|
ශ්‍රීදේවිගේ චරිතය දීපිකාට
මීට පෙර ආරංචි ගෙන ආවේ ශ්‍රීදේවිගේ චරිත කතාව සිනමාවට නැගෙනු ඇති බවයි. හන්සල් මෙහෙතා පවසා සිටියේ, ශ්‍රීගේ චරිත කතාව සිනමාවට ගෙන එන්නට බලාපොරොත්තු වන බව හා විද්‍යා බාලන් ශ්‍රී දේවිගේ චරිතයට පණ පොවන බවයි. කෙසේ නමුත් ශ්‍රීදේවිගේ රංගන දායකත්වය ලද සිනමා නිර්මාණ ගොන්නේ වන හාස්‍යමය සිනමා නිර්මාණයක් වූ Chaalbaaz ඒ අතරින් පළමුවෙන් නිර්මාණය කෙරෙනු ඇති බවත් සඳහන්. ෆාරා ඛාන් විසින් එය අධ්‍යක්ෂණය කරන්නට නියමිත බවත් මෙම ආරංචි අතරේ වෙනවා. සුවිශේෂම කරුණ නම් මෙහි ශ්‍රී දේවි නිරූපණය කළ ද්විත්ව චරිත වන අංජු සහ මංජුහට පණ පොවන්නේ කවුරුන් ද යන්නයි. එම අවස්ථාව මේ වන විට බොලිවුඩ් නිළියන් අතරේ ඉදිරියෙන් සිටින දීපිකා පදුකෝන්හට හිමි වන බවයි පැවසෙන්නේ. 1989 වසරේ තිරගත කෙරුණු Chaalbaaz චිත්‍රපටයට එම වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරේ පස්වැනි ස්ථානය හිමි වෙනවා. ශ්‍රී දේවි සමඟින් කොලිවුඩයේ සුපිරි තරුව රජිනිකාන්ත්, සනී ඩියෝල්, අනුපම් ඛේර්, ශක්ති කපූර් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වුණු. එය අධ්‍යක්ෂණය කළේ පන්කජ් පරේෂර් විසින්. වසර 28ට පෙර ශ්‍රී දේවි Chaalbaaz චිත්‍රපටයේ Na Jaane Kahan Se Aayi Hai ගීතයට වර්ෂාවේ තෙමෙමින් නර්තනයෙන් දායක වූයේ ෆැරන්හයිට් අංශක 103 මට්ටමේ උණ තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී බවත් අතීත තොරතුරු ගෙන එනවා.
අක්ෂේගේ වැසිකිළි පේ‍්‍්‍රම කතාව ඉදිරියටත්
ඉන්දියාව තුළ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳ අවධානය යොමු කරමින් නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් ලෙස oilet: Ek Prem Katha පසුගිය වසරේදී තිරගත කෙරුණා. ශ්‍රී නාරායන් සිං විසින් අධ්‍යක්ෂණය කෙරුණු oilet: Ek Prem Katha වෙත ඉන්දීය රජයේ පවා අවධානය යොමු වූ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිගේ පවා පැසසුම් හිමි වුණා. මෙහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කෙරුණේ ද අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව ඔහු සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් පැවසුවේ කෝටි 125ක් වූ ජනතාවට එකට එකතු වී පිරිසිදු ඉන්දියාවක් නිර්මාණයට මෙය කදිම ආදර්ශයක් වනු ඇති බවයි. ජනප්‍රිය නළු අක්ෂේ කුමාර් oilet: Ek Prem Katha හි ප්‍රධාන චරිතය වන මුදල් ගෙවා පරිහරණය කරන වැසිකිළියක හිමිකරුවෙකුගේ චරිතය නිරූපණය කළා. ඉන්දීය රුපියල් කෝටි 18ක වියදමෙන් තැනුණු oilet: Ek Prem Katha ඉන්දීය රුපියල් කෝටි 311.5ක ආදායමක් වාර්තා කළා. පසුගිය දිනෙක අක්ෂේ කුමාර් සිය ට්විටර් පිටුවේ සඳහන් කර තිබුණේ oilet: Ek Prem Katha හි දෙවැන්න 'Toilet 2' ගෙන එන්නට සූදානම් බවයි.
ඩියා මිර්සාගෙන් සංජේ දත්ට වටිනා ත්‍යාගයක්
සෝනම් අධ්‍යක්ෂණයට
සෝනම් කපූර් ආනන්ද් අහූජා සමඟ විවාහයෙන් පසු දීර්ඝ නිවාඩුවක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියා. මේ වන විට සෝනම් චිත්‍රපට තුනක් වෙනුවෙන් ගිවිසුම් අත්සන්කර තිබෙන නිසා ඉදිරි කාලය ඇයටතරමක් කාර්යබහුල එකක් වනු ඇති බවත් බොලිවුඩ් පුවත් ගෙන එනවා. පසුගිය දිනෙක හින්දුස්තාන් ටයිම්ස් සමඟින් කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ අලුත් බලාපොරොත්තුවක් පිළිබඳ සඳහන් වුණා. එනම් ඉදිරි වසරක හෝ දෙකක කාලය ඇතුළත ඇය අධ්‍යක්ෂණයට පිවිසෙන බවයි. බොලිවුඩයේ මේ දක්වා තමන් සමඟින් කටයුතු කළ සිනමා අධ්‍යක්ෂවරුන් මේ වෙනුවෙන් දිරි ගැන්වූ බවත් ඇය පවසනවා. සන්ජේ ලීලා බන්සාලි, ආනන්ද එල්. රායි, ආර්. බල්කි, රාම් මද්වානි වැනි අධ්‍යක්ෂවරුන් ඒ අතර සිටිනවා. රංගනයේදී තමන් ඉතා වගකීමෙන් කටයුතු කරන බැවින් වසරකට චිත්‍රපට දෙකකට වඩා භාර නොගන්නා බවත් මේ වසරේ අග භාගයේදී විවේකි දින කිහිපයක් තිබෙන බැවින් තවත් පිටපතක් කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවත් ඇය පවසනවා.
|