‘සනිලු රංගන නර්තන ප්‍රසංගය’ 29 වැනිදා ලුම්බිණියේදී

සිංහල සිනමාවට වසර 65 ක් පිරීම නිමිත්තෙන්
පෙබරවාරි 02 දා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී

සනිලු රංගායතනය ඉදිරිපත් කරන සමර ශ්‍රී දඩල්ලගේ නිර්මාණයක් වන ‘සනිලු රංගන නර්තන ප්‍රසංගය’ මෙම මස 29 වැනි ඉරු දින සවස 2 ට ලුම්බිණි රඟහලේදී රඟ දක්වීමට එහි සංවිධායක මඩුල්ල කටයුතු සූදානම් කොට ඇත.

70 දශකයේ ජනප්‍රිය සිංහල ගීත හා චිත්‍රපට ගීතවලට නර්තනයෙන් දායකත්වය සපයන මෙම නර්තන ප්‍රසංගයේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සමර ශ්‍රී දඩල්ලගේය.

සුගත් ජනක, එෂාන් මධුරංග, ලක්මිණි තිලකරත්න, නිලන්ති ප්‍රියදර්ශනී, අජිත් පද්මලාල්, කෝෂිලා මධුෂානි, පි‍්‍රයන්ති වීරසිංහ, දේදුනු, අජිත් කුමාර, ආනන්ද කුමාර, අර්ජුන ලියනගේ, ජගත් කරුණාසේන, සිසිල් ජනකාන්ත, පී. එන්. එස්. විද්‍යාතිලක, සම්පත්, ගුණසීලි, කමලා, සුමුදු සෙනරත්, රනිල් කොතලාවල, පැතුම්, මනෝහර, පුනරි, කලා දේවි, දිල්රු කෝනාර, චමිත් ඉඳුවර, චමිඳි ඉඳුවර, තිමෙත් ඉඳුවර, නන්දා හේවගේ සහ උදාරි කලුආරච්චි මෙම රංගන ප්‍රසංගයට නර්තනයෙන් එක් වෙන ශිල්පීන්ය.


නිවැරැදි කිරීමයි

පසුගිය සතියේ පළ වූ සිංහල සිනමාවේ මෙතෙක් තිරගත වූ චිත්‍රපට නාමාවලියට ප්‍රමාද දෝෂයකින් පහත දැක්වෙන චිත්‍රපට ඇතුළත්ව නැත.

ඒ බැව් අප හට පෙන්වා දුන් සරසවිය රසිකාවක් වන පොල්ගහවෙල කාන්ති වික්‍රමසිංහට සරසවිය ස්තුතිය හිමි වේ.

879 – අන්තිම රැය – ගාමිණී ෆොන්සේකා - 1998. 7. 31

962 – මඟුල් සක්වල – ධර්ම ශ්‍රී වික්‍රමසිංහ – 2002. 08. 23

972 – අග්නිදාහය – ජයන්ත චන්ද්‍රසිරි – 2004. 03. 4

1003 – දිය යට ගින්දර – උදයකාන්ත වර්ණසූරිය – 2004. 03. 4


‘දඟමල්ල’ 28 දා ලයනල් වෙන්ඩ්ට් හී

නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙසින් මෙම මස 28 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත වේ.

එහි ප්‍රධාන චරිතය වන එළිසබෙත් ඇලන්ගේ චරිතය මෙවර රඟපාන්නේ නෙලීසා අල්ගමයි. මීට අමතරව පාසල් දොළහක් නියෝජනය කරමින් දිනූෂි, ටෙහාරා, පාරින්දි, ෂයිනි, හිරුනි, අයන්ති, චාම්‍යා, දුල්්‍යා, හිවිනි, සුලක්ෂනා, ගඟනි, අකිල, පසන්, සෙනිත්, ඉනුර, ගොවින්, ඩෙවින්, තරිඳු යන ළමා ශිල්පීහු මෙහි රංගනයෙන් දායක වෙති. මීට අමතරව කුසුම් රේණු, රමණී සිරිවර්ධන, මොරින් චාරුණී, නිල්මිණි සිගේරා සහ සංජීව උපේන්ද්‍ර මෙහි රංගනයෙන් සහය වෙති.

අධ්‍යක්ෂවරයාගේ ‘මම වෙනම මලක්’ වේදිකා ගත වන්නේ 29 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හිදීය.


ජනිත්ගේ උපන් දිනය දා කලාකරුවන්ට ලේ දෙන්න ඇරැයුම්

ජනිත් වික්‍රමගේ ගේ උපන් දිනය වෙනුවෙන් සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනක් 29 වැනිදා සුදර්ශි ශාලාවේදී පැවැත්වේ.

මේ සඳහා ඕනෑම කලාකරුවෙකුට සහභාගි වන්න යැයි විවෘතව ආරාධනා කරන්නේ බ්දදභ 29කණ්ඩායමයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව