වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මල්ලවාරච්චිගේ ගීත මිල්ටන් පුතු හඬින්

මල්ලවාරච්චිගේ ගීත මිල්ටන් පුතු හඬින්

මිල්ටන් මල්ලවාරච්චි සහ මිල්ටන් පෙරේරා කියන්නේ අප සංගීත ලෝකයේ අයිකන් දෙකකි. ඒ දෙන්නා පෑ දස්කම්වලට අහලකටවත් එන්න අද පරපුරේ අයට හිතන්නවත් බැහැ. ඒතරම්ම ඔවුන් විශිෂ්ටයි. මේ දෙදෙනා ගැයූ බොහෝ ගීත විරහවට සමීප වුණත් ශෛලීන් දෙකක නිසා ඒවාහි ඇත්තේ වෙනමම රසයන්. මිල්ටන් මල්ලවාරච්චිගේ ඇවෑමෙන් ඔහුගේ පුතුන් ගායනයට පිවිසුණා. මිල්ටන් පෙරේරාගෙත් එහෙමයි. එහෙත් ඉකුත් දිනකදී ඉතාම විරල සිදුවීමක් සිදු වුණා. ඒ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතයක් ප්‍රියංකර පෙරේරා විසින් ගැයිීමයි. ස්වාධීන රූපවාහිනී වැඩසටහනකදියි එලෙස සිදු වුුණේ. මිල්ටන් මල්ලවාරච්චිගේ සොඳුරුතම ගියක් වුණු මධු මල ලෙස ගීතය ප්‍රියංකර ගැයුවේ හරිම රසවත්භාවයකින් යුතුවයි. කරුණාරත්න අබේසේකර ලියූ මේ ගීතය සංගීතවත් කොට තිබුණේ රොක්සාමි මාස්ටර්. එදා ප්‍රියංකර ගී ගැයුවේ රොක්සාමි උපහාරයටයි.