වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




පූර්ණකාලීන නළුවෙක්

පූර්ණකාලීන නළුවෙක්

මං විශ්‍රාම ගත්තනෙ.

රංගන ශිල්පී ශිරන්ත ප්‍රේමවර්ධන තම මිත්‍රයකුට එහෙම කියනවා.

විශ්‍රාම ගියා? කලාවෙන්ද?

මිත්‍රයාගේ පිළිතුරට ශිරන්තට හිනා.

නැහැ නැහැ. මං අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයකු විදිහට වැඩ කළානේ. අවුරුදු පහෙන් විශ්‍රාම යනවා. ඒකයි කිව්වේ.

දැන් එතකොට මොකද කරන්නේ?

දැන් ඉතින් ෆුල් ටයිම් රඟපානවා.

ශිරන්ත මේ වන විට පූර්ණකාලිනව රංගනයට ඇවිත් තියෙන්නේ. මේ දිනවල ඔහු ඉන්න නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඒ සූර්ය කුසුම, මුතුකුඩ සහ උත්තම පුරුෂ.