේ තරුණ තරුණියන් අතර ද ඇය ජනප්‍රිය තරුවක් වී ඇති බව TC Candler  වෙබ් අඩවිය මඟින් පසුගිය වසරේනම් කළ ලොව ලස්සනම මුහුණු අතර 5 වැනි තැනට තේරීමෙන් පෙනී යයි. ජනප්‍රිය බොලිවුඩ් නිළි කට්රීනා කායිෆ්ට ද මේ තරගයෙන් හිමි වී ඇත්තේ 83 වැනි ස්ථානයයි. ඒ අනුව සෝන්ග් ගේ ජනප්‍රියත්වය සිතාගත හැකිය.

Autumn In My Heart  සමඟින් සිහින කුමරියක වූ සෝන්ග් මේ වන විටත් ටෙලි නාට්‍ය හා සිනමාපට රැසකටම සිය රංගන දායකත්වය ලබා දී ඇත. වෙළෙඳ දැන්වීම්වලට ඇය නැතුවම බැරි රුවකි. සිය රංගනයන් වෙනුවෙන් ජනප්‍රිය සම්මාන රැසක්ම හිමි කරගෙන සිටින සෝන්ග් ගීයක් තරම්ම ළයාන්විත චරිතයකි.

My Girl And I  ඇගේ පළමු සිනමා රංගනය වූ අතර, එය ටෙලි නාට්‍ය තරම් ජනප්‍රිය නොවුණි.

එහෙත් ඇය සිනමා ගමන නතර නොකළ අතර ඉන් පසුව ද චිත්‍රපට කිහිපයකට සිය රංගන දායකත්වය ලබා දුන්නාය. මේ වසරේදී Tony Leung  සහ  Zhang Ziyi  සමඟ ඇය රංගනයෙන් දායක වන The Grandmasters  සිනමාපටය ඔබට නැරැඹිය හැකිය.


නම - සෝන්ග් හේ ක්යෝ (Song Hye – Kyo)

වෙනත් නම් - ස්නෝ (හිම), අයිරිෂ් (අයිරිෂ් මල)

උපන් දිනය – 1981. 11. 22

උපන් ස්ථානය – දකුණු කොරියාවේ ඩියාගු (Daegu)

උස - අඩි 5 අඟල් 3 1/2

ආගම - රෝමානු කතෝලික

ආගමට අනුව නම - ලොරේන්

අධ්‍යාපනය - සේජොන්ග් විශ්ව විද්‍යාලය (උපාධිය නිම කර නැත)

වෘත්තිය – රඟපෑම, මෝස්තර නිරූපණය

විනෝදාංශ - සාප්පු සවාරි යෑම, චිත්‍රපට නැරැඹීම, සංගීතය රස විඳීම, මැහුම් - ගෙතුම් සහ සුවඳ විලවුන් වර්ග එක් රැස් කිරීම

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව