ඓශ්වර්යාගේ සිනමා පටයක අභිෂේක් රඟයි

2011වසරේදී කනිෂ්ඨ බච්චන්, (අභිෂේක් බච්චන්ගේ) රඟපෑමට වඩා බෙටී බීගේ පියා වීම නිසා කොයි කාගේත් කතාබහට ලක් වුණි. නව වසරක් උදා වුණේ නවක පියා තිරයේ වීරයකු කරමිනි.

‘ප්ලේයර්ස්’ අභිෂේක්ගේ මේ වසරේදී දක්නට ලැබෙන පළමු සිනමා රංගනය ඇතුළත් සිනමා පටයයි.

1969 බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් ලෙස ද 2003 දී හොලිවුඩයේ නිෂ්පාදනයක් ලෙස ද දැවැන්ත සාර්ථකත්වයක් ලැබූ ‘දි ඉටෑලියන් ජොබ්’ සිනමා නිර්මාණය ඇසුරින් බොලිවුඩය ‘ප්ලේයර්ස්’ නිපදවා තිබේ.

අභිෂේක් මෙන්ම ජනතා ආකර්ෂණය නොමඳව දිනා ගත් බොබී ඩියෝල්, නීල් නිතින් මුකේෂ්, සෝනම් කපූර්, බිපාෂා බාසු, සිකන්දර් ඛේර් ඇතුළු තරු රැසක් මෙහි රඟති.

අබ්බාස් - මස්තාන්ගේ ‘ප්ලේයර්ස්’ තිරගත වීම ඇරැඹුණේ ජනවාරි හය වැනිදා සිටයි.

කෝටි 45 ක් (අමෙරිකානු ඩොලර් මිලියන 8.55 ක්) වැය කර නිපද වූ සිනමා පටය මේ වන විට ලබා ගත හැකි වී තිබෙන්නේ ඉන් හරි අඩකි. එනම් ඉන්දියානු රුපියල් කෝටි 25 ක් පමණි.

ඉහළ ආදායමක් වසරේ හා හා පුරා ප්‍රදර්ශනය කරන සිනමා පටයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වුණ ද එය බොහෝ විට බොලිවුඩයට සිහිනයක්ය.

ඒ නව වසරේ මුලින්ම පෙන්වන සිනමා පටයට ප්‍රේක්ෂකයන් එතරම් මනාපයක් නොපෙන්වීම නිසයි. හාලා බෝල් (2008), චන්ද්නි චොව්ක් ටු චයිනා (2009), ප්‍යාර් ඉම්පොසිබල් සහ දුල්හා මිල් ගයා (2010) සිනමා පට මීට සාක්ෂි දරයි.

සිනමා පටයේ ආදායම් වාර්තාව අභිෂේක්ගේ කල දසාවට නම් කොහෙත්ම අහිතකර ලෙස බල නොපාන සේය. ඔහු අධ්‍යක්ෂණය කිරී

මට අලුතින්ම ඉදිරිපත් වී සිටින්නේ ඓශ්වර්යායි. ඒ අභිෂෙක්ගේ බිරිය, ඓශ්වර්යා රායි නම් නොවෙයි.

මේ දිනවල ‘කොලවෙරි දි’ ගීයෙන් අතිශය ජනප්‍රිය වී සිටින නළු ගායක, ධනුෂ්ගේ බිරිය සහ සිනමා පට නිපදවන්නියක වූ ඓශ්වර්යායි.

ඓශ්වර්යා පළමු වරට නිපදවන හින්දි සිනමා පටයේ වීරයා වන්නේ අභිෂේක්ය. ඓශ්වර්යා සුපිරි නළු රජිනිකාන්ත්ගේ දියණියකි.

අභිෂේක් ‘කොලවෙරි’ ගීතයට උමතු වී සිටින බව මේ වන විට නොදන්නා කෙනකු නැති තරම්ය. ඇයගේ ‘3 මූන්ද්‍රැ’ සිනමා පටයට ඇතුළත් කොලවෙරි ගීය අභිෂේක්, ඓශ්වර්යාගේ හින්දි සිනමා පටයට ද තමා වෙනුවෙන්ම ඇතුළත් කරන ලෙසට ඉල්ලා ඇති බවට ද ආරංචියි.


ෂාරුක් - ප්‍රියංකා සිත රිදවන මේ පෙම කුමක් ද?

කෙතරම් බාධක තිබුණ ද අවසානයේදී ආදරවන්තයන්ට වසන්තයක් මවා දීමට බොලිවුඩයේ සිනමා අධ්‍යක්ෂවරුන් කවදත් රුසියන්ය. එහෙත් මේ ආදර කතාවට ඔවුන්ට එවැන්නක් කළ හැකි වේවිද?

සැබෑ ජීවිතයේදී තිරයේ පෙම්වතුන් මෙන්ම ආදරය අවංකව විඳීන යුවළකට සිටි හොඳම උදාහරණය ෂාරුක් – ගෞරිය.

සුපිරි තරුවක් වුවත් ඔහු අන් තාරකාවන් ඉදිරියේ ‘සහෝදර’ නළුවකු පමණක් විය. ගෞරිට විශ්වාසනීය සැමියකු, දූ දරුවන්ට ආදරබර පියකු විය. එහෙත් මේ සියල්ල දැන් කණපිට පෙරලෙමින් පවතින සෙයකි.

ෂාරුක්, ගෞරීගේ අත ගත්තේ 1991 දීයි. ඔහු සිය උපන් දිනය සමරනවාටත් වඩා උජාරුවෙන් විවාහ සංවත්සරය සමරන්නේ තමන්ට ධනය, කීර්තිය නැති කාලයේ දුක බෙදා ගැනීමට ඉදිරිපත් වූ ගෞරීට ගෞරවය පුද දෙමිනි.

එහෙත් අද නම් ගෞරීට සැමියාගේ ඒ කතාවලින් සිත සනසා ගෙන සුවදායක නින්දකට යාමට නොහැකිය.

ඒ ඇයගේ සිහින මන්දිරයම ප්‍රියංකා චොප්රා විසින් විනාශ කරමින් පවතින බවට පැතිරී යන පුවත් නිසයි.

සිසිල් සුළං දසත පැතිරෙන අලුයම කාලයේදී හරියටම පාන්දර 3 ට, ප්‍රියංකා චොප්රා ෂාරුක්ගේ රෙඩ් චිලීස් කාර්යාලයෙන් නික්ම ගොස් තිබේ.

මෙය කාගේත් ඇහි බැම ඉහළ නංවන පුවතක් බවට පත් වී අවසානය. කාර්යාලයට රාත්‍රී 11 ට පැමිණි ප්‍රියංකා පිටව ගොස් ඇත්තේ පාන්දර තුනටය.

සී සිනේ සම්මාන උළෙලේ නිවේදක යුවළ වන්නේත් මේ දෙපළයි. උළෙල පැවැත්වෙන්නේ හොංකොං හි මැකෝ නුවරයි.

ෂාරුක් - ප්‍රියංකාටම නිවේදන කර්තව්‍ය පැවරීම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් හා සමාන වෙයිද? ප්‍රියංකා ෂාරුක්ගේ කාර්යාලයට පැමිණියේ සම්මාන උළෙල ගැන කතා කිරීමට විය හැකි බවට ද රාවයක් පවතී.

පිගි චොප්ස්ගේ (පි‍්‍රයංකාගේ) ‘තෙරි මෙරි කහානි’ නම් ඉදිරියට තිරගත වීමට නියමිත සිනමා පටය නැරැඹීමට ප්‍රේක්ෂකයන් උනන්දු කිරීමේ කටයුත්ත ද ෂාරුක්ගෙන් ඉටු වෙමින් පවතී.

සහෝදර නළු නිළියන්ගේ අලුත්ම නිර්මාණ ප්‍රවර්ධනය කිරීමට ෂාරුක් කවදත් එක පයින් ඉදිරිපත් වන්නෙකි. ඔහු ප්‍රියංකා වෙනුවෙන් ද පෙනී සිටින්නේ ඒ හොඳ හිත නිසා විය හැකියි.

කෙසේ වුවත් ගෞරී මේ සියල්ල හමුවේ මුනිවත රකින්නීය.

බොලිවුඩයේ ආදර්ශමත් වු කැදැල්ලට කණ කොකා හඬන්නේ නැතිවේවායි යන්න ගෞරිගේ මෙන්ම රසිකයන්ගේ ඒකායන පැතුමයි.

අන්තර් ජාලයෙනි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව