වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

රන්ජිත් නිව්ටන්

ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීව සිටි රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් වසරක් පිරීම නිමිත්තෙනි.

අසිරිමත් මොහොතක ඔබ මා හමුවීම සුමුදු මද පවන මැද, අහඹුවෙන් ඇද හැලෙන මල් වරුසාවක්ම විය. සෙනේහයේ පිණි පොද වැද, පිබිදුණු අපේ ලොව වසන්තයේ පිපි මල් ගොමු සිරි ගති. කුලුණුබර ප්‍රේමයෙන් රන්ජිත වූ මා මන දුටුවා නවමු ලොවක්.

සිඳුලඳ තුරුලේ සැඟැවෙන දිවයුරු රත්පැහැ ගැන් වී මුමුණන පෙම්බස් කිරිසුදු රැළි හා මුසුවන මොහොතේ ඔබ ගෙට ගොඩ වන තුරු මම මඟ බලා සිටියෙමි.

එනමුත් නොසිතූ, නොපැතූ මොහොතක විශ්වයේ කොතැනක ද ඔබ සැඟව ගියේ. දැන් දවස උදා වන්නේ හිස් බවිනි. මුළු දවසම හිස්ය. මුළු රාත්‍රියම හිස්ය. කෙසේ වදනට මුසු කරන්නද? ඔබ සිටින තැන හා මා සිටින තැන අතර ඇත්තේ භවයේ බිඳ හෙළිය නොහැකි ඝොරතර කඩතුරාවය. එය අන්ධකාරය, මහ ගල්කුලක් මෙනි. අහස් ගැබ සිසාරා, මුළු විශ්වය පුරා පැතිර ඇත්තේ පාළුවය, තනිකමය, හුදකලාවය. ඒ මහා පාළුව තිතක් පමණවත් කිසිවෙකුට පුරවාලිය නොහැක හිමි සඳුනි.

ඔබේ ලෝකය චිත්‍රපට ලෝකය විය. රස හඳුනන, හරවත් ඊළඟ පරපුර බිහි කරනු වස් ඔබ ගත් අමිල මෙහෙවරෙහි පල ලබන්නෝ අද බොහෝය. දිවයින පුරා පාසැල් සිසුන්ගේ අධ්‍යාපනය සරු කිරීමට සාධු සිතින් යෙදුණේ නිහඬ මෙහෙවරකි. මහා කරුණාවෙන් ඉඩම්, ගෙවල් ආදී අනේක දෑ දන් දී ඔබ කළ පින් කවුරුත් නොදනී. මෙකී නොකී සියලු පින් මේ අත් බවෙහි ඔබට පිහිට වූවාදැයි මම නොදනිමි. එහෙත් භවතරණයේදී මේ සියලු පින් ඔබට සවිබල වේවා. මා හඳුනන, නොහඳුනන කෘතවේදී සත්පුරුෂ බොහෝ දෙනා ගුණවත් ඔබට පින් අනුමෝදන් කරවන බව මම දනිමි. මගේ හා පුතුගේ සියලු කුසල් ද ඔබ සමඟමය. හිමිතුමනි ඔබට පින්!

ගවුවෙන් ගවුව දිව මාළිග සෑදේවා
ගෙවෙන ගෙවෙන හැම ක්ෂණයම සුවදේවා!

*********************************


හදවතට ළං වූ ජෝතිපාලට

ආදර ගී ගයා අපෙ හදවත්වලට ළං වූවා
ඔබෙ නමට නිතැතින් තරුණ කැල මත්වූවා
සාදයක මුල් තැනට ඔබෙ ගී යොමු වූවා
බාල මහලු සැම සිත් නොඅඩුව පින වූවා

සතුටත් විරහවත් ඔබෙ ගී තුළින් ගෙන ආවා
අහස උසට ගී සෑයක් සාදන්නට දස්කම් පෑවා
ගී රජු ලෙසින් රන් කිරුළක් හිමි වූවා
රන් හදවත අප හට නොදැනිම සදහට පිටුපෑවා

ආවා අවුරුදු දේවි කියා සතුටින් ඔංචිලි පැද්දා
අසරණ පෙම්වතුන්ට සරණ වූයේ ආදරයෙන් සැමදා
නොසිතූ වෙලාවක ඔබ ගියා අප සැම තනිකරදා
නොමැකෙන පාළුවකි දැනෙනුයේ අප ගී ලොවෙහි සදා

*********************************

ලෙස්ටර් නම් යුග පුරුෂයාට

'රේඛාවක්' බලා 'සංදේශය' යැව්වා
'ගම්පෙරළිය'ක් ඒ අතරෙදි මැව්වා
'දෙලොවක් අතර'ට 'රන්සළු'වක් මැව්වා
'ගොළු හදවතක්' 'අක්කර පහ' ගිනි තිව්වා

'නිධානය'ත් 'දෑස නිසා' ලැබුණාය
'ද ගෝඩ් කිං' 'මඩොල්දූවේ' රැඳුණාය
'අහසින් පොළොව හිරු රැස් වැටුණාය
'වීර පුරන් අප්පු' දඬුවම් ලැබුවාය

'බද්දේගම' 'කලියුගය'කි 'යුගාන්තය
'අවරගිර' නිසා ලෝකය අඳුරු විය
'වෑකන්දේ වලව්වත්' දැන් පාළු විය
'අම්මාවරුනේ' රන් පුතු සොහොන් විය

*********************************

ජෝති තැබූ ගී ලොව වාර්තා

* වැඩිම කැසට් ප්‍රමාණයක ගී ගැයූ ගායකයා (1987 තෙක්)

* වැඩිම සංගීත සංදර්ශන ගණනාවක ගී ගැයූ ගායකයා (1987 තෙක්)

* වැඩිම නළුවන් පිරිසකට පසුබිම් ගීත ගැයූ ගායකයා

* වැඩිම ගායිකාවන් පිරිසක් සමඟ යුග ගී ගැයූ ගායකයා

* වැඩිම ගායකයින් පිරිසක් සමඟ යුග ගී ගැයූ ගායකයා

* ගුවන් විදුලියේ වැඩිම ගීත ප්‍රමාණයක් ගැයූ ගායකයා

* සිංගප්පූරු රූපවාහිනියේ ගීත ගැයූ එකම ශ්‍රී ලාංකික ගායකයා

* දින 7 තුළ එක දිගටම චිත්‍රපට 7 ගී ගැයූ එකම ගායකයා

* සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනාවක ගී ගැයූ ගායකයා

* ජනප්‍රියත්වය ලැබූදා සිට මියයන තුරුම ජනප්‍රියම ගායකයා

ලෙස කිරුලු පළන් එකම ගායකයා

*********************************

මැදට සහ යෙදුණු චිත්‍රපට

සිරිපාල සහ රන් මැණිකා
බිනරි සහ සුදු බණ්ඩා
අපරාධය සහ දඬුවම
තිලක සහ තිලකා
ජනක සහ මංජු
අලි බබා සහ හොරු හතලිහ
නෙළුම් සහ සමන්මලී
ගිනි කෙළි සහ ගිනි අවි
සුදු කළු සහ අළු
බෝම්බ සහ රෝස
සරත් සේනාධීර

*********************************

ප්‍රතිභාව විහිදූ සුනිල්ට

සඳකඩ පහණින් කැටයම් කරමින් හෙළ ගායන විජිතයේ ජය නද නැං වූ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ප්‍රතිභාන්විත ගායන ශිල්පියෙකි. ඔහු ගැයූ ගී අතරින් මේ තරම් සියුමැලිද කලුගල්, බාලේ බැඳි රජරට, රුදුරු කටු වදුලේ, මිනිසකු පිට නැඟි අසරුවකි, පලංචියේ ලී ඉරුවේ යන ගීත සුභාවිත අරුත් ගත් රසික ආකර්ෂණය දිනූ සදානුස්මරණීය ගීත වේ. සම්මානනීය ගායන ශිල්පියකු වූ සුනිල් එදිරිසිංහ රසික අපි සැමදා මහත් බැතියෙන් සිහිපත් කරමු.

*********************************

සී. ඩී. ෆොන්සේකා සිහිපත් කරමු

ඔබ අපෙන් සමුගෙන මැයි 11 වෙනිදාට පුරා වසර 32 ක් ගත වුණත් ඔබ 60 - 70 දශකවල ගැයූ 'ඔයාට රත්නේ', 'දෑස පුරා සිත', 'කැකිරි පැලෙන හිනා', 'සමන් වැලේ මල්', 'කවට කමට ඔබේ මගේ' වැනි ගුවන් විදුලි ගීතත් 'තරුණ සිතක මිහිර රැගෙන' 'ඈත කඳුරැලි සිඹ සිඹ' වැනි චිත්‍රපට ගීතත් අප හදවතේ තවමත් රැඳී තිබේ. මෙවන් මොහොතක ඔබේ හඬත්, රුවත් ගැයූ ගීතත් සිහි වේ.

*********************************

ජගත් වික්‍රමසිංහට ඇගැයුම් මදි

දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමට බොහෝ සේ දායක වී ඇති අති දක්ෂ සංගීතඥයෙක්, ගායකයකු වන ජගත් වික්‍රමසිංහයන් ඇගැයීමට ලක් වුණා මදි යැයි සිතේ. ඔහු සතු මනා දැනුම හැකියාව මෙයට වඩා උපයෝගී කරගතහොත් ඔහුට ජාත්‍යන්තර තලයට පවා යා හැකි ශිල්පියෙක් ලෙස දකිමි.

*********************************

ශාන්ති ලේඛාගේ සංවේදී රංගනය

කලාශූරි ලතා වල්පොල 'චණ්ඩි පුතා' චිත්‍රපටය සඳහා ගායන කරන ලද මාතෘ සෙනෙහසින් පිරිපුන් ගීතයක් වන 'අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි' ගීතය එදා තිරයේ දිස්වන විට රසික රසිකාවෝ මහත් සේ සංවේදී වූහ. එයට විශේෂ හේතුවක් වූයේ නම් එම ගීිතයට රංගගනයෙන් දායක වූ ශාන්ති ලේඛා නම් වූ විශිෂ්්ට රංගනවේදිනියගේ සංවේදී රංගන විලාශයයි. එදා මෙන්ම අදත් එම ගීතය එකසේ ජනප්‍රියය. ඊට හේතුව නම් ලතාගේ හඬ මෙන්ම ශාන්ති ලේඛාගේ රංගනය ගහට පොත්ත සේ පෑහීමයි. ඇත්තෙන්ම එය ප්‍රාතිහාර්යයකි. එකල චිත්‍රපටවලට මවගේ භූමිකාව සඳහා ශාන්ති ලේඛා නැතිවම බැරි විය. 'එක් ටැම් ගේ', 'එයා දැන් ලොකු ළමයෙක්' 'සක්විති සුවය' 'විශ්මය' ආදී චිත්‍රපට රාශියක ඇගේ රංගන දක්ෂතා අපි දුටුවෙමු. ජීවිතයේ අස්ථිර බව කියා දී ඇය ද නික්ම ගියාය.

*********************************

මිතු දහවෙනි වරට

අතිශයින්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයන් වන පබා, පබළු, අමා,නෙතු ප්‍රේක්ෂකයින් පින වූ මහේෂ් රත්සර මද්දුම ආරච්චි ශාන්ත සොයිසාගේ හරබර අධ්‍යක්ෂණයෙන් ස්වාධීන රූපවාහිනී මත දිග හැරෙන 'මිතු' ඔවුන්ගේ 10 වෙනි සුසංයෝගයයි. ශලනි තාරකා, වත්සලා දියලගොඩ, නිරෝශන් විජේසිංහ සහන් රන්වල ඇතුළු ජනප්‍රිය නළු නිළියන් මෙන්ම හඳුන්වා දෙන චානුක ප්‍රබුද්ධ මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වන ඩී. එම්. ඩිල්ෂාන් මෙම කැලට එකතු වෙයි. පෙර සේම මෙම ටෙලි සිතුවම ද ජනප්‍රිය වන බව ඒකාන්තයි. අපගේ ආදර ප්‍රතිචාර.

*********************************

හිරු TV එකට අප්‍රසාදය

පසුගිය මැයි 19 දින ජාතික රණවිරු උලෙළ ජාතික රුපවාහිනිය, අයි. ටී. එන්, සිරස, දෙරණ ඇතුළු නාළිකා එකවර සජීව ඉදිරිපත් කළ අතර හිරු ඊඍ සහ සියත ඊ ඍ තුළින් මෙය විකාශනය නොකළේ එය රජයේ සමරු උලෙළ නිසාද?

කැතයි, ලැජ්ජයි, නින්දිතයි. ඇත්ත වශයෙන්ම එය රණවිරුවන්ට කළ අවමානයක්.

*********************************

බන්දු ඇන්ඩ් ටෙනී

චිත්‍රපට අධ්‍යක්ෂවරු වන රෝයි ද සිල්වා සහ රන්ජන් රාමනායක මහත්වරු යටතේ ඔබ දෙදෙනා රඟ දැක් වූ ඒ කොමඩි සිනා අද ඔබ දෙදෙනාටම පාරාවළල්ලක් වෙලා කියා මට හිතෙන්නේ යම රජ සිරි චිත්‍රපටය බැලූ විටයි. දෙදෙනාගේම ප්‍රතිරූපය මෙම චිත්‍රපටයෙන් බිඳ හෙළා ඇත.

*********************************

පැරැණි ගී ජය මාවතට

පැරැණි ගීතය සැමදා ජය මාවතේ සිටියද, පැරැණි ආධුනික ගායන ශිල්පීන් හට නිසි මඟ පෙන්විමක් නොමැතිව අනාථභාවයට පත් වී සිටියදී දෙරණ 60 ර්‍ථතභඵ අගේ ඇති කාර්යයකට අතගැසීය. දැන් තේරීපත් වී ඇති අම්මලා තාත්තලා ආච්චිලා සීයලා සාධාරණ දැනුම් තේරුම් ඇති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගීත ගයන අයුරු ප්‍රශංසනීයයි. මෙය තවත් තවත් ඉදිරියට ගෙන යාමෙන් පැරැණි ගීතය හා පැරැණි ගීතවල (නව ගීතයන් ලෙස) එදා අප රට චිත්‍රපටයෙන් හා ගුවන් විදුලියෙන් පිට වනවිට එම ගීතයන්ට අත්පොළසන් දුන් පරපුර අද වයෝවෘද්ධව සිටින අවස්ථාවේ ඔවුනට යම් ස්ථානයක් හිමි කරදීම අගේ කළ යුත්තක් වන බව නම් නොකියා බැරිය.

*********************************

වියපත් වියේ සිනමාවට ආ දෙනවක හාමිනේ

'සාමා' චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසි සිංහල සිනමාවේ සිටි අති ගෞරවනීය මාතාව - මිත්තනිය ලෙස දෙනවක හාමිනේව හැඳින් විය හැක. වියපත් වියේදී සිනමාවට පිවිසිය ද එකල සිටි නිළියන් අබිබවා ලැබූ චරිත අති තාත්වික ලෙස ඉදිරිපත් කළේ රසික රසිකාවන් අමන්දානන්දයට පත් කරමිනි. එයට කදිම උදාහරණයක් නම් 'දෙවෙනි ගමන' චිත්‍රපටයේ සබීතා පෙරේරාගේ මිත්තනිය ලෙස රඟපෑ චරිතයෙන් අපේ ආදි මුතුන් මිත්තන් ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ආ සිරිත් විරිත් අහිමිවීමෙන් ඇතිවන කැලඹීම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමයි. එවන් මවක්, එවන් මිත්තනියක් අපට ආයේ හමු නොවේ. එහෙත් රඟපෑ චරිත හදවත් හි තැන්පත්ව පවතී.

*********************************

නික්ම ගිය තිදෙනෙක්

සුන්දර මතකය
වේදිකාව හැඩ ගැන් වූ
කරුණාරත්න එස්.
රූප රාමු
පණ ගැන් වූ
රෝයි ද සිල්වා
ස-රි-ග-ම-ප
තිළිණ කළ
සෝමසිරි අතුල
නිර්මාණකරුවෝ
සුවඳ තියා
යන්න ගිහින් එකට
1.30 - 4.30 - 5.30
සසල කරයි හද
දශක ගණනක
සුන්දර මතකය
මොක් සුව ප්‍රාර්ථනා