සළ රූ ගී සර

කස්තුරි සුවඳ

පි - පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා
ආදර නැකත ළඟාවේ

ගැ - නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැරේ
මී බඳු සුවඳ සදා දේ

පි - පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනිවරුසා වේවා

ගැ - ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා

පි - සසර සදැල්ලේ නැගෙන සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා
ගැ - සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් හේ මා එනවා

පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායක
ගායනය – ආචාර්ය වික්ටර් රත්නායක සමඟ ඉන්ද්‍රාණි පෙරේරා
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව