සිංහළ සිනමා විස්තරය

සිදාදියෙන් හයක්

තිරගත වූ දිනය – 1970 අගෝස්තු 26
ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස්
නිෂ්පාදනය – ගුණදාස රාජපක්ෂ, ශාන්ති අබේසේකර
කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය, සටන්,
නැටුම් අධ්‍යක්ෂණය - ශාන්ති අබේසේකර
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න, එම්. ඒ. ගෆූර්
දෙබස් - සිරි කුලරත්න, සරත් සන්දනායක
වේශ නිරූපණය - එස්. පී. කොස්තා
කලා අධ්‍යක්ෂණය - ප්‍රේම් ජයන්ත්
සංස්කරණය – එම්. පී. රූපසේන
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
ගීත පටිගත කිරීම – ලංකා චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීෆ්
ගීත ගායනය - සරත් සන්දනායක, දයා
හේමන්තා අබේසේකර
ගීත:
අපි සිදාදියේ සිට මදාවි වැඩ - සරත් සන්දනායක සහ පිරිස (පද - සරත් සන්දනායක)
සිසිල සෙවන ජීවිතේ - සරත් සන්දනායක, දයා හේමන්තා (පද - සිරිල්. ඒ. සීලවිමල)
මාගේ සිත පිබිදේවි ජීවේ – සරත් සන්දනායක (පද – මානෙල් පෙරේරා)
සිහින මැද සතපාලා - දයා හේමන්තා (පද - මානෙල් පෙරේරා)
සොයන්නේ කවුදෝ - දයා හේමන්තා (පද – මානෙල් පෙරේරා)
සිසිලයි සුනිලයි – දයා අබේසේකර සහ පිරිස (පද - සිරිල් ඒ. සීලවිමල)
ගීත පොත් - එම්. කේ. පොන්නයියා පිල්ලේ - මරදාන
නළු නිළියන්:
ශාන්ති අබේසේකර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රැල්ප් විජේසේකර, අශෝක හේවාවිතාරණ, විලී රණවීර, රංජනී පෙරේරා, ගුණදාස රාජපක්ෂ, පද්මා සිරිවර්ධන, චන්ද්‍රා කළුආරච්චි, චිත්‍රා මාස්කෝරාළ, නීලා ලියනගෙදර, ප්‍රියංකා පෙරේරා, ක්ලේමන්ට් විජේසිංහ, එම්. ඒ. සිමියොන්, ජෝ ලිවේරා, ජෝ මයිකල්, කමල් දිසානායක, සිරි කුලරත්න, ටී. එච්. ගුණපාල


ප්‍රියංගා

තිරගත වූ දිනය – 1970 නොවැම්බර් 20
නිෂ්පාදනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක
කතාව, දෙබස්, තිරකතා කෙටුම්පත -
පී. කේ. ඩී. සෙනෙවිරත්න (අවසන් තිර පිටපත)
කැමරා අධ්‍යක්ෂණය – එම්. එස්. ආනන්දන්
සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස
ගීත - මෙම චිත්‍රපටයට ගීත ඇතුළත් වූයේ නැත
සංස්කරණය – එඩ්වින් ලීට්න්
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
නළු නිළියන් -
විජය කුමාරණතුංග, කාන්ති ලංකා, ශ්‍රියාණි අමරසේන, මයිකල් සුබසිංහ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ලක්ෂ්මන් විජේසේකර, අයිරාංගනී සේරසිංහ, ප්‍රේමනාත් මොරායස්, සුමනා ද මෙල්, බේබි ශ්‍යාමා, බර්ට්‍රම් විජේසූරිය, ඒ. ජේ. ද සොයිසා, උපාලි අතුරුගිරිය, එස්. ඒ. ජේමිස්, විජේරත්න වරකාගොඩ, ශිරෝමි ප්‍රනාන්දු, ෆ‍්‍රැන්සිස් පෙරේරා
විශේෂතා - මේ සමඟ ‘තවත් දවසක්’ කෙටි චිත්‍රපටය ද පෙන්වීය.


ඔහොම හොඳද

තිරගත වූ දිනය – 1970 ඔක්තෝබර් 11
ඉදිරිපත් කිරීම – රිස්වි ෆිල්ම්ස්
නිෂ්පාදනය – ඇස්. ඇම්. බුහාරි
කාර්මික අධ්‍යක්ෂණය - ජේ. සෙල්වරත්නම්
සහාය අධ්‍යක්ෂණය හා දෙබස් - නිහාල් ඒ. ජයසිංහ
කතාව පිටපත – ‘පෙරිය ඉඩිත්තපෙන්’ දමිළ චිත්‍රපටය ඇසුරිනි
ගීත ප්‍රබන්ධය – නිහාල් ඒ. ජයසිංහ,
කරුණාරත්න අබේසේකර
ගීත ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක, ඇන්ටන් ජෝන්ස්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රමාණය - 07
ගීත -
කියන්නම් කතාවක්- එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
නයනා නීලමනී - මොහිදීන් බෙග්, මිල්ටන් පෙරේරා
කොමල පපා මුකුළු පපා - ඇන්ටන් ජෝන්ස් සහ පිරිස
රජකම් කෙරුවත් – එච්. ආර්. ජෝතිපාල
කලියුග කාලේ මේක – ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ආවා ආවා රස ගීත ගයා - ජෝතිපාල, ඇන්ජලින්
පුරාණේ සිට පැවතෙනා - මෙහිදීන් බෙග්
නළු නිළියෝ -
ගාමිණී ෆොන්සේකා, සෝනියා දිසා, බැප්ටිස් ප්‍රනාන්දු, ඩී. ආර්. නානායක්කාර, හියුගෝ ප්‍රනාන්දු, බී. ඇස්. පෙරේරා, රොබින් ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්, ෆරීනා ලායි, කල්‍යාණවතී පෙරේරා, රනිල් පෙරේරා, මිල්ටන් ජයවර්ධන, චන්ද්‍රකලා, හෙලන් කුමාරි, පූජිත මෙන්ඩිස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා, ටියුඩර් කරුණාතිලක, සුනිල් වෙස්ලි පෙරේරා, එඩ්වින් පෙරේරා, බන්දු මුණසිංහ, පිටිපන සිල්වා, පියදාස විජේකෝන්, ජෝ ලිවේරා,
දොන් සිරිසේන, රෝලන්ඩ් ප්‍රනාන්දු, සුවිනීතා, පද්මිණී විජේනායක, රවීන්ද්‍ර‍්‍ර පෙරේරා


තුංමං හන්දිය

තිරගත වූ දිනය – 1970 ඔක්තෝබර් 23
නිෂ්පාදනය – චිත්‍රා බාලසූරිය
නිෂ්පාදන සහාය – ඩී. ඒ. බාලසූරිය, රසිකා
බාලසූරිය, අමර ඒකනායක, සෙනරත් අබේවික්‍රම, ඇම්. ඇරෆින්
තිර නාටකය, දෙබස්, ගීත රචනය, අධ්‍යක්ෂණය – මහගම සේකර (තුංමං හන්දිය නවකතාව ඇසුරිනි)
කාර්මික උපදේශ හා කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
කලා අධ්‍යක්ෂණය හා සහාය අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
වේශ නිරූපණය – රත්නසිරි සේනාධීර
සංස්කරණය - දිල්ලිමුණි ජයතිස්ස
ශබ්ද පටිගත කිරීම – ආර්. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය)
ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගූ
රසායනික කටයුතු - ඇස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය – ඩබ්. ඩී. අමරදේව
ගීත හා ගායන ශිල්පීන්:
යන් නන් දක්නා සිත් ගත්තා වූ - විජේරත්න වරකාගොඩක්
අතීතයෙන් ගඟ ගලා බසී – ඩබ්ලිව්. ඩී. අමරදේව
ඔබේ ඇසිනි මා දුටුවේ – ඩබ්ලිව්. ඩී. අමරදේව
නළු නිළියන්:
ජෝ අබේවික්‍රම, කුමාර බාලසූරිය, කරුණාරත්න රණසිංහ, ශාන්ති ලේඛා, දෙනවක හාමිනේ, ස්වර්ණා මල්ලවආරච්චි, චන්ද්‍රපාල විජේසූරිය, චන්ද්‍රා කළුආරච්චි, සෝමා බෝපිටිය, ශ්‍රියානි වික්‍රමසිංහ, ඩී. ඒ. බාලසූරිය, ධර්මදාස කුරුප්පු, ගැමුණු විජේසූරිය, ධර්මසේන අතුකෝරාළ, සෝමසිරි දෙහිපිටිය, ඒ. පී. ගුණරත්න, විජේරත්න වරකාගොඩ, බී. ඇස්. කරුණාරත්න, ශ්‍රීමත් බී. ලේකම්ගේ, කරුණාරත්න රණවක, සුනිල් ජයවීර
විශේෂතා - හොඳම නවක අධ්‍යක්ෂ (1971 විචාර සම්මාන)


නිම්වලල්ල

තිරගත වූ දිනය – 1970 නොවැම්බර් 18
අධ්‍යක්ෂණය හා සංගීතය – රංජිත් ලාල්
නිෂ්පාදනය – නම්මුනි ඒ. ද සොයිසා, චන්ද්‍රසිරි මුදන්නායක, ආනන්ද නිලවීර, පී. ටී. අමරසිරි
කතාව - සුනිල් මාධව ප්‍රේමතිලක
තිර රචනය – අශෝක ඩයස් වීරසිංහ
කැමරා අධ්‍යක්ෂණය – ඩිල්මන් ජයරත්න
සංස්කරණය – ලාල් දිසානායක
කලා අධ්‍යක්ෂණය – ඒ. ඩී. රංජිත් කුමාර
සහාය අධ්‍යක්ෂණය - බන්දුල පද්මකුමාර
ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, මහින්ද අල්ගම, රංජිත් ලාල්
ගීත ගායනය – වික්ටර් රත්නායක, සී. ටී. ප්‍රනාන්දු, ලොස් කැබලේරෝස්
ගීත:
නිසයුරු මුතුලැල් - සී. ටී. ප්‍රනාන්දු
පිපෙන රැයේ - ලොස් කැබලේරෝස්
හඳට අඬන කිරි දරුවෝ - වික්ටර් රත්නායක
නළු නිළියන් -
රුක්මණී දේවි, සිරිල් වික්‍රමගේ, ජානකී කුරුකුලසූරිය, තිස්ස විජේසුරේන්ද්‍ර, ආනන්ද සී. නිලවීර, සී. ටී. ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, ස්වර්ණා මල්ලවආරච්චි, දෙනවක හාමිනේ, ජේ. බී. එල්. ගුණසේකර, රත්නසිරි රාජපක්ෂ, අමරසිරි කලන්සූරිය, මෝනා මංගලා, දේවිකා කරුණාරත්න, කිංස්ලි දිසානායක, බන්දුල සූරියබණ්ඩාර
මේ සමඟ කෙටි චිත්‍රපට දෙකක් පෙන්වන ලදී.
‘සරාගී’ – අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය විමලරත්න සිල්වා, කැමරාව - ඩබ්. ඒ. බී. ද සිල්වා, සංස්කරණය – රංජිත් පෙරේරා, ප්‍රධාන චරිතය සමන් බොකලවෙල, ධාවන කාලය විනාඩි 9 කි.
‘මා වැනි බිළින්දා’ – අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා, කැමරාව - කේ. ඩී. දයානන්ද, ධාවන කාලය විනාඩි 9 කි. රඟපෑම – විමලදාස පෙරේරා, අනෝමා වත්තලදෙනිය, දාස් මොහොමඩ් විසිනි.
මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරනායක
මැතිණියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා
ශාලාවේදී පැවැත්විණ.
විශේෂ – පාසැල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම චිත්‍රපටය

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව