ඩිල්කාට සුබ මංගලම්!

දෙරණ රූපවාහිනියේ 360 දේශපාලන වැඩසටහන ඔස්සේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ දැන හැඳින ගත් ඩිල්කා සමන්මලීගේ විවාහ උත්සවය චාම් අයුරින් පසුගියදා ගංගාරාමයේදී හා කලා දූපතේදී පැවැත්විණ. එහිදී දේශපාලඥයන්, කලාකරුවන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් ද මේ අවස්ථාවට සහභාගි විය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩිල්කා සමන්මලීගේ පාර්ශවයෙන් සාක්ෂියට අත්සන් කරමින්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මනාල යුවළ

චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි හා ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස කාලයකට පසුව හමු වී කතාබහක යෙදෙමින්

මනාල යුවළට සුබ පතන්න පැමිණි සිනමාවේදී ඩී. බී. නිහාල්සිංහ යුවල

මනාල යුවළ සමඟ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එ. ජා. ප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා සහ මනාලියගේ මවුපියන්වූ සිසිල් ගුණසේකර සහ විමලීන්ද්‍රා කුමාරි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි, අමාත්‍ය මර්වින් සිල්වා හා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සුහද හමුවක

දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ හා ප්‍රවෘත්ති සංස්කාරක තරංග ජයකොඩි මනාල යුවළ සමඟින්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව