වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

රොනීට මොක් සුව

ප්‍රවීණ රංගන ශිල්පි සහ ගායන ශිල්පි රොනී ලීච් කලාකරුවාණන්ට මොක් සුව පතමි!


රොනී දෙව් මව් තුරුලේ

1953 උපත ලද රොනී ලීච් කලාකරුවා 1972 වසරේදී ගායනයට පිවිසිණ. සේන සමරසිංහගේ 1983 ඈතින් ඈතට සිනමාපටය හරහා සිනමාවට පිවිසුණි. එම සිනමාපටයේ ගිටාරයක් ඇතිව කොට කලිසමකින් සැරසී සරුංගලේ වාගේ පාවේලා ගීතයට රැඟුමක් එක් කරන කළ ඔහුට කොණ්ඩයක් තිබිණි. නමුත් තට්ටයා ගීය ගායනා කරන විට කොණ්ඩය කපා දමා ඇත. චෙරියෝ ඩාලිං, දවල් මිගෙල් රෑ ඩැනියෙල්, පෙම් කැකුළ, ක්ලීන් අවුට් සහ බොහෝ සිනමාපටවල හාස්‍ය චරිත තුළින් ප්‍රේක්ෂකයන් සිනහවට ලක් කළේය. එය මහඟු ක්‍රියාවකි. තට්ටයා ගීතය සමඟින් ගායන ලොවට පිවිස කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ, කවුද බොලේ ඇලිස්' සහ වෙනත් ගීත ද ගායනා කරන ලදී. ඔබට මොක් සුව පතමි.


සෑම හදවතක්ම සතුටු කළ රොනී ලීච්

කලා කෙතට පායා ආ තට්ටයා වූ රොනී ලීච් දයාබර අයියේ ඔබ කුඩා වැඩිහිටි මහලු සෑම දෙනාගේම මුවට සිනාගෙන දී රංගනයෙන් ගීතයෙන් රටක් වසඟ කළ ඔබ කලා ලොවේ දිලුණු තාරකාවක් විය. ඔබ කළ අපූරු දස්කම් නිරතුරුම අප සිත්වල නොමැකී ඇත. දයාබර රොනී ලීච් අයියේ ඔබ මියගිය අරුමය සිතාගන්නවත් නොහැකිය. ඔබට අජරාමර නිවන් සුව.


සක්විතිිට කළ උපහාරයක්

සිංහල සිනමාවේ සක්විති ලෙස විරුදාවලි ලත් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකා අගයමින් එතුමාගේ 14 වෙනි ගුණ අනුස්මරණය සිදු කළ අවස්ථාවේ ගාමිණී ෆොන්සේකා පදනමේ ගරු සභාපති රංගන ශිල්පී දමිත් ෆොන්සේකා මහතා විසින් උදුලා දාබරේ, විල්සන් කරුණාරත්න සහ අසෝක සෙනරත් මුදලිගේ යන කලාකරුවන් වෙත උපහාර තිළිණ ප්‍රදානය කිරීම සැබැවින්ම ගාමිණී ෆොන්සේකා මැතිඳුන් වෙත කළ උතුම් උපහාරයකි.


ජීවමානයි ඩේසි අක්කේ

හෙළ සිනමාවට පිනට පහළ වූ අසහාය ගීත කෝකිලාවිය හා සිනමා නිළි රැජිණයක ලෙසින් විරුදාවලිය ලත් රුක්මණී දේවිය (ඩේසි අක්කා) අප අතරින් වෙන් වී 2018 ඔක්: 28 ට අවුරුදු 40 ගෙවී ගියත් අප සිත් තුළ අමතක නොවන රංගනයට මෙන්ම ගායනයට නිසර්ග හැකියාවක් ඇයට කුඩා කල සිටම තිබිණි. කාන්තාවන් කලාවට. සංගීතයට යෙමු වීම සමාජය විසින් අනුමත නොකරන ලද කාලයක සියලු අභියෝගවලට මුහුණ දෙමින් රංගනයට ගායනයට පිවිසි ඇය පසුකාලිනව ඒ පිළිබඳ මනා ප්‍රවීණත්වයන් ලබා ගත්තාය. පළමුව රංගනට පිවිසෙන්නේ වේදිකා නිළියක ලෙසය. ඓතිහාසික නාට්‍යවල මෙන්ම සෙසු නාට්‍යවලද රඟපෑ අතර රංගනය පිළිබඳව එවකට පැවැති සම්ප්‍රදායික බාධාවන් පුපුරුවා හැරීමට ඈ සමත් වූවාය. පළමුවන කථානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුවේ රංගනයෙන් දායක වන ඇය ඉන් පසු දශක තුනකට ආසන්න කාලයක් ලාංකීය චිත්‍රපටවලට රංගනයෙන් දායක වුවාය. නිළිකම ඇගේ සිරුරේ නිදන්ගතව තිබිණි. ඇය මුලින්ම ග්‍රැමෆෝන් තැටියකට 1939 වර්ෂයේ ගීයක් ගැයීමෙන් පසු විවිධ ගීත හැඟුම්බරව ඇය කළ ගැයුම් අදටත් නැවුම්ය. ඇය නිහතමානී කාන්තාවක වූවාය. 'සිවම්මා ධනපාල' නාට්‍යයේ රඟපෑ විශිෂ්ට රංගනය අදටත් මැවිලා පෙනේවි අපේ සිත්වලට. ඩේසි අක්කා මැතිනියේ ඔබේ ගුණ සම්භාරය සදා නොමැකෙන නමක් තැබූ රක්මණී දේවිය අපේ හද තුළ සදා අමරණීයයි. ජීවමානයි. ඇයට මා හදේ ගුණ සැමරුම් මෙසේ පුදමින් නිවන්පුරයේ රුවන් දොරටුව විවර වේවායි මගේ පැතුමයි.


විජය කුමාරණතුංග හා ජෝතිපාලයන්ට

ජාතියේ පිනට පහළ වූයේ ඔබලායි. සිනමාවේ හා ගීත අඹරේ ඉර හඳ ඔබයි. ඔබ වැන්නන් නැවතත් බිහි නොවෙයි. ඔබලා මැරුණත් ඔබලාගේ නාමය අමරණීයයි.


නොමියෙන නුඹ... විජය

විසල් නුග රුකක් වී - අකුණු සැඩ ඉවසමින
සෙවණ ලද අය නොමින් සුරැකි ළබැදි කැපවීමෙන්
සතන් පරිපීඩා නිවීමෙන්
පහන් සිත බැත්මත්ය නිරතුරු
කවදාක රිදවී ද අන් හද වෛරයේ බසකින්

පැතුම්බර ජීවිතය කැප කර
ප්‍රකෘතිය නිතියෙන් අවදි කොට
පිළිවෙතට සමබරව බැඳුනෙන්
දිරිය තුළ පණ කැවිණ අරමුණ
කෙබඳු තැනකදී කී දෙයක් විද
ඉටු කළේ එය විමසමින් මඟ
දුලබ එළියක පහන් සිල මෙන
චාතුර්ය රැඳි අපිරිමිත
නිවී ගිය යුරු - අකල් මොහොතක


වසන්ත රෝහණ

ජාතික ගුවන් විදුලියේ විශේෂයෙන් වෙළඳ සේවය සතු මාහැඟි වස්තුවක් වන් නිවේදකයෙකි වසන්ත රෝහණ, චතුර කථිකත්වය හා වාග් විලාශය ශ්‍රාවක මන පුබුදුවාලයි. ගුවන් විදුලියේ පමණක් නොව රාජ්‍ය රූපවාහිනි නාළිකාවලට ඔහුගේ දක්ෂතා දැකිය හැක. එම වැඩසටහන් ඔහු විසින් මෙහෙය වන්නේ සංවර ආකාරයටය. තවද රාජ්‍ය නායකයන් සහභාගි වන රැස්වීම් මෙහෙය වන්නට ද ඔහුට ලැබෙන්නේ නිවේදන ශෛලියේ ඇති ගුණාත්මක බව නිසාමය. මේ වන විට ගෘහස්ථ සංගීත ප්‍රසංගවලට නැතිවම බැරි නිවේදකයෙකු ලෙස වසන්ත පත් වී හමාරය. තෝරා ගත් එළිමහන් සංගීත ප්‍රසංගවලට පමණක් සහභාගි වන ඔහු ඒවා ද සංවර ගී දැහැනක් ලෙසට සිය නිවේදන ශෛලියෙන් පරිවර්තනය කරනු ලබයි. වසන්ත ගීත රචනයෙන් ද දක්ෂතා පෙන්වා ඇත. ජගත් වික්‍රමසිංහ ගායනා කරන ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ' සහ 'හිම පාරාදීසයේ' ගීත ඉන් ප්‍රධානය. දේහධාරී පෙනුමකින් ද සපිරි මේ සොඳුරු සන්නිවේදකයාණන්ට අපගේ සුභාසිරි.


‘සරස’ට රසික ප්‍රණාම

'ස' ප්‍රසංගයෙන් අසීමිත රසික ජනප්‍රසාදයක් ලබාගත් යුගයේ අසමසම සෞන්දර්ය ගායන ශිල්පී වික්ටර් රත්නායක 'ස' ප්‍රසංගයට මඳ විරාමයක් තබා නවතාවයෙන් යුතු 'සරස' නම් ඒක පුද්ගල ගී දැහැනින් රසික දෙසවනට අපූර්ව වූ රසාස්වාදයක් ලබා දෙමින් ඒක පුද්ගල ගී පුදසුනේ අග රජු ලෙස රසික ආදරයෙන් පිදුම් ලැබීම වික්ටර් රත්නායකයන් ලද සුවිශේෂි භාග්‍යයකි. වෙන නදින් මියුරු ස්වර අපූරුවට පෙළහර පාන ගාන්ධර්වයාණනි, ඔබට රසික අපගේ බැතිබර ප්‍රණාමය.


හිරුට මල් මිටක්

හිරු නාළිකාවෙන් විකාශය වූ බටහිර අහස ටෙලි නාට්‍ය සැම දෙනාගේ ආදරයට ලක් වූ ටෙලි නිර්මාණයකි. ඉදිරියේදීත් මෙවැනි නාට්‍ය දැක ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


එදා ගැයූ ගී පැය භාගයක් දෙන්න

එදා චිත්‍රපට ජනප්‍රිය වුනේ වැඩි වශයෙන්ම ගීත නිසයි. එදා ගීත ගැයූ ගායක ගායිකාවන් අල්හාජ් මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, රුක්මණී දේවි, ලතා වල්පොල. නමුත් ඔවුන් ගැයූ ගීත අඩුම වශයෙන් එක් ගායකයකුගේ, ගායිකාවකගේ ගීත පැය භාගයකවත් වැඩ සටහනක් ඉදිරිපත් නොකිරීම හරිම අසාධාරණයකි.


ශ්‍රාවක මන පුබුදන වෙස් ලස්සනයි

දැනට ස්වර්ණවාහිනී නාළිකාවේ ප්‍රචාරය වන වෙස් ටෙලි නාට්‍යය ඉතා ලස්සනයි. එහි රයන්ගේ චරිතය කරන සාරංග දිසාසේකරගේ රඟපෑම් ඉතාම විශිෂ්ටයි. හැඟීම්වලින් ඉරියව්වලින් ඔහුගේ හැකියාව පෙන්වා මෙවැනි ටෙලි නාට්‍යයක් අප අතරට ගෙනා අධ්‍යක්ෂතුමාටත් රඟපාන සාරංග නළුවාටත් මගේ උණුසුම් සුභපැතුම්. සුභ ගමනක් ඉදිරියට යන්න මම ප්‍රාර්ථනා කරනවා.


ගී රස ගී රසවත්

ගුවන් විදුලි වෙළඳ සේවයෙන් සෑම බදාදා දිනකම සවස 5 ට 'ඉනුෂා මීබැද්ද සහ 'ලකිදු පීරිස්' විසින් ගෙනෙන 'ගී රස ගී' හරිම රසවත් වැඩ සටහනකි. නිතර නෑසෙන ගීවල මුල් රසය සහ එම ගී ගැයු ශිල්පීන් සමඟ කරන හරවත් කථාබහ අගය කළ යුතුයි. ඒ තරමට මෙම වැඩ සටහන හරිම විචිත්‍රවත්. ඔබ දෙපොළට මාගේ හද පිරි තුති පුදමි.


‘හිට් මාස්ටර් වොයිස්’ අපූරුයි

සෑම සෙනසුරාදා දිනකම පස්්වරු 3.00 සිට හෝරාවක් තුළින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් ප්‍රචාරය වන ඩ්ඪඵ ර්චඵබඥපඵ ඍධඪජඥ තුළින් නිතර නොඇසෙන ගී තුළින් මතකය අවධි කරන මෙම වැඩසටහනට අපගේ ප්‍රණාමය. වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදක සංඛට අපගේ හද පිරි සතුට.


උදාර කාර්යයක් වූ දෙරණ 60 ප්ලස්

60 ප්ලස් පළමුවන අදියර අප රට වැඩිහිටි පිරිසගේ හා සාමාන්‍ය රසික පිරිසගේ ජය ඝෝෂා මැද නිමාව දුුටුවේය. වැඩිහිටි ආධුනික කලාකාරයනට හා රසික පිරිසට එය කලා මංගල්‍යයක්ම වූයේය. එහෙත් දිනෙන් දින වයස්ගත වන දිරාපත් වන හා ගියවර තරගයේදී ඉදිරියට පැමිණිය නොහැකි වූවනට වෙනත් විකල්පයක් නොමැත්තේය. එවන් තත්ත්වයක් තිබියදී දවල්ට කෑම කෑ අප රාත්‍රියට කෑම නොකෑවා සේ අප රට වැඩිහිටි පිරිස පාර දෙස බලා සිටින්නේ පෙර මඟ කසකාරයා වන 60 ප්ලස් ලිපිය තමා අත පත් වනතුරුය. එය අප වැඩිහිටි කලා සංගම්, පැරැණී ගීත හවුල් ඇතැම් ගීත සංගම් තුළින් නැගෙන්නා වූ හඬ ඇසෙන්නේය. දෙරණ ඔබ උදාර සංකල්පයක් ඉදිරිපත් කළ බැව් සත්‍යයක් වන අතර දෙවන, තෙවන හා පැරැණි ගීතය අප අතර සැරිසනා තාක් කාලයක් හා වැඩිහිටි පිරිසද, අප අතර සිටිනා තාක් කාලයක් ද අනාගතයේදී බිහි වෙන වැඩිහිටියන් පිළිබඳව ද සලකා බලා කිසිවෙකු මෙතෙක් නොකළා වූ එම මහඟු කාර්්‍යය දෙවන අදියරට අතගැසීමට හැකි වේවායි පතමි. දෙරණ ඔබ උදාරය.