වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවෘත්ති කියන්නේ බොරුවක් වෙන්න බෑ

ප්‍රවෘත්ති කියන්නේ බොරුවක් වෙන්න බෑ

මල් ශ්‍රී අමරසිංහ

මං මුලින්ම ජනමාධ්‍යකරණය පිළිබඳ හැදෑරුවා ජනමාධ්‍ය විදුහලෙන්. ඒ ඔස්සේ හැදුණු සබඳතා මඟින් මට ශ්‍රී ටී වී නාළිකාවට එන්න ලැබුණා. මං එහි කාලයක් විවිධ වැඩ සටහන් කළා. බොහෝ අත්දැකීම් ලබන්නත් පුළුවන් වුණා. ඉන් අනතුරුව මං ටී. එන්. එල්. නාළිකාවට එකතු වෙනවා.

මල් ශ්‍රී ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූ අන්දම සිහිිපත් කළොත්?

මං මුලින්ම ජනමාධ්‍යකරණය පිළිබඳ හැදෑරුවා ජනමාධ්‍ය විදුහලෙන්. ඒ ඔස්සේ හැදුණු සබඳතා මඟින් මට ශ්‍රී ටී වී නාළිකාවට එන්න ලැබුණා. මං එහි කාලයක් විවිධ වැඩ සටහන් කළා. බොහෝ අත්දැකීම් ලබන්නත් පුළුවන් වුණා. ඉන් අනතුරුව මං ටී. එන්. එල්. නාළිකාවට එකතු වෙනවා.

ඔබ ඊට එන්නේ නිවේදිකාවක් ලෙසින්මද?

මම ශ්‍රී ටී. වී. ආයතනයෙත් හිටියේ නිවේදිකාවක් ලෙසට නෙවෙයි. ජනමාධ්‍යවේදිනියක ලෙසිනුයි මං ඊට එකතු වුණේ. වැඩ සටහන් ඉදිරිපත් කළා පමණක් නොවේ, ඉන් පරිබාහිරව ජනමාධ්‍යවේදිනියකගේ වගකීම් සියලු එකක්ම පාහේ මං ඉටු කළා. මං ටී. එන්. එල් එන්නෙත් එම තනතුරටමයි.

කොපමණ කල් ද ඔබ ටී. එන්. එල්. එකට ඇවිත්?

වසර හයක් පමණ වෙනවා.

අද වන විට ඔබට තනතුරකුත් තියෙනවා?

ටී. එන්. එල්. ආයතනයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කළමනාකාරිණිය හැටියට මං සේවය කරනවා.

වගකීම එහෙමත් වැඩියි?

ඔව්. ප්‍රවෘත්ති කියන දේ බොරුවක් වෙන්න බැහනෙ. ඉතින් මං ඒ ගැන ඉතාම සැලකිලිමත් වෙනවා. අලුත් ප්‍රවෘත්ති සොයා ගැනීමේ සිට ඉදිරිපත් කිරීම දක්වා සියලු දේ පිළිබඳ අවධානයෙන් ඉන්නේ.

ඒ අතරතුරදී ඔබ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා නේද?

සතියකට සැරයක් ප්‍රධාන ප්‍රවෘත්ති ගෙන එනවා.

ඔබේ රාජකාරිය ගැන ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම. ගොඩක් තෘප්තිමත්. බොහොම නිදහසෙන්, සතුටින් මං මගේ රාජකාරිය ඉටු කරනවා. ඒ වගේම සෙමින් ගමනක් තමයි මං යන්නේ.

ඒ නිසා ද වෙනත් නාළිකාවකට ගියේ නැත්තේ?

මට හිතෙනවා මගේ තැන මෙතන කියලා. මට වෙනත් නාළිකාවකට යන්න අවශ්‍යතාවයක් නැහැ. කොච්චර නම් චැනල්වලින් ආරාධනා කළාද, ඒත් මං ගියේ නැත්තේ ටී. එන්. එල් තරම් මට විශ්වාසයක් නැති නිසයි.

වෙනත් නාළිකාවකට ගියා නම් ඔබට මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා?

ජනප්‍රියත්වය නොෙවි මට වැදගත්. කරන කාර්යය නිදහසේ තෘප්තිමත්ව කරන්න ලැබෙනවා නම් ඇති. ටී. එන්. එල්. නරඹන පිරිස නම් එය හොඳට දන්නවා. ඉන් එහා ජනප්‍රියත්වයක් ලබන්නත් බැහැනෙ.

ප්‍රවෘත්ති කියන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීමක් ගැන කියන්න පුළුවන්ද?

ඇත්තටම තවම එහෙම සිදුවීමක් වෙලා නැහැ. ඒත් ප්‍රවෘත්ති කියන්න ආව මුල් දවස්වල හදවතට ඇති වූ ගැස්මේ මතකය නම් තවමත් එහෙම්මම තියෙනවා. අද නම් එහෙම බයක් නැහැ. ඒත් බීම් එකේදී මුල් කාලයේ දැනුණ බය ගැන නම් තවම මතකයි.

අනෙකුත් නාළිකාවල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ශෛලීන් ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

එක එක නාළිකාවල තියෙන්නේ එක එක ශෛලීන්. අතැම් ඒව ගැන ජනතාවගේ විවේචන තියෙනවා. ඒත් මම නම් මුකුත් කියන්නේ නැහැ. ඒ එයාලගේ හැටිනෙ.

මල් ශ්‍රීගේ ගම කොහෙද?

මත්තේගොඩ.

ඉගෙන ගත්තු පාසල?

ගාල්ල රිපන් බාලිකාවෙන් සහ කැස්බෑව ආටිගල බාලිකා විදුහලෙන් තමයි මං අධ්‍යාපනය හැදෑරුවේ.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

හොඳ නිවේදිකාවක් වීම තමයි.

මෙතෙක් පැමිණි ගමනේදී කාටද තුති පුදන්න තියෙන්නේ?

මගේ අම්මට, අම්මාගේ සහෝදරයන්ට සහ චිරාත් රාජපක්ෂ මාමාට.