සමරු මුද්දර එලි දුටුදා

මේ අවස්ථාව ජීවිතයේ බොහෝ දෙනකුට නොලැබෙන වරප්‍රසාදයකි. තම රුව මුද්දරයට නැඟෙනුයේ තමා විසින් ජීවිතයේ කළ යම් මෙහෙයක් සලකාගෙනය.

ලොව බොහෝ විට එබඳු ගෞරවයක් ලැබෙනුයේ ඔහු සිය මෙහෙය නිමවා සමුගත් පසුය. එහෙත් මේ පරමරමණී මොහොත අති උත්කෘෂ්ට විය. දේශිය සිනමාවේ හැටපස් වසර සමරමින් මුද්දරයක් නිකුත් කළ මොහොතේ එයින් එක මුද්දරයක් පිරිනැමුණේ මාලිනී ෆොන්සේකාටය.

ඉඳින් ඒ ගෞරවය සිය දෝතට ගන්න තරම් ඈ වාසනාවන්ත වූවාය.

එහෙත් මේ අග්‍රගණ්‍ය ගෞරවයට ඈ සමඟ උරුමකම් කී හෙළ සිනමාවේ පතාකයන් වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, සිනමාවේදී ටයිටස් තොටවත්ත, පුරෝගාමී විකට නළු එඩී ජයමාන්න, මහා නළු ජෝ අබේවික්‍රම, සිනමාවේ සුදේහිනිය සන්ධ්‍යා කුමාරි යන සියලු දෙනාම සිනමාවට පිවිසි මොහොතේ සිට ඇය සමඟ සුහදව කටයුතු කළ පිරිස විය.

එහෙයින් ඔවුනව සිහිපත් වී නෙතඟට කඳුළක් නූපන්නේ නම් එය පුදුමයකි.

සිනමාවේ හැටපහ සපිරෙනදා මේ මහා කර්තව්‍යයට උරදීම දෛවයේ නියමය පරිදි තැපැල් සේවා අමාත්‍ය ලෙස කටයුතු කරන ජීවන් කුමාරතුංගයන්ට පැවරී තිබීම කෙතරම් දෛවෝපගත සිදුවීමක් ද?

තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග, තැපැල්පති එන්. කේ. බී. දිසානායක, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ චන්න සිල්වා, උපදේශක සහ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ජනක මල්ලමාරච්චි යන මහත්වරුන් සහ කලාකරුවන් මෙදින ප්‍රධාන ආරාධිතයන් විදිහට සහභාගී විය.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වෙනුවට බිරිය සුමිත්‍රා ෆොන්සේකා මුද්දරය ලබා ගනියි

රවීන්ද්‍ර රන්දෙණිය අතීතය මතක් කරමින්

සිනමාවේදී ටයිටස් තොටවත්තයන්ගේ මුද්දරය බිරිය සුජාතා තොටවත්තට

නිළි රැජන තමන්ගේ රුව සනිටුහන් වූ මුද්දරය ලබා ගත් මොහොත

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව